සංක්‍රමණිකයින්ගේ පැමිණීම ඇතුළු තවත් වැදගත් කරුණු රාශියක් පිළිබඳව ඕස්ට්‍රේලියානු ජනතාවගේ මත විමසීමක් කිරීමට Lowy ආයතනය පසුගියදා කටයුතු කර ඇත. මෙහිදී සමීක්ෂණයට සහභාගී වූ සෑම ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් එක අයෙක් ඔස්ට්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බව විශ්වාස කරන බව හෙළිවී තිබේ.
වසරකට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවට අවශ්‍ය නිවැරදි ප්‍රමාණය බව විශ්වාසකළ ඕස්ට්‍රේලියානුවන් ප්‍රමාණය 2014 වසරේදී 47%ක් වූ අතර 2024 වන විට එම ප්‍රමාණය 40% දක්වා අඩු වී ඇත.
මෙම අගය 2019 වසරේදී වාර්තා වූ අගයට වඩා සුළු ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත. කෙසේ උවත් 2014 වසරේ සමීක්ෂණ වාර්තා සමග සංසන්දනය කිරීමේදී සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය පිළිබඳව අසතුටෙන් සිටින ප්‍රමාණය සලකිවයුතු මට්ටමෙන් ඉහල ගොස් ඇතිබව දැකගත හැක.
මේ අතර වසරකට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවට අවශ්‍ය නිවැරදි ප්‍රමාණය බව විශ්වාසකළ ඕස්ට්‍රේලියානුවන් ප්‍රමාණය 2014 වසරේදී 47%ක් වූ අතර 2024 වන විට එම ප්‍රමාණය 40% දක්වා අඩු වී ඇත. මේ අනුව සංක්‍රමණිකයින්ගේ පැමිණීමේ ප්‍රමාණය පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් තුල යම් ප්‍රසාදයක් ඇති වී ඇති බව පෙනෙන්නට ඇත.
කෙසේ උවත් සෑම ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම ඕස්ට්‍රේලියාවේ ඇති බහු සංස්කෘතික සමාජය ඔස්ට්‍රේලියාවට ඉතා ඵලදායී දෙයක් බව පිළිගෙන ඇත. මෙහිදී ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය දශක ගණනාවක් තුල සිදුවූ සංක්‍රමණ වල ප්‍රතිඵලයක් බව මෙම වාර්තාවේ කතෘ Ryan Neelam පවසා සිටී. බහුසංස්කෘතික සමාජය ඔස්ට්‍රේලියාවට අනන්‍ය කාරණයක් බව බොහෝ ඕස්ට්‍රේලියානුවන් පිළිගත්තද සංක්‍රමණිකයන් පැමිණීමේ ප්‍රමාණය පිළිබඳව බොහෝ දෙනා අසතුටෙන් පසුවන බව Ryan වැඩිදුරටත් පවසා සිටියේය.
වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින උද්දමන තත්වය, ආර්ථික අර්බුදය සහ නිවාස ගැටලුව සඳහා සංක්‍රමණිකයින් විසින් සිදුකර ඇති බලපෑම සම්බන්දයෙන් මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල දේශපාලනික වශයෙන් දැඩි කතාබක් ඇති වී තිබේ. වර්තමාන අර්බුද වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඕස්ට්‍රේලියානු රජයද ශිෂ්‍ය වීස ඇතුළු තාවකාලික වීසා සම්බන්ද නීති දැඩි කිරීමටද කටයුතු කර ඇත. මේ අහරහා ඔස්ට්‍රේලියාවට පසුගිය වසරේ පැමිණි සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට රජය බලාපොරොත්තු වේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





