මීට වසර දෙකකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම බෞද්ධයන්ට ඉතාම වැදගත් සිදුවීමක් සිදු වුනා. ශ්‍රිලංකාවේ අනුරාධපුරයේ වැඩසිටිනා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහ්සේ නමක් ඔස්ට්‍රේලියාවට වැඩම කරලා ඔස්ට්‍රේලියාවේ රෝපණය කළා. මෙය සිදු උනේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ තියෙන බෝධි ධම්ම විහාරස්ථානයේ. ඉතින් මේ වනවිට මේ අංකුර බෝධීන් වහන්සේට ඔස්ට්‍රේලියාවෙන් විශේෂ පිළිගැනීමක් ලැබිල තියෙනවා. ඔස්ට්‍රේලියාවේ උරුම ලැයිස්තුවට, සුවිශේෂී වටිනාකමක් සහිත ශාකයක් ලෙස මේ අංකුර බෝධීන් වහන්සේ ලේඛන ගත වෙනවා කියල අපිට දැන ගන්නට ලැබුනා.
ඉතින් මේ ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔබට තොරතුරු ගෙන එන්න SBS සිංහල සේවයේ අපි සම්බන්ධකර ගත්තා බෝධි ධම්ම විහාරස්ථානයේ සංවිධායක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන දීප්ත වික්‍රමරත්න. SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






