Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබටත් මානසික ගැටළු ඇත්නම් මේ ගැනත් දැනගන්න

Two in five Australians have experienced a mental disorder

Two in five Australians have experienced a mental disorder Source: Getty

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් (21.5%) පසුගිය මාස 12 තුළ මානසික ආබාධයකට ලක්ව ඇති බවද අනාවරණය වී ඇත.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් (21.5%) පසුගිය මාස 12 තුළ මානසික ආබාධයකට ලක්ව ඇති බවද අනාවරණය වී ඇත.


වයස අවුරුදු 16-85 අතර සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට වඩා (42.9%) ඔවුන්ගේ ජීවිත කාලය තුළ මානසික ව්‍යාකූලත්වයක් අත්විඳ ඇති බව හෙළිවී තිබේ.

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් (21.5%) පසුගිය මාස 12 තුළ මානසික ආබාධයකට ලක්ව ඇති බවද අනාවරණය වී ඇත.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නවතම දත්ත මේ බව හෙළි කර තිබේ.

මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ ජාතික අධ්‍යයනය

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පැවැත්වූ National Study of Mental Health and Wellbeing හෙවත් මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ ජාතික අධ්‍යයනයේ වාර්තාව නිකුත් කරමින් කාර්යාංශයේ සෞඛ්‍ය සංඛ්‍යාලේඛන ප්‍රධානී Linda Fardell මේ තොරතුරු ප්‍රකාශයට පත් කළාය.

ඔස්ට්‍රේලියානුවන් 16,000කට ආසන්න පිරිසක් මෙම අධ්‍යයනයට සහභාගී වූ අතර එය 2020-2022 කාලය තුළ ඔස්ට්‍රේලියානු ප්‍රජාව තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ පුළුල් දැක්මක් ඉදිරිපත් කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

2020-2022 දී වඩාත් සුලභ මානසික ආබාධ සමූහය ලෙස කාංසාව පත්වී ඇත.

සෑම ඔස්ට්‍රේලියානුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට (17.2%) පෙර මාස 12 තුළ සමාජ භීතිකාව හෝ පශ්චාත් කම්පන ආතති ආබාධ වැනි කාංසා ආබාධ ඇතිවී ඇති බව එම වාර්තාව හෙළිකර තිබේ.

වයස අවුරුදු 16-24 අතර තරුණ වැඩිහිටියන් මිලියන 1.1 (38.8%) පමණ පෙර මාස 12 තුළ මානසික ආබාධයකට මුහුණ දුන් බව ද මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ ජාතික අධ්‍යයනයේදී අනාවරණය කරගෙන ඇත.

වයස අවුරුදු 16-24 අතර තරුණ කාන්තාවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (45.5%) සහ තරුණ පිරිමින්ගෙන් තුනෙන් එකකට (32.4%) මෙම කාල පරිච්ඡේදය තුළ මානසික ආබාධ ඇතිවී ඇති අතර, කාංසාව වැනි ආබාධ වඩාත් සුලභ බව ද හෙළිවී ඇත.

ඔස්ට්‍රේලියානුවාසීන් මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන අයුරු

මෙම අධ්‍යයනයෙන් ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා දේ.

වයස අවුරුදු 16-34 (22.9%) සියලුම ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ තමන්ගේ මානසික සෞඛ්‍යය සඳහා සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ අවම වශයෙන් එක් උපදේශනයක් හෝ ලබා ගෙන ඇත.

මෙම වයස් කාණ්ඩයේ පුද්ගලයින්ගෙන් 8.2% ක් ප්‍රතිකාර වැඩසටහන්, crisis support, උපදේශන, support groups සහ chat rooms ඇතුළුව තමන්ගේ මානසික සෞඛ්‍යය සඳහා වෙනත් සේවාවන් වෙත ප්‍රවේශ වී ඇත.

පසුගිය මාස 12 තුළ මානසික ආබාධයක් ඇති සියලුම පුද්ගලයින්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැටළු සඳහා සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවී ඇති අතර හත් දෙනෙකුගෙන් එක් අයෙකු වෙනත් සේවාවන් වෙත ප්‍රවේශ වී තිබේ.

ඔබට හෝ ඔබ දන්නා අයෙකුට හෝ මානසික සෞඛ්‍ය සහාය අවශ්‍ය නම්, කරුණාකර 13 11 14 අංකයෙන් Lifeline හෝ 1300 224 636 අංකයෙන් Beyond Blue අමතන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now