ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු දෙකක් නිවාස ණය පොලී අනුපාත අඩු කරයි

Young Asian woman using mobile phone while paying for online shopping at ATM machine

ATM machine Source: Moment RF / Ommaphat Chotirat/Getty Images

ඉහල මට්ටමක පවතින ඕස්ට්‍රේලියාවේ ණය පොලී අනුපාත අඩුකිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කරනු ඇතිබවට බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. කෙසේ උවත් මේ සම්බන්දයෙන් නිශ්චිත දිනයක් මේ වනවිටත් ප්‍රකාශයට පත් කර නොමැති අතර මෙවැනි වාතාවරණයක් යටතේ උවද ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් ණය පොලී අනුපාත පහල දැමීමට කටයුතු කර තිබෙනවා.


ස්ථාවර නිවාස ණය පොලී අනුපාත අඩුකිරීමට National Australia බැංකුව පසුගිය ජූලි මාසයේ කටයුතුන්කර තිබෙනවා. මෙය අනුගණනය කරමින් Commonwealth බැංකුව සහ Westpac බැංකුව ස්ථාවර නිවාස ණය පොලී අනුපාත අඩුකිරීමට කටයුතු කර තිබෙනවා. Westpac බැංකුව විසින් ස්ථාවර නිවාස නය පොලිය 0.8%කින් පහත හෙලා තිබෙනවා. මේ අනුව වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර අතරින් අඩුම ස්ථාවර නිවාස ණය පොලී අනුපාත ලබාදෙන බැංකුව ලෙස Westpac බැංකුව වාර්තා වනවා.

2024-09-05_16-32-49.png

ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් ඉදිරියේදී පොලී අනුපාත කප්පාදු කරනු ඇති බවට අපේක්ෂා කරන බැවින් ඉදිරි මාස කිහිපය තුල තවදුරටත් ස්ථාවර නිවාස ණය පොලී අනුපාත පහල දැමීම් දැකගැනීමට ලැබෙනු ඇති බවට Canstar වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ අධ්‍යක්ෂ Sally Tindall පවසා සිටිනවා.

මේ අතර Commonwealth බැංකුවද නව නිවාස ණය ගැනුම්කරුවන් සඳහා විචල්‍ය නිවාස ණය පොලී අනුපාත 0.35%කින් අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ස්ථාවර තැම්පතු සඳහා වන පොලී අනුපාත වෙනස් වීම් මොනවාද ?

ඕස්ට්‍රේලියානු මහබැංකුව පොලී අනුපාත ඉහල දැමීමට කටයුතු කිරීමත් සමග ස්ථාවර තැම්පතු සඳහා ලබාදෙන පොලිය ඉහල දැමීමට බැංකු විසින් කටයුතු කර තිබුනා. කෙසේ උවත් පසුගිය මාස 6 ඇතුලත 0.2%ත් 0.65%ත් අතර ප්‍රමාණයකින් පොලී අනුපාත පහල ගොස් ඇතිබවට Canstar වෙබ් අඩවියේ දත්ත හරහා පෙනී යනවා.

2024-09-05_16-34-07.png

ක්‍රෙඩිට් කාඩ් සඳහාවන පොලී අනුපාත වෙනස් වීම් මොනවාද ?

Mozo වෙබ් අඩවිය විසින් සිදුකරන ලද නවතම විශ්ලේෂණයකට අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහාවන වාර්ෂික අයකිරීම් ඉහල ගොස් ඇතිබව හෙළිවී තිබෙනවා. මෙම වාර්ෂිකව අයකෙරෙන ගාස්තු වල වැඩිවීමේ සාමාන්‍යය 25%ක් ලෙස දැක්වෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ සමස්ත ක්‍රෙඩිට් කාඩ්පත් ණය ප්‍රමාණය පසුගිය දශකය තුල හරි අඩකින් පමණ අඩුවී ඇති බවද වාර්තා වනවා.

මේ අතර 1% ත් 10%ත් අතර අඩු පොලී අනිපාත සහිත ණය ලබාදීම් සියයට හයසීයකින් ඉහල ගොස් ඇති බවද වාර්තා වනවා.

2024-09-05_16-34-52.png

ඕස්ට්‍රේලියානු මහා බැංකුව ඉදිරියේදී පොලී අනුපාත අඩුකිරීමක් සිදුකරයිද?

ඕස්ට්‍රේලියානු මහා බැංකුව මේ වසර අගදී පොලී අනුපාත අඩු කරනු ඇති බවට බොහෝ මත පලවී තිබෙනවා. කෙසේ උවත් උද්ධමනය අඩුවීමක් සිදු නොවුනහොත් පොලී අනුපාත නැවත ඉහල දමන බවට ඕස්ට්‍රේලියානු මහා බැංකුව ප්‍රකාශ කොට තිබෙනවා. කෙසේඋවත් විරැකියා අනුපාතය ඉහල යාම සහ මන්දගාමී ආර්ථික වර්ධනය පිලිබඳ සලකා බලා පොලී අනුපාත කපාදුවක් සිදු කෙරෙනු ඇති බවට IG ආයතනයේ Tony Sycamore පවසනවා. නවසීලන්ත මහාබැංකුවද 5.5ක පැවති තම පොලී අනුපාත 5.2 දක්වා අඩුකිරීමට පසුගිය සතියේ කටයුතු කළා.

කෙසේ උවත් නවසීලන්තය, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය තුල වාර්තා වූ ආකාරයට විරැකියාව ඉහල යාමක් හෝ උද්දමනය පහල යාමක් ඔස්ට්‍රේලියාව තුල දැකගත නොහැකි බව ඔහු සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් අනෙකුත් රටවල් මෙන් ඔස්ට්‍රේලියාව පොලී අනුපාත කප්පාදුවකට නොයෑමේ හැකියාවක්ද පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now