නව මුල්‍ය වර්ෂයේ ආරම්භයත් සමඟම පැරණි මුල්‍ය වර්ෂය සඳහා ඔබේ Tax Return හෙවත් බදු සැකැස්ම ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට යොමු කිරීමට කාලය පැමිණ ඇත.
මෙහිදී සුලබව පුද්ගලයින්ට අතපසුවෙන tax claim හෙවත් බදු ප්‍රතිලාභ වර්ග ගැන ඔබ දන්නවාද?
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)

ගණකාධිකාරී Rebecca Morgan ට අනුව වාර්ෂික බදු සැකැස්ම සූදානම් කිරීමේදී පුද්ගලයින්ට පහසුවෙන් අතපසුවෙන tax claim වර්ග වනුයේ,
ආදායම් ආරක්ෂණ රක්ෂණය පරිත්‍යාග බදු ගණකාධිකාරීවරයාගේ පිරිවැය සහ ගණකාධිකාරීවරයාව හමුවීම සඳහා වැය වන ගමන් ගාස්තු
ගණකාධිකාරී Rebecca පවසනුයේ income protection insurance හෙවත් ආදායම් ආරක්ෂණ රක්ෂණය බොහොමයක් දෙනාට අතපසුවෙන බවයි. මෙය තමන්ගේ ජීවිත රක්ෂණය නොව ආදායම් ආරක්ෂණ අදාළ කොටස බවද ඇය පවසයි.
income protection insurance හා salary continuance යන නමින්ද හදුන්වන ආදායම් ආරක්ෂණ රක්ෂණය තුළින් ඔබට අසනීප හෝ තුවාල හේතුවෙන් රැකියාවට යාමට නොහැකි විට තමන්ගේ වියදම් පිරිමසා ගැනීමට මුදල් ලැබෙයි.
ඔබගේ ආදායම් ආරක්ෂණ රක්ෂණය superannuation ගිණුම තුළින් තිබිය හැකි අතර එවිට ඔබට මෙම බදු ප්‍රතිලාභය ලබාගත නොහැක. මෙය ලබා ගත හැක්කේ ඔබේ superannuation ගිණිමුට පරිභාහිරව ලබා ගන්නා රක්ෂණ සඳහා පමණි.
ඕස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්තයක ඔබ සිටියත් ඔබට සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනවල පෙරවරු 11 සිට SBS සිංහල සේවයට සවන්දිය හැකියි
බොහෝ දෙනෙකුට අතපසුවෙන තවත් බදු ප්‍රතිලාභ වර්ගයක් වනුයේ පෙර මූල්‍ය වර්ෂයේදී සිදු කල පරිත්‍යාගයි. මෙහිදී බදු ප්‍රතිලාභ සඳහා යෝග්‍ය පරිත්‍යාග මුදල් සම්පූර්ණයෙන්ම යොදාගත හැකි බැවින් තමන් සිදුකල පරිත්‍යාග සඳහා අදාළ රිසිට් පත් ළඟ තබා ගත යුතුයි යන්න විශේෂයෙන් මතක් කල යුතුයි.
එසේම පෙර මූල්‍ය වර්ෂයේදී බදු ගණකාධිකාරීවරයා අය කල ගාස්තු හා ගණකාධිකාරීවරයාව හමුවීම සඳහා වැය වුනු ගමන් ගාස්තුද බදු ප්‍රතිලාභ ලෙස ලබා හැකි බව මතක තබා ගත යුතුයි.
ව්‍යාපාර කටයුතු සඳහා අදාළ tax claim වර්ග මොනවාද?
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ඔබ රැකියාවේ නිරත වෙන ක්ෂේත්‍රයට අදාළ tax claim තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වෙබ් පිටුවට මෙතැනින් පිවිසිය හැකියි.
කෙසේවුවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Karen Foat පවසනුයේ එකම ක්ෂේත්‍රයේ වුවද බදු ප්‍රතිලාභ වර්ග පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි. මේ නිසා තමන්ගේ වැඩපොළහි අනෙකුත් සේවකයින් බදු ප්‍රතිලාභයක් ලබා ගත්තද එය තමන්ටත් අදාළ බව පහත කරුණු සලකා බලා තීරණය කල යුතු බව ඇය අවධාරණය කරයි.
- මෙම වියදම ඔබ පෞද්ගලිකව දරා තිබිය යුතු අතර එය ඔබ රැකියාවේ යෙදෙන ස්ථානයෙන් ප්‍රතිපූරණය නොකර තිබිය යුතුයි.
- එය ඍජුවම ඔබේ ආදායම ඉපැයීම සඳහා බලපෑ යුතුයි.
- මෙම වියදම ඔප්පු කල හැකි වාර්තා ඔබ ළඟ තිබිය යුතුයි.
නිවසේ සිට වැඩ කිරීම

වර්තමානයේදී බොහෝ දෙනෙකු තමන්ගේ නිවසේ සිට වැඩ කිරීම සුලබව දක්නට ලැබෙයි. ගණකාධිකාරී Rebecca පවසනුයේ පැයකට සත 52ක් බදු සැකැස්ම තුළින් උපයෝගිතා පිරිවැය සහ කාර්යාල භාණ්ඩ ක්ෂයවීම සඳහා බදු ප්‍රතිලාභ ලෙස ලබා ගත හැකි බවයි. වැඩිදුරටත් ඇය පැවසුවේ තමන්ගේ නිවසේ සිට වැඩ කල කාලය දිනපොතක සටහන් කිරීම තුළින් මුල්‍ය වර්ෂය අවසානයේදී බදු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අදාළ වාර්තාවක් ලෙස එය භාවිතා කල හැකි බවයි.
රැකියාවට අදාළ ස්වයං අධ්‍යාපනය
තමන්ගේ රැකියාවට අදාළ ස්වයං අධ්‍යාපනයක ඔබ යෙදෙනවානම් ඉන් සමහර වියදම් ඔබට බදු ප්‍රතිලාභ ලෙස ලබා ගත හැකියි. ඒ සඳහා එම වියදම් වල ප්‍රතිඵලයක් ලෙස,
- ඔබගේ සේවායෝජකයගෙන් ඔබට ලැබෙන ආදායම ඉහල යා යුතුයි.
- ඔබේ රැකියාවට අදාළ දෙයක් ඉගෙන ගැනීමට හෝ ඔබේ වෘතීය කුසලතාවයක් පවත්වා ගැනීමට හෝ ඉහල නැන්වීමට එය දායක විය යුතුයි.
මෙම වියදම් සඳහා උදාහරණ ලෙස පාඨමාලා ගාස්තු, ශිෂ්‍ය සංගම් ගාස්තු, පෙළපොත්, ලිපි ද්‍රව්‍ය, අන්තර්ජාල ගාස්තු, නිවාස කාර්යාල වියදම්, වෘත්තීය සඟරා ගාස්තු හා ඇතැම් ගමනාගමන ගාස්තු අදාළ විය හැකියි.
එසේම ඔබේ රැකියාවේ කොටසක් ලෙස සහභාගීවූ සම්මන්ත්‍රණ හා සම්මේලන සඳහා අදාළ ගාස්තු ද බදු ප්‍රතිලාභ ලෙස ලබාගැනීමට ඉඩ කඩ තිබෙයි.

රැකියාවට අදාළ ගමනාගමන ගස්තු
මෙහෙදී අවධාරණය කල යුතු වැදගත්ම කරුණක් වනුයේ නිවසේ සිට කාර්යාලය වෙත යාමට සහ ඒමට වැය වෙන ගාස්තු සඳහා බදු ප්‍රතිලාභය ලබාගත නොහැකි බවයි. නමුත් සේවාදායකයකුගේ කාර්යාලය වැනි වෙනත් ස්ථානයකට රැකියාවේ කොටසක් ලෙස ගමන් කරන්නේ නම් ඒ සඳහා අදාළ ගමනාගමන ගාස්තු මෙන්ම රථ ගාල් කිරීමේ ගාස්තු ද බදු ප්‍රතිලාභය ලෙස ලබාගත හැකි බව ABC මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් ගණකාධිකාරී Rebecca පැවසුවාය.
එසේම රැකියාවේ කටයුතු සඳහා ඔබේම රථය භාවිතා කරනුයේ නම් බදු ප්‍රතිලාභය ලබාගැනීමේදී තෝරාගැනීමට විකල්ප දෙකක් තිබෙයි.
පළමු විකල්පය වනුයේ බදු ප්‍රතිලාභ ගනණය කිරීමේදී කිලෝමීටර එකක් සඳහා සත 68ක් යොදාගැනීමයි. මෙහිදී 5000 KM උපරිමයකට යටත්ව ඔබට බදු ප්‍රතිලාභ සඳහා අයැදුම් කල හැකියි. එසේම ගමනේ යෙදුනු කිලෝමීටර ප්‍රමාණය සටහන් කිරීමට දිනපොතක් වුවුද භාවිතා කල හැකි බව Rebecca මහත්මිය පැවසුවාය.
අනෙක් විකල්පය වනුයේ ඔබේ සියලුම අදාළ වියදම් ලොග් පොතක් තුල සටහන් කිරීමයි.

ඔබ දුරස්ථ ප්‍රදේශයක ජීවත්වනවා නම් zone tax offset බදු ප්‍රතිලාභය ලබාගත හැකියි.
zone tax offset බදු ප්‍රතිලාභය යනු දුරස්ථ ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින් මුහුණදෙන එදිනෙදා දුෂ්කරතා හඳුනාගෙන ඒ සඳහා ලබා දෙන බදු සහනයකි. මෙම බදු ප්‍රතිලාභය ලබාගැනීමට ඔබ zone tax offset මගින් ආවරණය වූ පෙදෙසක පදිංචි වී සිටිය යුතුයි. මෙම පෙදෙස් Zone A හා Zone B ලෙස ඛාණ්ඩ කර ඇති අතර එම කලාප තුළද වැඩි දුෂ්කරතා හඳුනාගත් විශේෂ කලාප ඇත.
මