සේවය එකම නම් ඇයි අඩු පඩියක්. ඕස්ට්‍රේලියාවේ තරුණ දරුවන්ට වැටුප් ගෙවන junior rates ක්‍රමයට විරෝධතා මතුවෙයි

2024-08-22_18-51-36.png

Source: Getty / Kobus Louw

ඕස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති වයස අවුරුදු 18 ත් 20ත් අතර සේවකයින් සඳහා සාධාරණ වැටුප් ලබා ගැනීම සඳහා ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. තරුණ සේවකයින් සඳහා වර්තමානයේ පවතින වැටුප් විෂමතා මෙහිදී ඔවුන් ඉස්මතුකර පෙන්වනවා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින අධි උද්දමන තත්වය හේතුවෙන් ඔවුන් මෙම තරුණ සේවකයින් දැඩි අසාධාරණයට ලක්වන බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.


Key Points
  • වයසින් අඩු සේවකයින් සඳහා වන මෙම Junior Wages වැටුප් තලය අහෝසි කිරීම හරහා මෙම සේවකයින් හට ආර්ථික වශයෙන් විශාල සහනයක් ලැබෙනු ඇති බවට Australian Council Of Trade Unions (ACTU) හි මතය වී ඇත.
  • වයස අවුරුදු 21 ක් වන සේවකයකුගේ පැයක වැටුප $29.04ක් වන අතර එම රකියාවේම නියුතු වයස අවුරුදු 18ක් වන සේවකයකු සඳහා ලැබෙන වැටුප $16.26ක් වේ
  • සේවකයින් සහ සේවායෝජකයා යන දෙපාර්ශවයටම සාධාරණ වූ විසඳුමකට පැමිණීම මෙහිදී අත්‍යවශ්‍ය බව ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳාම් සංගමයේ Paul Zahra පෙන්වා දෙනවා.
වයස අවුරුදු 18ත් 20ත් අතර වයසේ පසුවන සේවකයින් සඳහා වන අවම වැටුප තලය Junior Wages ලෙස හැඳින්වෙනවා. මෙහිදී අවුරුදු 18 ත් 20ත් අතර සේවකයින්ට සඳහා එම රැකියාවේ නියුතු අවුරුදු අවුරුදු 21ට වඩා වැඩි සේවකයින්ට වඩා අඩු වැටුපක් ගෙවීමේ නීත්‍යානු කූල හැකියාව වියාපාර වලට පවතිනවා.
තරුණ සේවකයින් ශ්‍රම බලකායට තම උපරිම දායකත්වය ලබාදීමට සැදී පැහැදී සිටියත් පවතින වැටුප් විෂමතාවය එයට බාදාවක් වී ඇති බව Joseph Mitchell පෙන්වා දෙනවා.

වර්තමානයේ පවතින මෙම ගැටලුව පිලිබඳ කරුණු විමසා බැලීම වැදගත් වේ.

වයස අවුරුදු 21 ක් වන සේවකයකුගේ පැයක වැටුප $29.04ක් වන අතර එම රකියාවේම නියුතු වයස අවුරුදු 18ක් වන සේවකයකු සඳහා ලැබෙන වැටුප $16.26ක් වේ. වයසින් අඩු සේවකයින් සඳහා අඩු වැටුප් තලයක් පැවතීම අහෝසි කිරීම හරහා මෙම සේවකයින් හට ආර්ථික වශයෙන් විශාල සහනයක් ලැබෙනු ඇති බවට Australian Council Of Trade Unions එනම් ACTU හි Joseph Mitchell පෙන්වා දෙනවා.

වයස 18ට වැඩි සියලුදෙනා සියලු වරප්‍රසාද හිමි වැඩිහිටියන් ලෙස ඕස්ට්‍රේලියාවේ සලකන අතර වැටුප් පිරිනැමීමේදී පමණක් ඔවුන් අසාධාරණයට ලක්වන බව Joseph පෙන්වා දෙනවා.

