මැයි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුල ඕස්ට්‍රේලියාවේ උද්දමනය 4%කින් ඉහල ගොස් ඇත. ඕස්ට්‍රේලියානු මහ බැංකුව මෙම උද්ධමන තත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වේ. එසේම ඕස්ට්‍රේලියානු ජනතාවටද උද්ධමනය වැඩිවීමේ පීඩනය ඉතා තදින් දැනෙමින් පවතී. ආර්ථික විධ්‍යාඥයන් උපකල්පනය කල ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ සිට මේවනවිට 0.4%කින් උද්දමනය ඉහල ගොස් ඇත.
රජය විසින් යෝජනා කර ඇති විදුලි බිල්පත් දීමනාව වැනි දීමනා ලබා දීම හරහා උද්ධමනය ඉහල යා හැකි බවට මතයක් පවතී. කෙසේ උවත් සමීක්ෂණ දත්ත අනුව ජනතාවගෙන් වැඩි පිරිසක් එම අමතර මුදල් ඉතිරි කරනු ඇති බවට හෙලිවී ඇත.John Hawkins - කැන්බරා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය

උද්දමනය ඇතිවීම සිදු වන්නේ කෙසේද ?
උද්ධමනය ආර්ථිකයක් වර්දනය වීමට අවශ්‍ය සාධකයක් වේ. මෙහිදී ඕනෑම ආර්ථිකයක් වර්දනයවීමෙදී භාණ්ඩ හා සේවා වල මිලගණන් ඉහල යාමක් සිදුවේ. මෙය සාමාන්‍ය ක්‍රියාවලියකි. කෙසේ උවත් පසුගිය කාලයේ ඇති වූ Covid-19 වසංගත තත්වය හේතුවෙන් වාර්තාගත ලෙස උද්ධමනය ඉහල යාමක් සිදුවිය. මෙය ආර්ථිකයකට අහිතකර තත්වයක් වේ.
මෙහිදී රජයේ තීරණද උද්ධමනය කෙරෙහි බලපාන බව කැන්බරා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය John Hawkins පවසා සිටී. රජය විසින් යෝජනා කර ඇති විදුලි බිල්පත් දීමනාව වැනි දීමනා ලබා දීම හරහා උද්ධමනය ඉහල යා හැකි බවට මතයක් පවතී. කෙසේ උවත් සමීක්ෂණ දත්ත අනුව ජනතාවගෙන් වැඩි පිරිසක් එම අමතර මුදල් ඉතිරි කරනු ඇති බවට හෙලිවී ඇති බව John Hawkins පවසා සිටී.
උද්ධමනයේ බලපෑම අවම කරගැනීමට ඔබට කළහැකි දෑ මොනවාද?
මෙහිදී ඕස්ට්‍රේලියාවේ ජනතාවට එක එක පුද්ගලයින් ලෙස උද්ධමනය පාලනයට කළහැකි බලපෑම ඉතා අවම වේ. කෙසේඋවත් මෙවැනි උද්දමන කාලයකදී එහි බලපෑම අවම කර ගැනීමට ඔබට කළහැකි දෑ සම්බන්දයෙන් ගෝලීය ආයෝජන සහ වෙළඳ ආයතනයක් වන වන Moomoo හි වෙළඳපල උපායමාර්ගික උපදේශකවරියක ලෙස කටයුතු කරන Jessica Amir පැහැදිලි කිරීමක් කර තිබේ. ඇය පවසන ආකාරයට උද්ධමනය නිසා ඇතිවන බලපෑම අවම කිරීමට විශේෂයෙන්ම විදුලි බිල්පත් වැනි සේවා සඳහා යන වියදම් අවම කිරීම වැනි කාරණා ප්‍රධාන වශයෙන් බලපායි. විදුලි බිල්පත් අවම කරගැනීමට සූර්ය පැනල භාවිතාව ඉහල දැමීම වැනි ක්‍රම හරහා උද්දමනයේ බලපෑම අවම කර ගතහැකි බව ඇය පවසයි. විශේෂයෙන්ම තම පුද්ගලික මූල්‍ය කටයුතු පිලිබඳව දැඩි වගකීමකින් ක්‍රියා කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.
උද්ධමනයේ බලපෑම අවම කරගැනීමට ඕස්ට්‍රේලියානු මහබැංකුවේ උපක්‍රම සාර්ථකද?
ඕස්ට්‍රේලියානු මහා බැංකුව උද්දමනය පාලන කරන්නේ පොලී අනුපාත ඉහල දැමීමෙනි. ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් තුනෙන් එකකට අධික ප්‍රමාණයක් නිවාස ණය ලබාගෙන ඇති අතර පොලී අනුපාත ඉහල දැමීම හරහා ඔවුන්ට වියදම් කිරීමට ඉතිරිවන මුදල් ප්‍රමාණය අවම වේ. මෙහිදී භාණ්ඩ හා සේවා වල ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ව්‍යාපාර වලට මිල ඉහල දැමීමේ හැකියාව අඩු වේ. මේ හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල පාලනයක් සිදුවේ.
මීට අමතරව මෙවැනි කාලයකදී සාමාන්‍යයෙන් නිවාස මිලගණන් පහල යන අතර මේ හේතුවෙන් ජනතාවගේ වත්කම් වල වටිනාකම පහල ගොස් ඇති හැඟීමක් ඇති වේ. මේ නිසා ජනතාව මුදල් වියදම්කිරීම අවම කිරීමට කටයුතු කරයි.
කෙසේ උවත් ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට නිවාස මිලගණන් වල අඛණ්ඩ වර්ධනයක් දැකගත හැකිවේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





