ඕස්ට්‍රේලියාවේ ජනතාව මියයාමට හේතුවන ප්‍රධාන රෝග ගැන අලුත්ම තොරතුරු මෙන්න.

Senior female patient in bed with concerned medical staff

Nurses and a doctor treating a senior woman in hospital. Credit: JohnnyGreig/Getty Images

ඕස්ට්‍රේලියාවේ ජනතාව මියයාමට හේතුවන ප්‍රධාන රෝග සම්බන්දව නවතම වාර්තාවක් එළිදක්වා තිබේ. Australian Institute of Health and Welfare ආයතනය විසින් 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ ජනතාව මියයාමට බලපෑ රෝග සම්බන්දව මෙම අධ්‍යයනය සිදුකර ඇත.


2022 වසරේදී ඕස්ට්‍රේලියානු ජනතාවගේ මරණ වලට බලපෑ ප්‍රධාන රෝග 5 මෙසේයි.

  • හෘද රෝග (coronary heart disease) - ඕස්ට්‍රේලියාවේ සිදුවූ මරණ වලින් 20% ක් සඳහා මෙය හේතුවී ඇත.
  • ඩිමෙන්ශියා රෝගය (dementia ) - මරණවලින් 18%ක් සඳහා මෙය හේතු වී ඇත. 
  • අධිරුධිර පීඩනය (hypertension or high blood pressure) - මරණවලින් 12%ක් සඳහා මෙය හේතු වී ඇත.
  • මොලයේ රුධිර සැපයුමේ ඇතිවන භාදා හෝ ඇනහිටීම් (cerebrovascular disease/stroke) - මරණවලින් 11.5%ක් සඳහා මෙය හේතු වී ඇත.
  • දියවැඩියාව (Diabetes) - මරණවලින් 11.4%ක් සඳහා මෙය හේතුවී ඇත.
2024-06-21_12-16-47.png
Source: SBS Credit: Source: AIHW 'What do Australians die from?' (2024)

මෙහිදී කාන්තා සහ පිරිමි අයගේ මරණ සඳහා බලපෑ රෝග වර්ගීකරණය කර තිබෙනවා. එහිදී කාන්තාවන්ගේ මරණ වලට ප්‍රධාන හේතුව ඩිමෙන්ෂියා රෝගය බව වාර්තා වේ. පිරිමින් මිය යාමට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ හදවත් රෝග බවද වාර්තා වේ.

මරණවලට හේතු වූ අවදානම් සාධක මොනවාද?

මෙම මරණවලට බලපෑ ප්‍රධාන අවධානම් සාධකය ලෙස දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත හඳුනාගෙන ඇත. මෙහිදී අධි රිධිර පීඩනය මෙන්ම ස්ථුල භාවයද ඔස්ට්‍රේලියාව තුල සිදුවන මරණවලට බලපෑ ප්‍රධාන සාධක බව හඳුනාගෙන ඇත.

2024-06-21_12-17-51.png
Credit: Source: AIHW 'What do Australians die from?' (2024)

මෙහිදී ඔස්ට්‍රේලියාව තුල සිදුවන මරණ බොහොමයක් සඳහා නරක සෞඛ්‍ය පුරුදු හේතුවී ඇති බව පෙනෙන්නට ඇත. විශේෂයෙන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අවම කිරීම, නිසියාකාරව බර පාලනය සහ ව්‍යායාම් වල නිරතවීම හරහා බොහෝ රෝගා සඳහා බලපාන්නා වූ හේතු සාදක මගහරවා ගත හැකි බව මෙහිදී පැහැදිලිවේ.

2024-06-21_12-18-22.png
Credit: Source: AIHW 'What do Australians die from?' (2024)

මීට අමතරව නිරන්තරයෙන් තම වෛද්‍යවරයා හමුවී හදවත් රෝග නිෂ්චය සඳහා සිදුකරන පරීක්ෂණ වැනි සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම හරහා ඔබට පවතින අවධානම විශාල වශයෙන් අඩුකර ගැනීමේ හැකියාව පවතී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now