- මෙලනෝමා ප්‍රතිකාර පර්යේෂණවල පුරෝගාමීන් වන මහාචාර්ය Georgina Long සහ මහාචාර්ය Richard Scolyer 2024 වසරේ Australians of the year සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
- Yalmay Yunupiŋu, Emma McKeon, සහ David Elliott අනෙකුත් කාණ්ඩ යටතේ ජයග්‍රහණ ලැබීය.
- කැන්බරා නුවර පැවති සම්මාන උලෙදී ජයග්‍රාහකයින් නිවේදනය කරන ලද.ී
Australians of the year 2024

මෙලනෝමා ප්‍රතිකාර පර්යේෂණවල පුරෝගාමීන් වන මහාචාර්ය Georgina Long සහ මහාචාර්ය Richard Scolyer 2024 වසරේ Australians of the year සම්මානයෙන් පිදුම් ලබා තිබේ. මේ ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා යනු හිරු කිරණවලින් ආරක්ෂාවීම සහ සමේ පිළිකා වැළැක්වීම සඳහා වන පර්යේෂණ වල ක්‍රියාකාරීන් දෙදනෙක් වේ.
වසර 10 කට පමණ පෙර මෙලනෝමා රෝගය වැළඳීම මාරාන්තික තත්වයක් වුවත් මොවුන් දෙදෙනාගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර ක්‍රමය එය සුවකළ හැකි රෝගයක් බවට පත් කරතිබේ . මේ හේතුවෙන් දහස්ගනනකගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇත.
කෙසේ වුවත් අවාසනාවන්ත ලෙස 2023 දී, Richardට සුව කළ නොහැකි මොළයේ පිළිකාවක් ඇති බව හඳුනා ගැනුනා. මෙම රෝග තත්වය නිසා පසුබට නොවී, එය අභියෝගයක් කරගනිමින් ඔවුන් දෙදෙනාම මේ සඳහාද නව ප්‍රතිකාර සොයා පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.
අද මම මොලයේ පිළිකාවක් වැලදී ඇති රෝගියෙක්, මට තාම අවුරුදු 57 යි. මම මගේ ජීවිතයට,මගේ පවුලට, මගේ රැකියාවට ආදරෙයි. මට තව ගොඩාක් දේවල් ලෝකයට දෙන්න තියෙනවාRichard Scolyer
"අපේ බලාපොරොත්තුව මෙලනෝමා මරණ බින්දුව දක්වාම අඩුකිරීමයි. මේ සඳහා අපට ඉලක්කගත පර්යේෂණ වැඩසටහනක් සහ පර්යේෂණ සඳහා වැඩි ආයෝජනද අවශ්‍ය වනවා" යයි මහාචාර්ය Georgina පවසා සිටියි.
Senior Australian of the Year.
වසරේ ජේෂ්ඨතම ඔස්ට්‍රේලියානු පුරවැසියා සම්මානය එනම් Senior Australian of the Year සම්මානයෙන් මේ වසරේ පිදුම් ලබුවේ Yalmay Yunupiŋu. ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ස්වදේශික කාන්තාවකි.ඇය විසින් අයගේ සැමියා සමග එක්ව Yolŋu භාෂාව සහ එම සංස්කෘතිය තරුණ පරපුර වෙත ගෙනයාමට ද්විභාෂා ඉගැන්වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත. ඇය 2005 දී Northern Territory යේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ගුරුවරුන් සඳහා පිදෙන විශිෂ්ටතා සම්මනයකින්ද පිදුම් ලබා තිබේ. තවද ඇය චාල්ස් ඩාවින් විශ්ව විද්‍යාලයේ ගෞරවනීය සාමාජිකාවක් ද විය.
“මේ ගමන සෑම විටම පහසු උනේ නෑ, බොහෝ අපහසුත ඇතිඋනා, නමුත් අධ්‍යාපනය සඳහා මගේ ඇති ආශාව මාව ඉදිරියටම ගෙන ගියා" යැයි අය පවසා සිටියාය.
Young Australian of the Year
Emma McKeon විසින් 2024 වර්ෂයේ මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබේ. 2020 TOKYO පැවති ඔලිම්පික් උළෙලේදී පිහිනුම් ඉසව්වලින් පදක්කම් 7ක් දිනාගැනීමට ඇය සමත් විය.

එක් ඔලිම්පික් උළෙලකදී පදක්කම් 7ක් දිනාගත් දෙවන කාන්තාව ඇය වන අතර පිහිනුම් ක්‍රීඩිකාවක් මෙය සිදුකල ප්‍රථම අවස්ථාවද වනවාEmma McKeon
29 හැවිරිදි ඇය පැවසුවේ මෙම සම්මානය ලැබීම ගැන තමා නිහතමානීව සතුටුවන බවයි.
අමාරු දේවල් භාර ගැනීමට සහ විශාල ඉලක්ක තැබීමට බය වෙන්න එපා යයි ද ඇය පවසා සිටියා.
Australia's Local Hero
ඔස්ට්‍රේලියානු දිනයේ පිරිනමන විශේෂ සම්මානයක් වන්නේ Australia's Local Hero සම්මානයයි. මේ සම්මානය පිරිනමන්නේ තමා ජීවත්වන ප්‍රදේශයේ ජනතාවට සිදුකරන සේවය ඇගයීමක් ලෙසයි. David Elliott 2024 Australia's Local Hero සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔස්ට්‍රේලියානු අනාගත පරපුරට මෙරට ඉතිහාසය ඉගැන්වීම තරම් තවත් වැදගත් දෙයක් මට නෑDavid Elliott
1999 දී ඔහු තමාගේ කුවීන්ස්ලන්ත ගොවිපොළේදී ඩයිනෝසිරස් ෆොසිලයක් සොයාගෙන තිබේ. මේ සොයාගැනීමෙන් නොනැවතුනු ඔහු පසුකාලීනව ඩයිනෝසිරස් ඉතිහාසය නිරූපණය වන ජාතික කෞතුකාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. මෙහි පවතින ෆොසිල ඔස්ට්‍රේලියාවේ දැනට පවතින සුවිශේෂ වැදගත්කමක් උසුලන ඩයිනෝසිරස් ෆොසිල එකතුවක් ලෙස සැලකේ.
—————————————————————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය





