Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අනුමැතිය ලබා ගැනීමට දැන් වැඩි ඉතුරුම් ප්‍රමාණයක් පෙන්වීම අවශ්‍යයි: මෙන්න නව නීති

Visa Requirements.jpg

image : pexels.com

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබා දීමේ ක්‍රමවේදය දැඩි කිරීමට ඔස්ට්‍රලියානු රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ශිෂ්‍ය වීසා ලබාගැනීමේදී ශිෂ්‍යයින් ඉදිරිපත් කලයුතු ඉතුරුම් ප්‍රමාණය ඉහල දැමීමට සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අන්තර්ජාතික ශිෂ්‍යයින් බඳවා ගන්නා අධ්‍යාපන ආයතනවලට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමටට රජය ජටයුතු කරමින් සිටී.


Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබා දීමේ ක්‍රමවේදය දැඩි කිරීමට ඔස්ට්‍රලියානු රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ශිෂ්‍ය වීසා ලබාගැනීමේදී ශිෂ්‍යයින් ඉදිරිපත් කලයුතු ඉතුරුම් ප්‍රමාණය ඉහල දැමීමට සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අන්තර්ජාතික ශිෂ්‍යයින් බඳවා ගන්නා අධ්‍යාපන ආයතනවලට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමටට රජය ජටයුතු කරමින් සිටී.


ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට වීසා බලපත්‍රයක් සඳහා අනුමැතිය ලබා ගැනීමට දැන් වැඩි ඉතුරුම් ප්‍රමාණයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. පසුගිය කාලයේ ශිෂ්‍ය වීසා ලබා දීමේ ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතී. ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින් අඩු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.

ශිෂ්‍ය වීසා ලබා ගැනීමට අවශ්‍ය නව ඉතුරුම් ප්‍රමාණය කොපමණද?

නවතම සංශෝධන වලට අනුව ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී අන්තර්ජාතික සිසුන් විසින් A$ 29,710ක අවම මුදලක් තම ඉතුරුම් වල ඇතිබව සනාථ කලයුතු වේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ප්‍රථමයෙන්ම මෙම ඉතුරුම් අවශ්‍යතාව ඉහල දැමීමට කටයුතු කර තිබිණ. මෙහිදී 2019 සිට පැවති $21,041 ඉතුරුම් අවශ්‍යතාව $24,505 දක්වා ඉහල දමා තිබිණ.

ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණිකයින් අඩුකිරීමේ වැඩපිළිවෙලේ එක කොටසක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි වේ.
International Student Visas.png

විදේශීය සිසුන්ට මේ ආකාරයට වැඩි ඉතුරුම් අවශ්‍යතා පැනවීමට හේතු මොනවාද?

ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණිකයින් අඩුකිරීමේ වැඩපිළිවෙලේ එක කොටසක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි වේ. ජාත්‍යන්තර අධ්‍යාපනය ඕස්ට්‍රේලියාවේ විශාලතම ආදායම් මාර්ග වලින් එකක් වන අතර පසුගිය මූල්‍ය වර්ෂයේ එහි වටිනාකම ඩොලර් බිලියන 36.4 කි.

නමුත් ඕස්ට්‍රේලියාව පවතින දැඩි නිවාස අර්බුදය සහ ඉහළ යන කුලී නිවාස මිල හේතුවෙන් සංක්‍රමණය පාලනය සම්බන්ධයෙන් රජයට පීඩනයක් එල්ල වී තිබේ. ජනගහන වෙනස්වීම් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ශුද්ධ විදේශීය සංක්‍රමණය 2023 සැප්තැම්බර් 30 දක්වා වන වසරක කාලයේදී 548,800ක් වී තිබේ. මෙය සියයට 60 කින් සංක්‍රමණ ඉහළ යාමක් වේ. මේ අනුව ඉදිරි වසර දෙක තුළ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගැනීම අඩකින් පමණ අඩු කිරීමට තම ප්‍රතිපත්ති මගින් හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

සංක්‍රමණ මට්ටම් සැලකිය යුතු ලෙස අඩු කරමින් සිටින බවත් - යුද්ධයෙන් හෝ වසංගත තත්වය හැරුණු විට ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සංක්‍රමණ සංඛ්‍යාවේ විශාලතම පහත වැටීම සිදුවනු ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ'නීල් පැවසීය.

Net Overseas Migration.png

ජාත්‍යන්තර සිසුන් සඳහා වෙනස් වූ අනෙකුත් අවශ්‍යතා මොනවාද?

ජාත්‍යන්තර සිසුන් සඳහා වූ ඉංග්‍රීසි භාෂා ලකුණු මට්ටම් පසුගිය කාලයේදී ඉහල දැමීමට තීරණය වී තිබිණ. මෙහිදී උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ගේ පෙර පවතී IELTS 5.5ක ලකුණු මට්ටම 6 දක්වා ඉහල දැමීමට කටයුතු කර තිබේ. Temporary Graduate visa බලපත්‍රයක් සඳහා අවශ්‍ය අවම ලකුණු මට්ටම 6.0 සිට 6.5 දක්වා වැඩි වී ඇත. මේ අතර ශිෂ්‍ය භාවයේ රැඳී සිටිමින් වීසා කාලය දිගුකිරීමට ඇති හැකියාවන් අවම කිරීමටද ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී.

වංචනික බඳවා ගැනීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට අනතුරු අඟවන්නේ ඇයි?

ව්‍යාජ ලෙස සිසුන් බන්දවාගනීම සම්බන්දයෙන් විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙහිදී අධ්‍යාපන ආයතන 34ක් සඳහා මේ ආකාරයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ'නීල් පැවසීය. මේ අනුව නිවැරදි ක්‍රියාකලාපයන් අනුගමනය කිරීමට ඔවුනට මාස හයක කාලයක් ලබා දී තිබේ. ව්‍යාජ ලිපි ලේඛණ භාවිතා කරමින් නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියට පිටින් යන අධ්‍යාපන ආයතන තහනම් කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ'නීල් වැඩිදුරටත් පවසා සිටී.

ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොචාස්ට් මාධ්‍යයක් හරහා SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now