Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සුපිරි වෙළඳසල් බොරු මිල ගණන් පෙන්වා පාරිභෝගිකයින්ව නොමග යවලා. Coles සහ Woolworths වෙත චෝදනා

CANBERRA PANIC BUYING
(AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔබ ඕස්ට්‍රේලියාවේ වාසය කරන කෙනෙක් නම් Coles සහ Woolworths සමාගම් ගැන හොඳ අවබෝදයක් ඇති. විශේෂයෙන්ම මෙම සුපිරි වෙළඳසල් ජාල වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන විශේෂ වට්ටම් සහ මිල අඩුකිරීම් ගැන ඔබට හොඳ අවබෝදයක් ඇති. කොහොම උනත් මෙම වට්ටම සහ මිල අඩුකිරීම් ව්‍යාජ ලෙස තම පාරිභෝගිකයින් මුලා කිරීමට යොදාගෙන ඇති බව අලුත්ම වර්තාවකින් හෙළි කරලා තියෙනවා.


Published

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔබ ඕස්ට්‍රේලියාවේ වාසය කරන කෙනෙක් නම් Coles සහ Woolworths සමාගම් ගැන හොඳ අවබෝදයක් ඇති. විශේෂයෙන්ම මෙම සුපිරි වෙළඳසල් ජාල වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන විශේෂ වට්ටම් සහ මිල අඩුකිරීම් ගැන ඔබට හොඳ අවබෝදයක් ඇති. කොහොම උනත් මෙම වට්ටම සහ මිල අඩුකිරීම් ව්‍යාජ ලෙස තම පාරිභෝගිකයින් මුලා කිරීමට යොදාගෙන ඇති බව අලුත්ම වර්තාවකින් හෙළි කරලා තියෙනවා.


ඔබ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා යනවිට විශේෂ මිල අඩුකිරීම් එහෙමත් නැතිනම් විශේෂ වට්ටම් සහිත කහ පාට දැන්වීම් ඔබ දැක ඇති. මේවා විශේෂ වට්ටම් දීමක් ලෙස පාරිභෝගිකයින්ට ඒත්තු ගන්වා පෙර පවතී මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම සිදු කරන බව වාර්තා වේ. මෙය මෙම සුපිරි වෙළඳසැල් භාවිතා කරන උපක්‍රම වලින් එකක් පමණක් බව පාරිභෝගික අයිතීන් සම්බන්ද ක්‍රියාකාරී කණ්ඩායමක් වන CHOICE ආයතනය පවසා සිටී.

CHOICE ආයතනය විසින් මේ සම්බන්දයෙන් සමීක්ෂණයක් සිදුකර තිබේ. මෙහිදී Coles සහ Woolworths සමාගම් දෙකේම මෙසේ දක්වා ඇති වට්ටම් සත්‍යවශයෙන්ම මිල අඩුකිරීම්ද යන්න පිලිබඳ තමන් සැක කරන බව 80% දෙනා පවසා ඇත.

විවිද වර්ණවලින් වට්ටම් ලබාදීම් ප්‍රදර්ශනය කරන මෙම දැන්වීම් පරිභෝගිකයින්ව ව්‍යාකූල තත්වයකට පත් කරන බව මෙම සමීක්ෂණයට සහභාගි වූ අයෙක් පවසා තිබේ. මෙහිදී අදාළ භාණ්ඩයේ පෙර පවතී මිල ඉතා කුඩාවට මුද්‍රණය කර ඇති අතර මෙය නිසියාකාරව නිරීක්ෂණය කිරීම ඉතා අපහසු බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

විවිද ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරමින් මෙම සුපිරි වෙළඳසැල් තම පාරිභෝගිකයින් ව්‍යාකූල තත්වයකට පත්කරන බව Choice ආයතනයේ ජේෂ්ඨ උපදේශකයකු වන Bea Sherwood පවසනවා. මේ නිසා බොහෝ පාරිභෝගිකයින් අදාළ භාණ්ඩය සඳහා ඇත්ත වශයෙන්ම අඩු මිලක් ගෙවන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් වික්ෂිප්තව සිටින බව ඔහු පවසා සිටී.

පාරිභෝගිකයින්ට පැහැදිලි සහ විනිවිද මිල නියම කිරීමක් ලබා දිය යුතුයි. ඒ සඳහා සුපිරි වෙළඳසැල් වලට බල කිරීමට නව නීති අවශ්‍යයි
Bea Sherwood - CHOICE senior campaigns and policy advisor

සුපිරි වෙළඳසැල් වල දක්නට ඇති උපක්‍රම මොනවද?

සුපිරි වෙළඳසල් වලදී පෙර මිල සහ වර්තමාන මිල දක්වන Was/Now' මිල නියම කිරීම් ඔබ බොහෝ විට දැක ඇති. මෙහිදී සිදුවන්නේ පෙර පවතී මිල සඳහන් කර දැන් ඉතා අඩු මිලක් පවතින බව පාරිභෝගිකයාට ඇඟවීමයි. මෙහිදී හිතාමතා ඉහල දැමූ මිල නැවත අඩුකිරීමක් ලෙස හුව දැක්වීමක් සිදුවිය හැකියි.

මේ සඳහා කදිම උදාහරණයක් Choice ආයතනය විසින් ඉදිරිපත් කර තිබේ. Sydney නුවර Marrickville නගරයේ Coles ශාකාවක් මගින් Palmolive Shower Scrub Coconut Butter මිලි ලීටර 400ක් විශේෂ මිල අඩු කිරීමක් ලෙස $4.50 ට පෙන්වා දී තිබේ. මෙහි පෙර පවතී මිල වශයෙන් සටහන් වූයේ $6.49 කි. නමුත් මෙය 2017 එනම් අවුරුදු 5කට පමණ පෙර පවතී මිල වන අතර එය මෙම Coles ශාකව ආරම්භ කිරීමටත් වසර තුනහමාරකට පමණ පවතී මිල වේ.

