ජාත්‍යන්තර ශිෂ්‍ය විසා ලබා දීම සීමා කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල නැගී සිටියි: කාලින විග්‍රහය අගෝ.08

Student visa Source: AAP
එළබෙන 2025 වසරේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමට රජය විසින් මතභේදාත්මක නීති සම්පාදනයක් ඉදිරිපත් කළා. එයට එරෙහිව විශ්ව විද්‍යාල සහ ව්‍යාපාර මේ වන විට රජයට බලපෑම් එල්ල කරමින් සිටිනවා. ඔවුන් පවසන පරිදි මෙම නීති සම්පාදනය හදිසියේ ගෙන ආ ප්‍රතිපත්තියක් මෙන්ම දේශපාලනික වශයෙන් කිසිදු විනිවිද භාවයක් නැති අපැහැදිළි තීරණයක් වනවා. නමුත් රජය පවසන්නේ විදේශීකයන් ශිෂ්‍ය වීසා වලට මුවා වී ඕස්ට්‍රේලියාවට තුළට රිංගා ගැනීමට දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා මෙම නෛතික වෙනස්කම් අවශ්‍ය බවයි. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබට මේ පිළිබඳ වැඩිදුර තතු දැන ගන්නට හැකියාව ලැබෙනවා.
Share




