Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ගෙයක් Rent කරන්න තියෙන නරකම Suburbs මොනවාද?

rent

Rental property Source: SBS

දැරිය නොහැකි අධික මිල සහ නිවාස හිඟය නිසා කුලී නිවෙස් හිමියන් පෙර නොවූ දැඩි ආතති තත්වයකට පත් වී ඇත. Kent Lardner විසින් ආරම්භ කල Suburbtrends ආයතනයේ වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියාවේ suburbs වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දැඩි නිවාස අර්බුදයකට මුහුණ දී තිබේ.


මේ සම්බන්ධයෙන් නිවාස දර්ශකය සැකසීමේදී කාරණා හතරක් සලකා බලන බව Kent Lardner පවසා සිටී. මෙහිදී නිවෙසක් ලබා ගැනීමට ඇති හැකියාව, කුලී අගයන් දැරීමට ඇති හැකියාව, පුරප්පාඩු වී ඇති නිවාස ප්‍රමාණය සහ මිලගණන් වෙනස් වීමේ ප්‍රවනතාවයන් වැනි කාරණා සැලකිල්ලට ගෙන ලකුණු දීමක් සිදු කෙරේ. එහිදී උපරිම අගය ලකුණු 100ක් වන අතර මෙහි ලකුණු 75 හෝ වැඩි අගයක් යනු ඉතා දැඩි ආතති තත්වයක් ලෙස සැලකේ.

නිවසේ ආදායමෙන් 25% ප්‍රමාණයක් කුලිය සඳහා ගෙවීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරනවා. කෙසේ උනත් සමහර Suburbs වල මෙම අගය 30% ක ප්‍රමාණයක් වනවා
Kent Lardner

ඕස්ට්‍රේලියාවේ කුලීනිවාස ලබාගැනීමට නොසුදුසු suburbs මොනවාද?

ඕස්ට්‍රේලියාව පුරා මෙම අර්බුධය පැවතුනත් , කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ඉතා බරපතල ලෙස මෙම තත්වය දැකගත හැකයි. මෙහි ප්‍රන්තවලින් 58% කට වඩා වැඩි ප්‍රමාණයක් Suburbtrends ආයතනයේ දර්ශකයේ ලකුණු 75 කට වඩා වාර්තා කර තිබේ. පසුගිය ජනවාරි මාසය වනවිට Suburbs කාණ්ඩ 12ක් දර්ශකයේ ලකුණු 100 උපරිම අගය වාර්තා කර ඇත.

Queensland

ඉතා දරුණු කුලී නිවාස අර්බුදයකට මුහුණ දුන් Suburbs බොහොමයක් කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වේ. මේ අතරට Durack, Logan Central, Deception Bay, Riverview, Robina - East, Bethania - Waterford, Varsity Lakes, සහ Mermaid Waters යන suburbs ඇතුලත් වේ.

New South Wales

NSW ප්‍රාන්තයේ suburbs අතරින් , Warilla, Sans Souci - Ramsgate, Monterey - Brighton-le-Sands - Kyeemagh, සහ Kingsgrove - North මෙම දර්ශකයේ ඉහලම අගය වන ලකුණු 100 ලබාගෙන තිබේ. මෙහිදී කුලී දුෂ්කරතා දර්ශකයේ ලකුණු 99ක් ලබාගනිමින් Lavington, ප්‍රාන්තයේ වැඩිම දුෂ්කරතා ඇති suburbs අතරට එකතු වේ.

Victoria

Wheelers Hill Suburb එක කුලී නිවාස දුෂ්කරතා දර්ශකයේ ලකුණු 98 ලබාගෙන තිබේ.මෙය Victoria ප්‍රාන්තයේ නිවාස අර්බුධයට වැඩියෙන්ම මුහුණදී ඇති Suburb එක වේ. මෙයට පසුව ලකුණු 97ක් ලබා Dandenong - South ද ලකුණු 96ක් ලබා Thomastown ද ලකුණු 95ක් ලබා Seaford ද ලකුණු 94ක් ලබා Frankston North ද අනුපිළිවෙලින් වාර්තා වේ.

South Australia

South Australia වල Suburbs කාණ්ඩ 4ක් මෙම දර්ශකයේ ලකුණු 99ක් ලබාගෙන ඇත. මෙයට Christie Downs, Warradale, Morphett Vale - West, සහ Royal Park - Hendon - Albert Park අයත් වේ. Christies Beach ලකුණු 98ක් ලබාගෙන ඇත.

Western Australia

බටහිර ඔස්ට්‍රෙලියව එනම් Western Australia වල Midland - Guildford තමයි ලකුණු 95ක් ලබාගෙන මෙම දර්ශකයේ ඉහලින්ම පසු වේ. Cloverdale සහ Belmont - Ascot - Redcliffe යන Suburbs දෙකම ලකුණු 94 බැගින් ලබාගෙන ඇති අතර Thornlie සහ Spearwood, ලකුණු 93 ලබාගෙන නිවාස අර්බුදයට වෙදියෙන්ම මුහුණ දෙන suburbs අතරට එකතු වේ. 

Tasmania

Tasmania ප්‍රාන්තයේ Mowbray ලකුණු 95 ලබාගෙන වැඩිම නිවාස දුෂ්කරතාවයට මුහුණ දී ඇත. ඉන් පසු පිලිවෙලින් Invermay (88), Ravenswood (86), New Town (84), and Bellerive - Rosny (81) පසුවේ.

නිවාස කුලියට ගැනීම සඳහා හොඳම ප්‍රාන්තය ලෙස වාර්තා වන්නේ ACT එනම් Australian Capital Teritory යයි. Australian Capital Teritory ය මෙම නිවාස දුෂ්කරතා දර්ශකයේ ඉතාම අඩු අගයන් වාර්තා කර තිබේ. Canberra නුවර කුලී මිලගණන් 1.9% කින් අඩුවී ඇති බව වාර්තා වේ. මෙසේ සිදුවී ඇත්තේ ජාතික කුලී නිවාස මිල ගණන් 8.3% ඉහල යාමක් වාර්තා කරන අතර තුර වීම විශේෂයි. ACT රජය විසින් නිවාස මිලගණන් වැඩි කිරීම සම්බන්දයෙන් 2019 වසරේදී නීති හදුන්වා දීමක් ද සිදුකර තිබෙනවා.

කෙසේ වුවත් ඔස්ට්‍රේලියාව පුරා පවතින මෙම අර්බුදයට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දියයුතු බව Kent Lardner වැඩිදුරටත් පවසා සිටියේය.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*******************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now