Tax return එකේදී සමහරුන්ට ATO එකට තවත් ගෙවන්න වෙන්නේ මෙන්න මේ හේතු නොදැන ඉන්න නිසා.

2024-08-08_19-38-45.png

Source: Getty / fizkes/iStockphoto

ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් මේ වන විට පසුගිය මූල්‍ය වර්ෂය සඳහා තමන්ගේ බදු ප්‍රතිලාබය එනම් Tax Return එක වෙනුවෙන් සූදානම් වේ. බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය එනම් ATO එක හරහා තමන්ට යම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. කෙසේ උවත් සමහර අවස්ථාවල ඔබට ATO ආයතනයට මුදල් ගෙවීමටද සිදුවේ. ඉතින් මේ ආකාරයට ඔබට ATO ආයතනයට මුදල් ගෙවීමට සිදුවිය හැක්කේ කුමන හේතු නිසාද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ.


ඕස්ට්‍රේලියාවේ tax return එක ලැබෙන මේ කාලයේ අමතර මුදලක් ATO ආයතනයෙන් ලැබෙනු ඇතිබවට බොහෝ දෙනා විශ්වාස කරයි. නමුත් ඉන් සමහරක් පුදුමයට පත්කරමින් ATO ආයතනයට මුදල් ගෙවීමට සිදුවන බවට ATO ආයතනය විසින් දැනුම් දීම් සිදුකර ඇත. මේ පිළිබඳව සමාජ මාද්‍ය හරහා ඇතැම් පිරිස් කතා බහ කිරීමටද පෙලම්බී ඇත.

ඔබේ ඉතුරුම් මත ලැබුණු පොලී හරහා අමතර ආදායමක් උපයා තිබීම , Medicare බද්ද හෝ Medicare levy surcharge ගෙවීමට සිදු වීම හෝ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සඳහා වන වට්ටම් වැඩිපුර ලබා ගෙන තිබීම හේතුවෙන්ද වසර අවසානයේ ATO ආයතනට හිඟ මුදල් ගෙවීමට ඔබට සිදුවිය හැක.

මෙහිදී වසර අවසානයේ ATO ආයතනයට ගෙවීමට සිදුවන්නේ ඇයි?

ඔබගේ ආදායමේ ප්‍රමාණයට අවශ්‍ය නිසි බදු මුදල් ප්‍රමාණය රඳවා ගැනීමට ඔබගේ සේවා යෝජකයා කටයුතු නොකිරීම මෙයට හේතුව වේ. උදාහරණයක් ලෙස රැකියා එකකට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන පිරිස් මෙම අවස්ථාවට බහුලවම මුහුණ දේ. මෙහිදී බදු රහිත ආදායම් ප්‍රමාණය රැකියා දෙකේම සේවායෝජකයින් භාවිතා කිරීම හේතුවෙන් ATO ආයතනය වෙත ලැබෙන බදු ප්‍රමාණය අඩු වේ. මේ හේතුවෙන් වසර අවසානයේ ATO ආයතනය වෙත හිඟ මුදල් ගෙවීමට සිදුවිය හැක.

මීට අමතර රජයෙන් විවිද සහන සහ දීමනා ලැබී තිබූ අවස්ථාවල ඒවා සඳහා අදාළ බදුමුදල් ගෙවීමට සිදුවිය හැක. මෙහිදී බොහෝ දෙනා එම අමතර ආදායම තම මුළු ආදායමට එකතු නොකිරීම හේතුවෙන් අනපේක්ෂිත ලෙස ATO ආයතනයට හිඟ මුදල් ගෙවීමට සිදුවිය හැක.

මීට අමතරව අධ්‍යාපනය සඳහා ලබාගෙන ඇති HELP හෝ HECS ණයමුදල් සම්බන්දව සේවා යෝජකයා දැනුවත්කර නොමැති අවස්තාවලදී ඊට අදාළ මුදල් රඳවා තබා ගැනීමක් සිදු නොවේ. මේ හේතුවෙන්ද වසර අවසානයේ ATO ආයතනට හිඟ මුදල් ගෙවීමට ඔබට සිදුවිය හැක.

මීට අමතරව ඔබේ ඉතුරුම් මත ලැබුණු පොලී හරහා අමතර ආදායමක් උපයා තිබීම , Medicare බද්ද හෝ Medicare levy surcharge ගෙවීමට සිදු වීම හෝ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සඳහා වන වට්ටම් වැඩිපුර ලබා ගෙන තිබීම හේතුවෙන්ද වසර අවසානයේ ATO ආයතනට හිඟ මුදල් ගෙවීමට ඔබට සිදුවිය හැක.

ඔබට ATO ආයතනයට හිඟ මුදල් ගෙවීමට සිදු උවහොත් ඒ සඳහා විවිද පහසු ගෙවීමේ ක්‍රම වෙත යොමුවීමේ හැකියාවද පවතී.

සාමාන්‍යයෙන් මෙම හිඟ මුදල් ගෙවා අවසන් කිරීමට නිශ්චිත දිනයක් සඳහන් කර එවීමට ATO ආයතනය කටයුතු කරයි. මෙහිදී එම දිනය වනවිට මෙම හිඟ මුදල් ගෙවා දැමීමට ඔබ අපොහොසත් උවහොත් ඒ සඳහා පොලියක් එකතුවීමද සිදුවේ. කෙසේ උවත් මෙම හිඟ මුදල් ගෙවා දැමීමට යම් අපහසුතා ඇත්නම් ඒ සඳහා පහසු ගෙවීමේ ක්‍රම ලබා දීමට ATO ආයතනය කටයුතු කරයි.

මේ ආකාරයට වසර අවසානයේ හිඟමුදල් ගෙවීම වලක්වා ගැනීමට ඔබට කලහැක්කේ කුමක්ද?

මෙහිදී විශේෂයෙන්ම ඔබ එක රැකියාවකට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් සිදුකරනවානම් බදු රහිත ආදායම් ප්‍රමාණය එක රැකියාවක් සඳහා පමණක් භාවිතා කිරීම සිදුකලයුතු වේ. මීට අමතරව HECS හෝ HELP වැනි අධ්‍යාපනය සඳහා වන ණය ගෙවීමට ඔබට ඇත්නම් ඒ පිළිබඳව ඔබගේ සේවායෝජකයා දැනුවත්කර සිටීම ඉතා වැදගත් වේ.

මීටමතරව ඔබට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ඇත්නම් ඔබගේ ආදායම් වෙනස්වීම් එම රක්ෂණ ආයතනයට දැනුම් දී තිබීම වැදගත් වේ. ඒ හරහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහල වට්ටම් ප්‍රමාණයක් Medicare හරහා ලබා ගැනීම සිදු නොවනු ඇත.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now