ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2023 දෙසැම්බර් කාර්තුව දක්වා මාස 12 තුළ, රක්ෂණ මිල සියයට 16.2 කින් ඉහළ ගොස් තිබේ. 2022 දෙසැම්බර් දක්වා මාස 12 තුළ, මිල ගණන් සියයට 6.3 කින් ඉහළ ගියේය.
2023 දෙසැම්බර් මාසයේදී Finder වෙබ් අඩවිය විසින් 2021 ආරම්භයේ සිට මෝටර් රථ රක්ෂණ මිල 19.8% කින් ඉහළ ගොස් ඇති බව සොයා ගෙන තිබේ
Finder වෙබ් අඩවියට අනුව, සාමාන්‍ය මෝටර් රථ රක්ෂණ වාරික පිරිවැය මසකට ඩොලර් 130 ක් පමණ වේ .Finder ආයතනයේ පර්යේෂණ මත පදනම්ව, ඩොලර් 500,000 ක් වටිනා ගොඩනැගිල්ලක් සහ ඩොලර් 100,000 ක වටිනාකමක් ඇති බඩුමුට්ටු සඳහා සාමාන්‍ය නිවාස රක්ෂණ පිරිවැය මසකට ඩොලර් 143 කි.
රක්ෂණ මිල මෙසේ වැඩිවීමට ප්‍රදාන හේතු සාධක මොනවාද?
පවතින කාලගුණික තත්ත්වයන් මිල වැඩි වීම් වලට මූලික හේතුවක් වන බව ඕස්ට්‍රේලියාවේ රක්ෂණ කවුන්සිලයේ ප්‍රකාශකයෙකු SBS පුවත් සේවයට පවසා තිබේ.
- ස්වභාවික විපත්වල ඉහළ යන පිරිවැය.
- වර්තමානයේ පවතින වත්කම්වල මිල ඉහළයාම සහ ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට යන මිල අධික වීම.
- උද්ධමනය හේතුවෙන් ගොඩනැගිලි සහ වාහන අලුත්වැඩියා වියදම් ඉහළ යාම
- රක්ෂණ සමාගම් සඳහා ප්‍රාග්ධන පිරිවැය ඉහළ යාම.
දරුණු කාලගුණ තත්වයන් හේතුවෙන් වන හානි සහ ආර්ථික සාධක නිසා රක්ෂණ සමාගම් සඳහා අධික ගාස්තු ඉහල යාමක් දකහත හැකියිSteve Mickenbecker, group executive for National Services at Canstar
රක්ෂණ ආයතන පාරිභෝගිකයින් වෙත ඉහල වන්දි ගෙවීම් සිදුකර ඇති අතර, මෙම වන්දි පියවීමට වැඩි පිරිවැයක් දැරීම, වාරික වැඩි වීමට හේතු වී තිබේ.
ඔබට මේ සම්බන්දයෙන් කල හැකිදේ මොනවාද?
- රක්ෂණය සම්බන්ධයෙන් ගත් කල, පක්ෂපාතීත්වය බොහෝ විට අවාසි වන අතර නව ව්රක්ෂණ අවස්ථා සෙවීම ඉතා ප්‍රයෝජනවත් වේ.
- රක්ෂණ ආයතන විසින් නව ගනුදෙනුකරුවන්ට විවිද දීමනා බොහෝ විට පිරිනමන බැවින්, ඔවුන්ගේ වෙබ් අඩවිය පරීක්ෂා කර නව මිල කැඳවීමක් ලබාගැනීම ඉතා වැදගත්.
- ඔබ මාස 24ක් හෝ ඊට වැඩි කාලයක් ඔබේ රක්ෂණය සමාගම සමඟ සිට ඇත්නම් ඔබ අනිවාර්යයෙන්ම නව රක්ෂණ සමාගම් ගැන සොයා බැලිය යුතු වේ. මෙමගින් ඔබට විශාල ඉතිරියක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු හැකියාව.
- අන්තර්ජාලය හරහා රක්ෂණාවරණ ලබාගැනීමේදී සහ රක්ෂණාවරණ කිහිපයක් එකට ලබා ගැනීමේදී විශේෂ වට්ටම් ලබා ගැනීමට හැකියාව හැකියාව.
අධික උද්දමනය සහ විශාල වන්ධි ලබා දීමට සිදුවීමෙන් පසුගිය කාලයේ රක්ෂණ සමාගම් ලාබ ලබා ගැනීමට අපොහොසත් වී ඇති අතර එයද මෙසී මිල වැඩිවීමකට හේතු වී ඇති බව වාර්තා වේ.





