ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් සෙනට් සභාවේදී ප්‍රතික්ෂේප වෙයි. පවතින නීතිය එලෙසමයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ සහ අයදුම් කිරීමට අපේක්ෂා කරන දහස් ගණනකට මෙය සුබදායී පුවතක් වනු ඇත.

Australian citizenship

Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී ඔස්ට්‍රේලියානු විසින් යෝජිත වෙනස්කම් ඊයේ  (18/10) සෙනට් සභාවේදී ප්‍රතික්ෂේප විය.

ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් සෙනට් සභාව වෙත ඉදිරිපත් කෙරුණු මෙම නව යෝජිත පනත පරාජයට පත්වීමත් සමග ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ දී බලාත්මක කිරීමට ගිය නව නීති බල රහිත වනු ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ සහ අයදුම් කිරීමට අපේක්ෂා කරන දහස් ගණනකට මෙය සුබදායී පුවතක් වනු ඇත.

මෙම යෝජිත වෙනස්කම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය අප්‍රේල් 20 වන දින නිල වශයෙන් නිවේදනය කළ අතර ස්ථිර පදිංචිය ලබා වසර 4 කට පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ යුතු වීම, IELTS ලකුණු 6 මට්ටමට සමාන අපහසු මට්ටමේ ඉංග්‍රීසි පරීක්ෂණයට මුහුණ දීම සහ ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ ඇගයීම් පරීක්ෂණයකට මුහුණ දීම එම නව නීති විය.

මෙම නිවේදනය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් වෙත අවධානය යොමු කිරීම තාවකලිකව නතර කළේය.

ඒ අනුව යම් හෙයකින් එම නව යෝජනා සෙනට් සභාවේදී සම්මත වී නම් අප්‍රේල් 20 වන දායින් පසුව දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පුරවැසිභාවය අයදුම් කිරීම සම්බන්ධව සියලු අයදුම් පත් සළකා බැලෙනුයේ නව නීති යටතේය.

නමුත් අද ලැබුණු ප්‍රතිඵලයත් සමග ඒ සියලු අයදුම් පත් මෙතෙක් කලක් පැවතුණු නීති යටතේ සළකා බැලෙන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ගේ ප්‍රකාශයෙකු SBS පුවත් සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියානු රජයේ මෙම යෝජනා පහළ මන්ත්‍රණ සභාවෙන් සම්මතවූ නමුත් මුල සිටම සෙනට් සභාවේ විපක්ෂ කණ්ඩායම් මේ සඳහා තම විරෝධතා ඉදිරිපත් කළේය.

කම්කරු පක්ෂය මේ සඳහා එක හෙළාම විරුද්ධ වූ අතර ග්‍රීන්ස් පක්ෂය මේ සම්බන්ධ සෙනට් පත්‍රිකාවක් ඉදරිපත් කළේය.

මෙම නව යෝජනා සම්මත කරගැනීමට රජය ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය තීරණාත්මක ලෙස අපේක්ෂා කළ නමුත් Nick Xenophon ගේ කණ්ඩායම ද රජයේ යෝජනා වලට විරුද්ධත්වය දැක්වීය.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ මෙම යෝජිත වෙනස්කම් මධ්‍යම රජයට නැවතත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති නමුත් ඒවා හට නැවත සෙනට් සභාවේ අනුමැතිය හිමි කරගත යුතුය.

SBS පුවත් ඇසුරෙනි.

-------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne, Marija Zivic (Original)




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now