SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
ඕස්ට්‍රේලියාවේ රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව ඉවත් කොට කාර්යාල වෙත රැකියා සඳහා යාම අනිවාර්ය කලයුතු බව විපක්ෂයේ මූල්‍ය කටයුතු පිලිබඳ ප්‍රකාශක Jane Hume මින් පෙර සඳහන් කර තිබෙනවා. මෙහිදී මෙම සේවකයින් සතියේ වැඩකරන දින 5 ම රැකියා ස්ථානයට වාර්තා කලයුතු බව ඇය සඳහන් කර සිටියා. මීට අමතරව නිවසේ සිට රාජකාරී කිරීමේ අවස්තාව ලබා දිය යුත්තේ සේවකයාට පමණක් නොව ආයතනයටද ඉන් වාසි සැලසෙන අවස්තාවලදී පමණක් බව Jane Hume වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
කෙසේ උවත් නිවසේ සිට රැකියා කටයුතු සිදුකිරීමේ හැකියාව ඉවත් කිරීම හරහා රැකියාවල නියුතු කාන්තාවන්ට අවාසිදායක තත්වයක් ඇතිවන බව ලේබර් රජය මෙයට පිළිතුරු දෙමින් පවසා සිටිනවා. මීට අමතරව ගමනා ගමන වියදම් අඩුවීම හේතුවෙන් ජීවන වියදම් අර්බුධය හමුවේ යම් සහනයක් ලබාගැනීමටද නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව හේතුවී ඇති බව අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි පවසා සිටිනවා.
විපක්ෂයේ මෙම යෝජනාවට පිළිබඳව බොහෝ ඡන්දදායකයන් තම අප්‍රසාදය පලකරනු ඇති බව YouGov ආයතනයේ අධ්‍යක්ෂකවරයකු වන Paul Smith පවසා සිටිනවා. මෙහිදී නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව සහ Right to disconnect වැනි දෑ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් සාමාන්‍ය වැඩකරන ජනතාව දැඩි අවධානයෙන් සිටින බව ඔහු පවසා සිටිනවා.
මීට අමතරව සතියේ දින 5ම රැකියා ස්ථානය වෙත යාම අනිවාර්ය කළහොත් වසරකට ගමන් වියදම් සඳහා අමතර $5000ක මුදලක් වැයවන බවත් සාමාන්‍යයෙන් වසරකට පැය 100ක් පමණ අමතරව වැය කිරීමට සේවකයින්ට සිදුවනු ඇති බවත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ උවත් මේ පිළිබඳව නැවත පැහැදිලිකිරීමක් කිරීමට ලිබරල් සන්ධානය කටයුතු කර තිබෙනවා. මෙහිදී නිවසේ සිට රාජකාරී කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තම රජයක් යටතේ බලාපොරොත්තු නොවන බව විපක්ෂයේ මූල්‍ය කටයුතු පිලිබඳ ප්‍රකාශක Jane Hume පවසනවා. ලේබර් පක්ෂය මෙහිදී අසත්‍යය ප්‍රචාරණය කිරීමක් සිදුකරන බවද Jane වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. කෙසේඋවත් කොවිඩ් 19 වසංගත තත්වයට පෙර පැවති තත්වයට රජයේ සේවකයින් කාර්යාල වෙත පැමිණීම පමණක් අනිවාර්ය කිරීමට තමන් බලාපොරොත්තු වන බව විපක්ෂය ප්‍රකාශ කර සිටිනවා.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යංශයට අනුව, ඕස්ට්‍රේලියානුවන්ගෙන් 36% ක් පමණ තවමත් නිතිපතා නිවසේ සිට වැඩ කරනවා. මේ හේතුවෙන් මේ පිළිබඳව වන දේශපාලන විවාද ඉදිරියේදීත් සිදුවනු ඇත. මේ පිළිබඳව ඇතිවී ඇති උණුසුම් තත්වය හේතුවෙන් මෙය ඕස්ට්‍රේලියාවේ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් මාතෘකාවක් වනු බව නොඅනුමානයි.
සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS News පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.