Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Victoria වල සමහර කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා නෑ: රහසිගත පර්යේෂණයක ප්‍රතිඵල හෙළිකරයි

For rent sign

For rent sign Credit: Thomas Winz/Getty Images

වික්ටෝරියානු කුලී නිවාස ඉලක්ක කර පවත් වූ රහසිගත පර්යේෂණයක ප්‍රතිඵල හෙළිදක්වා තිබේ. ඒ අනුව මෙම නිවාස වෙළඳ පොළ තත්වය ඉතා කනගාටු දායක බව පෙන්වා දී තිබේ.


වින්ඩ්හැම් වේල් සහ බෙන්ඩිගෝ හි ඇති නිවාස 100 ක මෙම mistery Shopping හෙවත් රහස් පරීක්ෂා කරන ලද දේපලවලින් බහුතරයක් වික්ටෝරියා හි අවම කුලී නිවාස ප්‍රමිතීන්ට අනුකූල වන අතර, වඩා දැරිය හැකි මිලගණන් වල පවතින නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරාලීමට අපොහොසත්වන බව හෙළිකර තිබේ.

 

පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය Consumer Policy Research Centre සහ Tenants Victoria ආයතන මෙම වාර්තාව නිකුත් කර ඇත. දැරිය හැකි මිල මට්ටම් වල පවතින නිවාස වල නඩත්තුව සම්බන්ද ගැටළු හෝ අවම ප්‍රමිතීන් පිළිබඳ ගැටළු බොහෝවිට ඇති බව මෙම වාර්තාවෙන් හෙළිකර තිබේ.

පවතින තරඟකාරී කුලීනිවාස වෙළඳපොල හේතුවෙන් බොහෝදෙනා මෙම අනාරක්ෂිත හා ජීවත්වීමට නුසුදුසු නිවාස තෝරාගැනීමට පෙළඹෙනවා.
Erin Turner - The research centre

වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී දේපල සඳහා තිබිය යුතු අවම අවශ්‍යතා මොනවාද?

2021 දී වික්ටෝරියානු රජය අවම ප්‍රමිති නීතිය එනම් the minimum standards law හඳුන්වා දුන්නා. මෙමගින් 2021 මාර්තු 29 සිට කුලියට දෙන නිවාස කුලී නිවැසියන් වෙත නිවස භාර දෙන අවස්ථාව වනවිට අවම අවශ්‍යතාවන් වත් සපුරාලිය යුතු වේ.

මෙහිදී කුලී නිවාස ගොඩනැගිල්ල පුස් බැදී හෝ අපද්‍රව්‍ය වලින් තොර විය යුතුයි. එසේම නිවසේ සාලය කොටසට විදුලිය පිරිමසන හොඳ තත්වයේ තපකයක් එනම් heating system එකක් ලබාදිය යුතු වේ. මෙහිදී අදාළ තත්වයන්ට අනුකූල විදුලි ස්විච් පුවරු, පරිපථ කඩන සහ ආරක්ෂිත ස්විච තිබීම අත්‍යවශ්‍ය වේ.

තවද පහත අවම සුදුසුකම් සපුරා තිබීම අතවශ්‍ය වේ

  • පිටත දොරවල් සඳහා දොර අගුලු
  • විවුත කල හැකි සහ වැසිය හැකි පිටත ජනෙල
  • නිවසේ සියලු කොටස් ආවරණය වන පරිදි විදුලි බුබුළු.
  • හොඳ තත්වයේ මුළුතැන් ගෙයක්
  • හොඳ තත්වයේ පවතින වැසිකිලියක්
Screenshot Housing.png
Minimum Standards for Victorian Rental Properties

Melbourne නගරයේ Vyndham Vale සහ Central Victoria හි Bendigo ප්‍රදේශයේ නිවාස 100ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබේ. සතියකට කුලිය $300 සිට $569 නිවාස මෙයට ඇතුලත් වී තිබේ.

මෙම නිවාසවලින් හතරෙන් එකකට වඩා නඩත්තු ගැටළු පවතී. නිවෙස් නවයක පුස් බැදනු ගොඩනැගිලි වූ අතර නිවෙස් 15ක ම අවම ගුණාත්ම මට්ටමේ තාපන එනම් heating system එකක් නොතිබිණ. මෙයින් නිවාස 26 හොඳ ප්‍රමිතියේ ගිනිගැනීම් අනතුරු හැඟවීමේ ක්‍රමයක් එනම් Smoke Alarm System එකක් නොතිබු අතර නිවාස 10 ක ජනෙල් ආවරණ හෝ තිර රෙදි නොතිබුණි.

මෙහිදී අඩු කුලී මිල ගණන් යටතේ පවතින නිවාස වලින් සියයට 40 ක් පමණ හොඳින් නඩත්තු කර නැති බව හෙළිවී තිබේ.

අදාළ දේපල නියිජිතයින්ගෙන් මෙම තත්වයන් සහ නඩත්තු කිරීම් ගැන විමසා ඇති අතර ඔවුන්ගෙන් භාගයකට පමණක් මේසඳහා නිසි පිළිතුරු ලබා දීමට හැකිවී තිබේ. ඔවුන්ගෙන් 13 දෙනෙකුට කිසිම තොරතුරක් ලබා දීමට අපොහොසත් වී ඇත.

කුලී නිවැසියන් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා ඒ සම්බන්ද නීති බලාත්මක කිරීම මෙම වාර්තාව මගින් යෝජනා කර සිටී.

මෙම වාර්තාව මගින් කුලී නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට යෝජනා 7ක් ඉදිරිපත් කර තිබේ. තවදුරටත් මෙම වාර්තාවෙන් නිවසක් කුලියට දීමේදී අවශ්‍ය තොරතුරු ඇතුලත් සවිස්තරාත්මක මගපෙන්වීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස Consumer Affairs Victoria ආයතනය වේ ත යෝජනා කර සිටී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now