වයස අවුරුදු 17දී සේවය ආරම්භ කල Jenny ඇයගේ ආරම්භක වැටුප $16ක් වූ බව පවසා තිබුනා. ඉතුරුම් කිරීමට හෝ තම ජීවන වියදම් පියවාගැනීමට මෙම වැටුප ප්‍රමාණවත් නොවූ බව ඇය පෙන්වා දෙනවා.
සේවකයින්ට මෙන්ම සේවායෝජකයා යන දෙපාර්ශවයටම සාධාරණ වූ විසඳුමකට පැමිණීම මෙහිදී අත්‍යවශ්‍ය බවත් ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳාම් සංගමයේ Paul Zahra පෙන්වා දෙනවා.
වුර්තීය සමිති විසින් මෙම වැටුප් විෂමතාවය ඉතාම අසාධාරණ තත්වයක් ලෙසට පෙන්වා දෙනවා. මෙම වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කිරීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වනවා. මෙහිදී මෙම තරුණ සේවකයින් ශ්‍රම බලකායට තම උපරිම දායකත්වය ලබාදීමට සැදී පැහැදී සිටියත් පවතින වැටුප් විෂමතාවය එයට භාදාවක් වී ඇති බව Joseph Mitchell පෙන්වා දෙනවා.
2024-08-22_18-52-30.png
කෙසේ උවත් මෙම වැටුප් තල එම ප්‍රමාණයේ තබාගතයුතු බවට ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳාම් සංගමය එනම් Australian Retailers Association (ARA) පවසා සිටිනවා. අඩු වැටුප් තල හේතුවෙන් ව්‍යාපාර වලට මෙම තරුණ සේවකයින් සඳහා අවස්තාව දීමේ හැකියාව පවතින බවත් අඩු නිපුනතා මට්ටම් ඇති තරුණ තරුණියන්ට ශ්‍රම බලකායට ඇතුළුවීමට හොඳ අවස්තාවක් ලැබෙන බවත් ඔවුන්ගේ තර්කය වී තිබෙනවා.

නවසීලන්තය, කැනඩාව, දකුණු කොරියාව සහ බෙල්ජියම යන රටවල් මෙම junior wages අහෝසි කර හෝ සීමා සහිත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී මෙම වටුප් තල ගැටලුවට විසඳුම් සෙවීමේදී ඉතා කල්පනාකාරී වියයුතු බවත් සේවකයින්ට මෙන්ම සේවායෝජකයා යන දෙපාර්ශවයටම සාධාරණ වූ විසඳුමකට පැමිණීම මෙහිදී අත්‍යවශ්‍ය බවත් ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳාම් සංගමයේ Paul Zahra පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ Fairwork කොමිසම 2025 වසර වනවිට මෙම වැටුප් තලය අහෝසි කිරීමේ ගැටලුව විභාග ගත කිරීමට නියමිත වී තිබෙනවා. මේ සඳහා ඉතා දිගු කලක් ගත වුවත් මෙම කර්තව්‍ය සඳහා තමන් කැපවී සිටින බව වෘත්තීය සමිති පවසා සිටිනවා.

වෘත්තීය සමිති, තරුණ සේවකයින් සහ සේවා යෝජකයන් යන සියල්ලන්ම අතර මෙම වැටුප් විෂමතාවය පිලිබඳ විවාදය දිගටම පවතී. Fairwork කොමිසම වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති මෙම ගැටලුව සලකා බලන තෙක් මෙම ගැටලුව දිගටම පවතිනු ඇත. ඕස්ට්‍රේලියාව තරුණ සේවකයින් සඳහා වඩාත් සාධාරණ වැටුප් ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිවීද , නැතහොත් මෙම අඩු වැටුප් පිරිනමන Junior wages රැකියා ක්ෂේත්‍රයේම කොටසක් ලෙස දිගටම පවතිනු ඇත්ද යන්න පිලිබදව ඉදිරියේදී අපට දැන ගැනීමට හැකිවනු ඇත.

********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service