ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වාර්තා ගත ලෙස රට හැර යාමක් වාර්තා වේ.
පසුගිය වසරේ අවසන් මාස තුන තුළදී පුද්ගලයින් 85,000 ක් පමණ නිල වශයෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වන අතර එම අගය 2016 වසරේ අවසන් මාස තුන තුළදී 9,000 ක් බව සඳහන්.
මෙම ඉහළ යාමට නිශ්චිත හේතුව කුමක්දැයි විශේෂඥයින්ට පවා තවම වැටහී නොමැති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වන්නේ කවුරුන්ද?
ඔස්ට්‍රේලියාවේ පසුගිය මාස 16 ඇතුළත මාස 12ක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව (වාසය කළ) සිටි පුද්ගලයින්ව මෙහිදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් ලෙස සලකා තිබේ.
ඒ අනුව බහුතරයක් අන්තර්ජාතික සිසුන් සහ තාවකාලික වීසා වල සිටින සේවකයින් මේ ගනයට අයත් වේ.

පිටව ගියේ කවුරුන්ද?
අන්තර්ජාතික සිසුන් බහුතරයක් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාම නිසා මෙලෙස සමස්ත සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පෙනී යන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජනගහන විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ Anthony Grubb, ABC පුවත් සේවයට පැවසීය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අතර පසුගිය වසර වල පිටවූ පිරිස් වලින් තුනෙන් එකක් පමණ ඔස්ට්‍රේලියානු පුරවැසියන් වූ බවත් ඔවුන් වෙනත් විදේශ රටවලට පිටව ගොස් ඇති බවත් සඳහන්.
හරි අඩකට ආසන්න පිරිසක් අන්තර්ජාතික සිසුන්, විදේශ backpackers සහ කාලය අවසන් වූ 457 වීසා හිමියන් වැනි තාවකාලික වීසා හිමියන් බව පැවසේ.

අන්තර්ජාතික සිසුන්
වසර අවසානයේ මෙසේ පිටව ගිය සංඛ්‍යාව ඉහළ යාමට විශ්ව විද්‍යාල වල ඉගෙනුම් වර්ෂය අවසන් වීම ද බලපා හැකි බව Macquarie විශ්ව විද්‍යාලයේ ජනගහන විද්‍යාඥ Nick Parr පැවසීය.
නමුත් හේතුව එයදැයි නිසැක වශයෙන් කීමට තවමත් කල් වැඩි බවද ඔහු පවසා ඇත.
කෙසේවෙතත්, මීට වසර 5 කට පෙර වසරකට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා ලියා පදිංචිවූ අන්තර්ජාතික සිසුන් සංඛ්‍යාව 300,000 ක් පමණ වූ නමුත් මේ වසරේ පෙබරවාරි වන විට එය 540,000 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

සංක්‍රමණිකයින් තීරණ වෙනස් කිරීම
අන්තර්ජාතික සිසුන්ට අමතරව මේ තත්ත්වය උද්ගත වීමට වෙනත් හේතුත් ඇති බව Macquarie විශ්ව විද්‍යාලයේ ජනගහන විද්‍යාඥ Nick Parr පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා පිරිනමන 457 වීසා අහෝසි කිරීම සහ සේවායෝජකයන්ගේ නිර්දේශ මත ස්ථිර පදිංචිය දක්වා යාමට හැකි මාවත් අවහිර වීම ද මේ තත්ත්වයට හේතුවී ඇති බව මහචාර්ය Parr පෙන්වා දෙයි.
පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු වල සිදුවූ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් ස්ථිර පදිංචිය අයදුම් කිරීමට තාවකාලික වීසා හිමියන්ට තිබු බොහෝ මාවත් අවහිර හෝ නැතිවී ගියේය.
කෙසේවෙතත්, පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීම සඳහා 240,000 කට අධික පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

