ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අයදුම් කිරීමේ විභාගයෙන් සමත් වන පිරිස 2019 වසරට සාපේක්ෂව සීග්‍රයෙන් අඩුවී ඇතිබව වාර්තා වේ. මෙහිදී 2019 වසරේ මේ සඳහා පෙනී සිටි පිරිසෙන් 87%ක් සමත් වී ඇති අතර 2021 වසර වනවිට සමත්වී ඇති ප්‍රමාණය 67% දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.
ඔබ වයස අවුරුදු 18ත් 59ත් අතර අයකුනම් ඔබට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන විභාගයට පෙනීසිටීමට අවශ්‍ය විය හැක.
මෙම විභාගය සමත් වීමට නම් ඔබ පහත කරුණු සපුරාලිය යුතු වේ.
- බහුවරණ ප්‍රශ්න 20 කට පිළිතුරු ලබා දීම
- ඕස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ ප්‍රශ්න පහටම නිවැරදිව පිළිතුරු දීම
- අවම වශයෙන් සියයට 75 ක සමස්ත ලකුණක් මට්ටමක් ලබා ගැනීම.
මෙහිදී මෙම විභාගය ඉංග්‍රීසි භාශාවෙන් පමණක් පැවැත්වෙන අතර මෙය වෙනත් භාශා වලින් පැවැත්වීම සඳහා යෝජනාද ඉදිරිපත් වී තිබේ.
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා $560 ක් වැයවේ.
ඕස්ට්‍රේලියානු පුරවැසි අයදුම්පත් අනුමත වීමට කොපමණ කාලයක් ගතවේද?
මෙහිදී අයදුම්පත්‍ර අනුමත වීම සඳහා ගතවන කාලය එක් එක් අයදුම් පත්‍රය අනුව වෙනස් වේ. කෙසේ උවත් ලැබී ඇති අයදුම්පත්‍ර සන්ක්යාවෙන් අඩක් පමණ මාස හයක් ඇතුළතද ඉන් 90%ක් පමණ මාස 10ක් ඇතුළතද පරීක්ෂාකර අවසන් කිරීමට කටයුතු කර ඇත.
පුරවැසිභාවය සඳහා වන අයදුම්පත්‍රයේ ඔබේ අනන්‍යතාවය සඳහා තහවුරු කිරීම් කල හැක්කේ කාටද?
ඔබේ අයදුම් පත්‍රයේ ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා හැකියාව පවතින වුර්තීන් 39 රජය විසින් සඳහන් කර ඇත. මෙහිදී මෙම අනන්‍යතාවය සඳහන් කරන පුද්ගලයා ඔබේ සහකාරිය හෝ සහකරුවා හෝ තම පවුලේ ඥාතියෙක් හෝ නොවිය යුතුයි. එම පුද්ගලයා ඔබව වසරකට වැඩිකාලයක් දැන සිටීම අවශ්‍ය වේ.
- Australian consular or diplomatic officer
- Bailiff
- Bank officer
- Building society officer
- Chiropractor
- Clerk of court
- Commissioner for Affidavits
- Commissioner for Declarations
- Credit union officer
- Dentist
- Fellow of the National Tax and Accountants' Association
- Finance company officer
- Judge of a court
- Justice of the peace
- Legal practitioner
- Magistrate
- Marriage celebrant
- Master of a court
- Medical practitioner
- Member of Chartered Secretaries Australia
- Member of Engineers Australia (students excepted)
- Member of the Association of Taxation and Management Accountants
- Member of the Australian Defence Force
- Member of the Institute of Chartered Accountants in Australia, the Australian Society of Certified Practicing Accountants, or the Institute of Public Accountants
- Member of the federal, state or territory parliaments, or a local government authority
- Minister of religion
- Nurse
- Optometrist
- Permanent employee of a Commonwealth, state or local government authority
- Permanent employee of Australia Post
- Pharmacist
- Physiotherapist
- Police officer
- Psychologist
- Registered migration agent
- Registrar, or deputy registrar, of a court
- Sheriff
- Teacher at a school or tertiary education institution (must be full-time)
- Veterinary surgeon
ඔබ අයදුම් පත යොමුකරන අවස්ථාවේ ඕස්ට්‍රේලියාවෙන් පිට ජීවත් වන්නේනම් එම ජීවත්වන රටේ පුරවැසියකුට ඔබේ අයදුම්පත්‍රයේ ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමේ හැකියාව පවතී. මෙහිදී එම පුද්ගලයා ඔබව වසරකට වැඩිකාලයක් දැන සිටීම අවශ්‍ය වන අතර ඔබේ පවුලේ අයකු හෝ පවුලේ ඥාතියෙක් හෝ නොවිය යුතුයි.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