Screenshot (27).png
Screenshot (26).png

මෙසේ වට්ටම් ලබාදීම් පෙන්වන අවස්තාවන් වලදී සුපිරි වෙළඳසැල් වලට භාණ්ඩයක මිල කෘත්‍රිමව වැඩි වූ කාල සීමාවක් පමණක් තෝරා ගත නොහැකි බව CHOICE ආයතනය පවසයි. මෙහිදී යම් කාලයක් පුරාවට සිදුවූ මිලගණන් උච්චාවචනය නොසලකා හැරීමක් සිදුවේ. මෙහිදී පෙර පැවති මිලටත් වඩා ඉහල මිලක් ගෙවීමට සිදුවිය හැකි බව සුපිරි වෙළඳසැල් මිල ගණන් පිළිබඳ සෙනෙට් තේරීම් කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් Choice ආයතනය පවසා සිටී.

සුපිරි වෙළඳසැල් භාවිතා කරන තවත් උපක්‍රමයක් වන්නේ අඩුකරන ලද මිල ලෙස පෙර පවතී මිලම සඳහන් කිරීමයි. මෙහිදී මිල අඩුකරන ලද බව සඳහන් ස්ටිකරය යට එම මිලම පෙර පවතී මිල ලෙස සටහන් වී තිබෙනු ඔබට දැක ගන්න පුළුවන්. මෙහිදී සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයින් මුලාකිරීමක් සිදුවේ.

While Stock Lasts තොග අවසන් වනතුරු ලෙස සටහන් කරන ලද ලේබල් භාවිතයද මෙම වෙළඳසැල් යොදා ගන්නා තවත් උපක්‍රමයක් වේ. මෙහිදී වට්ටම් ලබාදෙන ලේබලයේ අක්කරයටම මෙම ලේබලය නිර්මාණය කර තිබීම නිසා එය මිල අඩුකිරීමක් ලෙස පාරිභෝගිකයින් මුලාවට පත් වීමක් සිදුවේ.

"fresh special", "new" or "introductory price ලෙස සටහන් වන ලේබල් මේ ආකාරයේම තවත් උපක්‍රමයක් වේ. මෙහිදී එම භාණ්ඩ මිල අඩු කිරීමක් සිදුකර ඇති බවට පාරිභෝගිකයින්ට වක්‍රාකාරව ඇඟවීමක් සිදු කෙරේ.

Screenshot (25).png

මෙයට උදාහරණයක් ලෙස Choice සමගම Sydney නුවර Marrickville හි Woolworths ශාඛාවක Low Price ලෙස නම්කර තිබු අවස්තාවක් පෙන්වා දේ. එහිදී පෙර පැවති ලේබලය උඩින්ම මෙලෙස Low Price ලෙස සටහන් කර ඇති අතර එය සත්‍ය වශයෙන්ම මිල අඩුකිරීමක් ද යන්න සම්බන්ධයෙන් ගැටළු පවතින බව Choice සමගම පවසා සිටී.

විශේෂ ත්‍යාග හෝ වට්ටම් ලබා දීම මඟින් පාරිභෝගිකයින් ව්‍යාපාරය සමඟ සම්බන්ධව තබා ගැනීම සිදුකරන Loyalty වැඩසටහන් මගින්ද පාරිභෝගිකයින්ට අනවශ්‍ය පීඩනයක් ඇතිකරන බව Choice සමාගම පෙන්වා දේ. මෙම Loyalty වැඩසටහන් සඳහා ලියාපදිංචි වූ අයට පමණක් විශේෂ වට්ටම් ලබාදීම සිදුවන බව ප්‍රචාරණය කිරීම මෙහිදී සිදුවේ.

බොහෝ පාරිභෝගිකයින් මේ සම්බන්දයෙන් දැඩි කලකිරීමට පත්වී ඇති බව Choice ආයතනයේ Bea Sherwood පවසා සිටී. පාරිභෝගිකයින්ට අධික පීඩනයක් එල්ල කිරීම මගින් Loyalty වැඩසටහන් හා සම්බන්ද වීම හෝ තමන්ට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ලබාගැනීමට පොළඹවන බව ඔහු වැඩි දුරටත් පවසා සිටී.

මෙහිදී පාරිභෝගිකයින් නොමග යවන ආකාරයේ ප්‍රචාරණ උපක්‍රම තහනම් කලයුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර පෙර පැවති මිල ගණන් පාරිභෝගිකයින්ට අපහසුවකින් තොරව ලබා ගැනීමේ හැකියාව ලබා දිය යුතු බවද ඔහු යෝජනා කර තිබේ.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීති වලට අනුකූලව කටයුතු කිරීමට සෑම විටම තමන් බැදී සිටින බව Woolworths සමාගමේ ප්‍රකාශකයකු SBS ප්‍රවුර්ති සේවය වෙත පවසා තිබේ. වට්ටම් සහ දීමනා ලබාදීමේදී නිවැරදි මිලගණන් සඳහන් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස සලකන බවත් මෙහිදී තම පාරිභෝගිකයින්ට නිවැරදි මිල ගණන් පිලිබඳ දත්ත ලබාදීමට සෑම විටම කටයුතු කරන බවත් Coles ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now