SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල 2018 දී නිවාස මිල ගණන් වෙනස් වන අයුරු. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු මුල්‍ය ක්ෂේත්‍රයේ සුළු හෝ වෙනස්කම් වලට සිඩ්නි සහ මෙල්බන් නිවාස වෙළෙඳ පොළ ඉතාමත් සංවේදී බවද SQM පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Australian Housing
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මිලෙන් ඉහළම නිවාස වෙළෙඳ පොළ වන සිඩ්නි නිවාස වෙළෙඳ පොළෙහි මිල ගණන් වල පසුබෑමක් තිබෙන බව පැවසුවත් එය 2018 වසරේදී නැවතත් 4% ත් 8% ත් අතර සැලකිය යුතු ලෙස ඉහළ යන බව SQM පර්යේෂණ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ Louis Christopher පවසයි.

එමෙන්ම, මෙල්බන් නිවාස වෙළෙඳ පොළෙහි මිල ගණන් 2018 වසරේදී 7% ත් 12% ත් අතර ඉහළ යන බවද ඔහු පෙන්වා දෙයි.

ඊට අමතරව කැන්බරා නිවාස වෙළෙඳ පොළෙහි මිල ගණන් 5% ත් 9% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව ද SQM පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.

2015 වසරේදීද සිඩ්නි නුවර නිවාස මිල ගණන් පහළ බැස ගිය නමුදු 2016 දී එය නැවතත් ඉහළ ගිය බව ද Louis Christopher පෙන්වා දෙයි.

“2018 දී සිඩ්නි මිල ගණන් මන්දගාමී ලෙස ඉහළ යන නමුත් 2018 දෙවැනි භාගයේදී එය සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගන්නවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මීට අමතරව හෝබාට් නුවර නිවාස මිල ගණන් 13% දක්වා වැඩි වන බවත් බ්‍රිස්බන් හි 3% ත් 7% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවටත් SQM පර්යේෂණ ආයතනය අනාවැකි පවසයි.

එමෙන්ම, පර්ත් සහ ඩාවින් නුවර වලද නිවාස මිල ගණන් 1% ත් 4% ත් අතර ප්‍රමාණයකින් ඉහළ නගිනු ඇති බවට පැවසේ.

නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ගනු ලබන ඇතැම් තීන්දු මත මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වීමට ඉඩ ඇති බවත් විශේෂයෙන්ම පොලී අනුපාතික වෙනස් වුවහොත් මෙම චිත්‍රය මුළුමනින්ම වෙනස්වීමට ඉඩ ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.

ඔස්ට්‍රේලියානු මුල්‍ය ක්ෂේත්‍රයේ සුළු හෝ වෙනස්කම් වලට සිඩ්නි සහ මෙල්බන් නිවාස වෙළෙඳ පොළ ඉතාමත් සංවේදී බවද SQM පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

www.domain.com.au ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now