පලස්තීන හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කරන ලද අතර වසර ගණනාවක ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ බරපතලම උග්‍රවීම්වලින් එකක් ලෙස එය සැලකේ.
වසර 50ක කාලයක් තුළ මෙම දිනය ඊශ්‍රායලයේ සිදු වූ මාරාන්තිකම ප්‍රචණ්ඩකාරී දිනය ලෙස හැඳින්වෙන අතර ගාසා තීරයේ වෙසෙන ඊශ්‍රායල සහ පලස්තීනුවන් 500කට අධික සංඛ්‍යාවක් මේ වන විට අවම වශයෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.
බටහිර ඉවුරේ, ජෙරුසලමේ සිටින පලස්තීනුවන්ට සහ ඊශ්‍රායල සිරගෙවල්වල සිටින පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාර තීව්‍ර කිරීම නිසා මෙම ප්‍රහාරය මෙහෙය වූ බව හමාස් සංවිධානය පැවසීය.
හමාස් සංවිධානය යනු කුමක්ද?
හමාස් නොහොත් ඉස්ලාමීය ප්‍රතිරෝධ ව්‍යාපාරය 1987 දී පළමු පලස්තීන ඉන්ටිෆාඩා හෙවත් විරෝධතාවලදී ආරම්භ කරන ලදී.
එයට ෂියා ඉරානය විසින් සහය දක්වන ලැබූ අතර 1920 ගණන්වල ඊජිප්තුවේ පිහිටුවන ලද මුස්ලිම් සහෝදරත්වයේ ඉස්ලාමීය දෘෂ්ටිවාදය මෙය පතුරවයි.
හමාස් සංවිධානය බටහිර ඉවුරේ පිහිටා ඇති සහ පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) ප්‍රධානියා වන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ නායකත්වයෙන් යුත් ෆාටා ව්‍යාපාරයට පක්ෂපාතී හමුදා සමඟ කෙටි සිවිල් යුද්ධයකින් පසු 2007 සිට ගාසා තීරය පවත්වාගෙන යයි.
2006 දී අවසන් වරට පැවති පලස්තීන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව හමාස් සංවිධානය ගාසා තීරය අත්පත් කර ගත්තේය.
ඊට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට හමාස් සංවිධානය, මහමුද් අබ්බාස්ට චෝදනා කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එතැන් සිට, ඊශ්‍රායලය සමඟ ගැටුම් වාර ගණනාවක් ඇතිවූ අතර, බොහෝ විට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට හමාස් සංවිධානයේ රොකට් ප්‍රහාර සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ ගාසා තීරයට බෝම්බ හෙලීම එම ගැටුම්වලදී සිදු විය.
හමාස් සංවිධානය, ඊශ්‍රායල රාජ්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර 1990 ගණන්වල මැද භාගයේදී ඊශ්‍රායලය සහ PLO විසින් සාකච්ඡා කරන ලද ඔස්ලෝ සාම ගිවිසුම්වලට ප්‍රචණ්ඩ ලෙස විරුද්ධ විය.
හමාස් සංවිධානයට Izz el-Deen al-Qassam Brigades නමින් සන්නද්ධ අංශයක් ඇත, එය ඊශ්‍රායලයට තුවක්කුකරුවන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවා ඇත.
හමාස් සංවිධානය සිය සන්නද්ධ ක්‍රියාකාරකම් සංකේතවත් කරන්නේ ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධය ලෙසය.

ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, ඇමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව, ඊජිප්තුව සහ ජපානය විසින් හමාස් සංවිධානය, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත.
හමාස් යනු ඉරානය, සිරියාව සහ ලෙබනනයේ ෂියා ඉස්ලාමීය කන්ඩායමක් වන හිස්බුල්ලා යන කණ්ඩායම් වලින් සමන්විත කලාපීය සන්ධානයක කොටසකි.
ඔවුන් සියල්ලෝම මැද පෙරදිග සහ ඊශ්‍රායලයේ ඇමෙරිකානු ප්‍රතිපත්තියට පුලුල් ලෙස විරුද්ධය.
හමාස් සංවිධානයේ බල කඳවුර ගාසා තීරයේ පවතින අතර, හමාස් සංවිධානයට පලස්තීන ප්‍රදේශ පුරා ආධාරකරුවන් ද සිටියි.
එමෙන්ම කටාර් ඇතුළු මැදපෙරදිග රටවල පුරා පැතිරී සිටින නායකයින් ද ඔවුන්ට සිටී.
හමාස් සංවිධානය දැන් ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කළ හේතුව
පසුගිය සති අන්තයේ තම සංවිධානය සිදුකළ ප්‍රහාරය බටහිර ඉවුරේ හා ජෙරුසලමේ සිටින පලස්තීනුවන්ට සහ ඊශ්‍රායල සිරගෙවල්වල සිටින පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ තීව්‍ර වූ ප්‍රහාර නිසා සිදුකළ බව හමාස් සංවිධානය පවසා තිබේ.
හමාස් සංවිධානයේ සන්නද්ධ නායක Mohammad Deif හමාස් මාධ්‍යයේ විකාශනයකින් ප්‍රහාරක මෙහෙයුම ආරම්භ කරන බවට නිවේදනය කරමින් "මෙය පෘථිවියේ ජීවය අවසන් කිරීමේ විශාලතම සටනේ දිනයයි," යනුවෙන් පැවසීය.
සෑම තැනකම සිටින පලස්තීනුවන්ගෙන් සටන් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

වසර 2007 දී හමාස් සටන්කාමීන් ගාසා තීරයේ පාලනය අත්පත් කරගත් දා සිට හමාස් සහ ඊශ්‍රායලය අතර යුද්ධ හතරක් සහ ගණනය කළ නොහැකි ගැටුම් වලින් ගාසා තීරය විනාශ වී ඇත.
හමාස් විසින් විරුද්ධ වූ පලස්තීන අධිකාරියක් සීමිත ස්වයං පාලනයක් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල-ආක්‍රමණය කරන ලද බටහිර ඉවුරේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර ප්‍රචණ්ඩත්වය ඉහළ යාමේ පසුබිමකට එරෙහිව මෙම ගැටුම් උග්‍රවීම ආරම්භ විය.
රොයිටර් විශ්ලේෂණයකට අනුව, බටහිර ඉවුරේ ඊශ්‍රායල වැටලීම්, පලස්තීන වීදි ප්‍රහාර සහ පලස්තීන ගම්මානවලට යුදෙව් පදිංචිකරුවන්ගේ පහරදීම් මේ සඳහා හේතුවී තිබේ.
ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ දැඩි දක්ෂිණාංශික ආන්ඩුව යටතේ පලස්තීනුවන්ගේ තත්ත්වය නරක අතට හැරී ඇති බව රොයිටර් විශ්ලේෂණය පවසන අතර සාමය ඇති කිරීම වසර ගණනාවක් පුරාවට ඇනහිට ඇත.
"පලස්තීන ජනතාව වසර 75ක් පුරාවට සරණාගත කඳවුරුවල ජීවත් වන බවත්, ඔබ අපේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවත් අපි ඔබට කී වතාවක් අනතුරු අඟවා තිබෙනවාද? යන්නත්" හමාස් නායක smail Haniyeh මෑතකදී කළ කතාවකදී පැවසීය.





