Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2028 වනවිට නිවාස 39000ක හිඟයක්: ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවත් උග්‍රවන ලකුණු

New Homes Under Construction in Las Vegas

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවදුරටත් උත්සන්න වන තත්වයක් ඇති වී ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ. National Housing Supply and Affordability කවුන්සලය විසින් තම ප්‍රථම පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව හෙළිදරව් කර තිබේ. ඔවුන්ගේ වාර්තාවට අනුව ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ නිවාස සම්බන්දයෙන් ඉතා දරුණු තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව පෙන්වා දේ.


Published

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවදුරටත් උත්සන්න වන තත්වයක් ඇති වී ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ. National Housing Supply and Affordability කවුන්සලය විසින් තම ප්‍රථම පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව හෙළිදරව් කර තිබේ. ඔවුන්ගේ වාර්තාවට අනුව ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ නිවාස සම්බන්දයෙන් ඉතා දරුණු තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව පෙන්වා දේ.


ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තවදුරටත් පවතින ඉල්ලුමට සරිලන සැපයීම ලබාදීමට නොහැකි තත්වයකට පත්වී ඇති බව වාර්තා වේ. නව නිවාස සැපයුම ඉහල දැමීමට කටයුතු කලද 2028 සහ 2029 වසර වන විට නිවාස 39000ක හිඟයක් ඇතිවන බව පුරෝකථනය කර තිබේ.

National Housing Supply and Affordability Council විසින් ඕස්ට්‍රේලියානු නිවාස පද්ධතියේ තත්වය පිලිබඳ 2024 වාර්තාව ඉදිරිපත් කරමින් සාමාන්‍ය ජනතාවට නිවාස ලබාගැනීමේ හැකියාව පිලිබඳව විමර්ශනය කර තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියානු ජනතාවගේ පවතින සැබෑ අවශ්‍යතාවයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බවට මෙම වර්තාව් අහරහා යෝජනා කර තිබේ.

169000ක් දෙනා රජයේ නිවාස ලබාදෙන පොරොත්තු ලේඛනයේ රැදී සිටින අතර තවත් 120000ක් නිවාස නොමැතිකමින් පීඩා විඳී.

ඔස්ට්‍රේලියාව වර්තමානය වනවිට ඉතා දරුණු නිවාස අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව National Housing Supply and Affordability Council හි සභාපති Susan Lloyd-Hurwitz පවසා සිටී. මෙම තත්වය දිගුකාලීනව පවතින ගැටළුවක් බවත් පවතින ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීමට ඇති නොහැකියාව හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් Susan වැඩිදුරටත් පවසා සිටී.

මෙහිදී ඉතා දරුණු තත්වයකට පත්වී ඇති මෙම ගැටලුව හේතුවෙන් මේ සඳහා සරල හෝ කෙටිකාලීන විසඳුම් නොපවතින බව ඇය වැඩිදුරටත් පෙන්වා දේ. මෙම වාර්තාවට අනුව 169000ක් දෙනා රජයේ නිවාස ලබාදෙන පොරොත්තු ලේඛනයේ රැදී සිටින බව වාර්තා වේ. තවත් 120000ක් නිවාස නොමැතිකමින් පීඩා විඳින බවද මෙමගින් පෙන්වා දේ.

පසුගිය කාලයේ නිවාස සැපයුම ඉතා පහල ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ ඉදිකළ නිවාස සංක්‍යාව 172000ක් වී තිබේ. මෙය පසුගිය වසර 10ක කාලය තුල වසරකදී ඉදිකළ අඩුම නිවාස ප්‍රමාණය බව වාර්තා වේ.

මෙහිදී රජය ඉදිරි වසර කිහිපය තුල නිවාස මිලියන 1.2ක් ඉද්කිරීමට ඉලක්කකර තිබුනද එම ඉලක්ක කරා ලඟා වීමට රජයට නොහැකි වනු ඇති බව මෙම වාර්තා මගින් පෙන්වා දී තිබේ.

මේ සඳහා බලපෑ ඇති ප්‍රධාන සාදක මොනවාද ?

  • සංක්‍රමණිකයින්ගේ පැමිණීම සීග්‍ර ලෙස ඉහල යාම
  • පොලී අනුපාත ඉහල යාම
  • ඉදිකිරීම් සමාගම් බංකොලොත් වීම
  • ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ පවතින ශ්‍රම හිඟය
  • ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉහල යාම
  • නිවාස වල ආයෝජනය සඳහා ආයෝජකයින් තුල පවතින අකමැත්ත

මෙහිදී අඩුආදායම් ලබන ජනතාව, ගෘහස්ත හිංසනය හේතුවෙන් පීදාවින්දින්නන්, ආදිවආසී ජනතාව සහ තරුණ පිරිස් මෙම නිවාස අර්බුධය හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ.

රජය විසින් ක්‍රියාත්මක නිවාස යෝජනාක්‍රම, ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ ධාරිතාව ඉහල දැමීම සහ ආදිවාසී ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම වැනි කාරනා 10ක් කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බව මෙම වාර්තාව හැර හා යෝජනා කර තිබේ.

ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොචාස්ට් මාධ්‍යයක් හරහා SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now