SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග දඩ වෙනස් වන ලකුණු ? (SBS සිංහල /වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග වල රිය ධාවනය කරන රියදුරන් හට සතියකට toll මාර්ග සම්බන්ධ දඩ එකකට වඩා දැරිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.

roads melbourne
Source: Wikipedia

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග (මුදල් ගෙවා රථ ධාවනය කළ යුතු මාර්ග) වල ධාවනය කිරීමේදී නිකුත් කරනු ලබන දඩ වලට නව යෝජනාවක් ග්‍රීන්ස් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග වල රිය ධාවනය කරන රියදුරන් හට සතියකට  toll මාර්ග සම්බන්ධ දඩ එකකට වඩා දැරිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ  අනුව කොපමණ වාර සංඛ්‍යාවක් රියදුරන් toll මාර්ග භාවිතා කළත් සතියකට දඩ කිහිපයකට මුහුණ දුන්නද එක් දඩයක් පමණක් නිකුත් කරන ලෙස ග්‍රීන්ස් පක්ෂය තම යෝජනාව මගින් ඉල්ලා සිටියි.

Image

Toll මාර්ග දඩ වලින් උසාවි පිරී යයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මහේස්ත්‍රාත් අධිකරණ වල toll මාර්ග දඩ සම්බන්ධ නඩු පිරී පවතින බව The Age වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙනිසා අධිකරණ පද්ධතියේ අනෙකුත් කටයුතු සඳහා සැලකිය යුතු ප්‍රමාදයන්  බව ග්‍රීන්ස් පක්ෂය පෙන්වා දෙයි.

එමෙන්ම toll මාර්ග සම්බන්ධ දඩ මුදල් විශාල ලෙස ඉහල නැගීමට පෙර ඒ සම්බන්ධ සෘජුවම විමර්ශනය කිරීමට ව්ක්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග මෙහෙයවන්නන් හට VicRoads මගින් අදාළ රියදුරන්ගේ විද්‍යුත් ලිපිනයන් සහ දුරකථන අංකයන් සැපයීම ද ග්‍රීන්ස් පක්ෂයේ මේ නව යෝජනාවේ අන්තර්ගතය.

සතියකට නොගෙවන toll මාර්ග සම්බන්ධ දඩ මුදල් ඩොලර් 2500 ත් ඩොලර් 100,000 ත් අතර විය හැකි බව Westjustice නීති මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

toll roads melbourne
Melbourne traffic Source: Wikipedia

ප්‍රාන්ත රජයේ අවධානය

ග්‍රීන්ස් පක්ෂයේ මෙම යෝජනාව සමගම වික්ටෝරියානු ප්‍රාන්තයේ toll මාර්ග සම්බන්ධ දඩ නිකුත් කිරීමේ ක්‍රියාවලිය සාධාරණ ලෙස වෙනස් කිරීමට ප්‍රාන්ත රජයේ අවධානය යොමුව තිබේ.

ග්‍රීන්ස් පක්ෂයේ යෝජනා සම්පූර්ණයෙන් කියවා බලා ඒ පිළිබඳ අදහසක් පැවසීමට හැකි බවත් වික්ටෝරියානු රියදුරන්ට toll මාර්ග සම්බන්ධ උපරිම සාධාරණයක් ඉටු කිරීමට තම රජය අපේක්ෂා කරන බවත් ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු The Age වෙබ් අඩවියට පැවසීය.

Image

මහේස්ත්‍රාත් අධිකරණ වලට පහසුවක්

ග්‍රීන්ස් පක්ෂය ඉදිරිපත් කළ මෙම පනත් යෝජනාව මගින් වික්ටෝරියානු ප්‍රාන්තයේ මහේස්ත්‍රාත් අධිකරණ වලට වත්මනයේ දැරීමට සිදුව ඇති මහත් පීඩනයෙන් මිදීමට හැකි වන බව  Westjustice  නීති ආයතනයේ ප්‍රධාන විධායක Denis Nelthorpe  පවසයි.

මේ අතර toll මාර්ග මෙහෙයවන්නන් මෙම යෝජනා පිළිබඳ අදහස් දැක්වීමට පෙර එය සම්පූර්ණයෙන් දැකිය යුතු බව EastLink නියෝජිතයෙකු පැවසීය.

පසුගිය මුදල් වර්ෂයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ Toll ආදායම ඩොලර් මිලියන 687 ක් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ toll සමාගම වන Transurban සමාගම පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now