ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 01 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ නව ගල් අඟුරු සහ ගෑස් ව්‍යාපෘතිවලට අවසර නොදීමට ග්‍රීන්ස් පක්ෂයෙන් මධ්‍යම රජයට නොකඩවා දැඩි පීඩනයක්.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් යෝජනා කරමින් අගමැති Albanese කළ කතාවට ස්වදේශික ඔස්ට්‍රේලියානු නායකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර.
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ඇතැම් ශ්‍රමිකයින්ට 6% ක වැටුප් වැඩිවීමක්.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පාසල් අතිරේක කාර්ය මණ්ඩලය 200කට වඩා බඳවා ගැනීමට තීරණය කරයි.
- නව මුල්‍ය වර්ෂය සඳහා Australian Capital Territory හි අය වැය හෙට ඉදිරිපත් කෙරේ.
- දැඩි ව්‍යසනයක් බවට පත්ව ඇති Monkeypox වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා වැඩි වැඩියෙන් පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලයි.
- 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ.
Share






