SBS Examines: ඕස්ට්‍රේලියානු පාසල්වල ලිංගිකත්වය උගන්වන්නේ හා ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ ඇයි

Busy school yard, pavement or footpath. Legs in motion

From pre-school to year 12, sexual education is part of the school curriculum in Australia. Source: Getty / Lincoln Beddoe

පාසල්වල ලිංගික අධ්‍යාපනය මතභේදාත්මක ය, නමුත් යෞවනයන් ඔවුන්ගේ ශරීර, අනන්‍යතාවය සහ සෞඛ්‍ය සම්පන්න සබඳතා පිළිබඳව ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය බවක් දක්වන බව ප්‍රවීණයන් පවසයි. එසේනම් ඇතැම් දෙමාපියන් සැලකිලිමත් වන්නේ ඇයි?


Family Planning Australia හි සෞඛ්‍ය ප්‍රවර්ධන කළමනාකරු Ee-Lin Chang පවසන පරිදි සම්පුර්ණ ලිංගික අධ්‍යාපනය වැදගත් මාතෘකා රැසක් ආවරණය කරයි.

"එය ලිංගිකත්වය සහ ලිංගාශ්‍රිත රෝග සහ උපත් පාලන ක්‍රම පමණක් නොව. එය ලිංගික කැමැත්ත සහ දැනුවත්බවකින් යුතුව තේරීමක් සිදු කිරීම සහ එය පෙනෙන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම" වන බව ඇය පවසයි.

නමුත් තම දරුවන්ට උගන්වන දේ ගැන දෙමාපියන්ට කනස්සල්ලක් ඇති විය හැකි බව ඇය පිළිගනී.

විවිධ සංස්කෘතිකමය පසුබිම්වල සිටින දෙමව්පියන් අතර මේ සම්බන්ධයෙන් පොදු සහ විවිධ ගැටළු පවතී.

උදාහරණයක් ලෙස, මේ ආකාරයේ ලිංගික අධ්‍යාපනය තම දරුවාව ලිංගිකව හැසිරීමට පොළඹවන්නේද යන ගැටලුව ඔවුනට මතු වේ.

සංස්කෘතිකමය හා වයසට ගැළපෙන ආකාරයෙන් සංවේදී විෂයයන් ආවරණය කරමින් ලිංගික අධ්‍යාපනය සිසුන් සඳහා සකස් කළ යුතු බව Chang මහත්මිය පෙන්වා දෙයි. - නමුත් ය අවධාරණය කොට සිටින්නේ තොරතුරු වසන් නොකළ යුතු බවයි.

එක් එක් පුද්ගලයා සඳහා, ඔවුන්ගේ සංස්කෘතිය සහ ආගමික පසුබිම ඔවුන්ගේ අදහස්වල කොටසක් වන බව හඳුනා ගැනීම ඔස්සේ එය සිදු කල යුතු වේ.

Edith Cowan විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පාසලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය David Rhodes පවසන පරිදි ඔස්ට්‍රේලියාවේ ලිංගික අධ්‍යාපනය නිසි කාර්යභාරයක් සිදු නොකරයි.

ඔහු පවසන්නේ එම විෂය මාලාව අපැහැදිලි වන බවයි.

ඕස්ට්‍රේලියාවේ සියලුම සිසුන්ට හෝ තරුණයින්ට එකම දේ උගන්වන්නේ නැති බවත් අපි ඔවුන්ට එකම ද්‍රව්‍ය හා තොරතුරු වෙත ප්‍රවේශය ලබා නොදෙන බවත් ආචාර්ය David කියා සිටී.

ලිංගිකත්වය පිළිබඳ නිසි පිළිතුරු නොමැති ප්‍රශ්න ඇති අවස්ථා වලදී තරුණයින් වෙනත් තැනකින් ඒ පිළිබඳව සොයා බැලීමට පෙළඹෙන බවත්, අසභ්‍ය වෙබ් අඩවි හෝ චැට් රූම් වැනි නුසුදුසු මූලාශ්‍ර වෙත ඒ ඔස්සේ යොමු විය හැකි බවත් ඔහු පවසයි.

ලිංගිකත්වය ගැන යෞවනයන් සමඟ කතා කිරීම සිදු නොවුවද, ඔහු පවසන්නේ පුළුල් ලිංගික අධ්‍යාපනය ඉතා වැදගත් බවයි.

මෙම පාඩම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සහ සෞඛ්‍ය සම්පන්න සබඳතා ඇති කර ගැනීම සඳහා වැදගත් වේ.

එමෙන්ම අපගේ රැකවරණය යටතේ සිටින දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපට අවශ්‍ය වන බවත් ආචාර්ය David කියා සිටී.

SBS Examines හි මෙම podcast එක ඕස්ට්‍රේලියාවේ ලිංගික අධ්‍යාපනය ගවේෂණය කරයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
SBS Examines: ඕස්ට්‍රේලියානු පාසල්වල ලිංගිකත්වය උගන්වන්නේ හා ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ ඇයි | SBS Sinhala