මෙවර අයවැයෙන් දුන් බදු සහනය නිසා අමතර මුදලක් ඔබේ වැටුපට එකතුවෙන්නේ මෙහෙමයි

2024-05-16_17-22-45.png

source: SBS/Getty

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අය වැය මැයි 14 වනදා එලි දක්වනු ලැබුවා. මෙහිදී තුන්වන අදියරේ බදු කප්පාදුව පිලිබඳ යෝජනා ඉදරිපත් වූ අතර මේ නිසා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට ලබන ජුලි පලවනදා සිට අමතර වැටුප් වැඩිවීමක් ලෙස මෙම ප්‍රතිලාබය අත්විඳීමේ හැකියාව හිමිවේ.


මින් පෙර සිදුවූ බදු කප්පාදු හරහා එකවර මුදල් ප්‍රමාණයක් ගෙවීම සිදු උවද මෙවර බදු සහනය එසේ නොවේ. මෙවර බදු සහනය හරහා ලැබෙන මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් වැටුපට එකතුවීමක් සිදුවේ. මේ හේතුව නිසා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් මේ හරහා අත්විඳීමේ හැකියාව ලැබේ.

කොපමණ මුදලක් ඔබේ වැටුපට එකතු වනවාද?

මෙහිදී $60000ක වාර්ෂික වැටුපක් ලබන අයකු සඳහා අමතර $23ක් සතියේ වැටුපට එකතු වීමක් සිදුවේ. ඩොලර් 120000ක වාර්ෂික වැටුප් ලබන්නකු සඳහා සතියකට $53ක වැඩිවීමක් සිදුවේ. මෙහිදී $90000ක වාර්ෂික වැටුපක් ලබන අයකු සඳහා වාර්ෂිකව $1929ක අමතර මුදලක් ලබා ගනීමෙන්හකියාව පවතී. මෙහිදී සතිපතා තම වැටුපට අමතරව එකතුවන මුදල $37ක් වේ.

අනෙක් වසර වල මෙන් එකවර මුදල් ලබා දීමක් සිදු නොකරන බැවින් එක්වරම උද්දමනය ඇතිවීමක් අපේක්ෂා කල නොහැක
ආර්ථික විද්‍යාඥ ජොනතන් මැක්මෙනමින්

ආදායම් මාර්ග දෙකක් සහිත පවුලකට එක අයෙක් 80000ක වාර්ෂික වැටුපක්ද අනෙක් පුද්ගලයා 50000ක වාර්ෂික වැටුපක්ද ලබන අවස්තාවක එනම් මුළු ආදායම වසරකට $130000ක් නම් සතියකට $50ක අමතර මුදලක් පවුලේ ආදායමට එකතු වීම සිදුවේ.

මේ හේතුවෙන් උද්දමනය වැඩිවීමක් අපේක්ෂා කල හැකිද?

2024-05-16_17-27-53.png

බොහෝ ආර්ථික විශේෂඥයන් බදුසහන දීම හරහා නැවත උද්දමන තත්වයක් ඇතිවිය හැකි බවට අනුමාන කර තිබේ.

කෙසේ උවත් අනෙක් වසර වල මෙන් එකවර මුදල් ලබා දීමක් සිදු නොකරන බැවින් එක්වරම උද්දමනය ඇතිවීමක් අපේක්ෂා කල නොහැකි බව ජ්‍යෙෂ්ට ආර්ථික විද්යාඥයෙක් වන ජොනතන් මැක්මෙනමින් පවසා පවසා සිටී.

වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමට ලබා දී ඇති වෙනත් සහන මොනවාද?

මේඅතර විදුලි බිල්පත් සඳහා $300ක සහනයක් ලබා දීමට රජය කටයුතු කර තිබේ. මෙම දීමනාව විදුලිබිලට එකතුවන වට්ටමන්ක් ලෙස කාර්තුවකට $75 බැගින් විදුලි බිල්පතට එකතු කිරීමට නියමිත වී තිබේ.

අඩුආදායම් ලබන්නන්ට දෙන Rent Assistance දීමනාවේ උපරිම අගය 10%කින් ඉහල දැමීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් සාම දෙසතියකටම $70ක දීමනා වැඩිවීමක් අපේක්ෂා කල හැක. මෙම දීමනාවේ උපරිම අගය පසුගිය වසරේ 15%කින් ඉහල දැමීමට රජය කටයුතු කර තිබිණි.

ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු පාරිභෝගික භාණ්ඩ 500කට ආසන්න ප්‍රමාණයක තීරුබදු ජූලි 1 වැනිදා සිට ඉවත් කිරීමට තීරණය වී තිබේ. මේ හේතුවෙන් මෙම භාණ්ඩ ආනයනයට යන පිරිවැය අඩුවන අතර එම සහනය පාරිභෝගිකයාට ලැබෙනු ඇත.

ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොචාස්ට් මාධ්‍යයක් හරහා SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now