ඔබටත් වික්ටෝරියා ප්‍රාන්තයේ කුමන පළාතක හෝ හිස් ඉඩමක් තිබෙනවාද? එසේනම් මේ බද්ද ඔබටත් ගෙවන්නට සිදුවේවි

Aerial view of a suburb, showing the roofs of several houses.

A view from directly above a residential suburb of Melbourn, in Victoria State, Australia. Source: Getty / georgeclerk

මෙම හිස්ව පවතින නේවාසික ඉඩම් සඳහා වන ඉඩම් බද්ද ප්‍රාදේශීය ප්‍රදේශ ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය නීති සම්පාදනය කරන බව ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas නිවේදනය කළේය.


වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ හිස් ඉඩම් බද්ද ප්‍රාන්තය තුළ පුළුල්ව ව්‍යාප්ත කරන බවට නිවේදනය කර තිබේ.

මෙම බද්ද නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකර නොමැති residential blocks හෙවත් නේවාසික ඛාණ්ඩයේ හිස් ඉඩම් සඳහා අදාළ වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ හිස් ඉඩම් බද්ද පුළුල් කෙරේ

මෙම හිස්ව පවතින නේවාසික ඉඩම් සඳහා වන ඉඩම් බද්ද ප්‍රාදේශීය ප්‍රදේශ ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය නීති සම්පාදනය කරන බව ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas නිවේදනය කළේය.

ඒ අනුව අදාළ ඉඩම්වල හිමිකරුවන්ට තම ඉඩම සංවර්ධනය කිරීමට හෝ කැමති කෙනෙකුට විකිණීමට මේ හරහා බල කෙරෙනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

දැනට, වසරකට මාස හයකට වඩා වැඩි කාලයක් හිස්ව පවතින මෙල්බර්න් කලාපයේ ඇතුළු සහ තදාසන්න නගර සභා කලාප 16 ක් පුරා ඇති නේවාසික ඛාණ්ඩයේ හිස් ඉඩම් සඳහා මෙම බද්ද අදාළ වේ.

අදාළ ඉඩම් හිමිකරුවන්ගෙන් වාර්ෂිකව දේපලේ වටිනාකමෙන් සියයට එකක් අය කරනු ලැබේ, එනම් ඩොලර් 500,000 ක වටිනාකමක් ඇති හිස් ඉඩමකට ඩොලර් 5000 ක බදු අය කරනු ලැබේ.
මෙම බද්ද වික්ටෝරියා ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කිරීමේ සංශෝධනය 2025 ජනවාරි සිට ආරම්භ කිරීමට නියමිතය.

වසරින් වසර ප්‍රයෝජනයක් නොමැතිව තිබෙන මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ හිස් ඉඩමක් ඇත්ත වශයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයට දරාගත නොහැකි බවත් අදාළ හිස් ඉඩම් වෙතොත් ඒවා සංවර්ධනය කිරීම හෝ කැමති කෙනෙකුට විකිණීමට මේ හරහා අදාළ ඉඩම් හිමියන්ට පණිවිඩයක් ලබා දෙන බවත් වික්ටෝරියා ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas පැවසුවේය.

රාජ්‍ය ආයතනවලින්ද ප්‍රශ්න කරයි

හිස් ඉඩම් නැවත වෙළඳපොළට දැමීම වෙනුවට තම ආයතන ඒවා රඳවාගෙන සිටින්නේ මන්දැයි සාධාරණීකරණය කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ආයතනවලින්ද වික්ටෝරියා ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas ඉල්ලා සිටියේය.

ප්‍රාන්තයේ අනෙක් ඉඩම් හිමියන්ට බලාත්මක කරන නීතියම ප්‍රාන්ත රජයේ ඉඩම් සඳහා ද එක හා සමානව තිබිය යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම හිස් නේවාසික ඉඩම් බද්ද දැනට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට වසරකට ඩොලර් මිලියන 6ක් පමණ ගෙන දෙන අතර එය පරිපාලනය කරනු ලබන්නේ ප්‍රාන්තයේ රාජ්‍ය ආදායම් කාර්යාලය විසිනි.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service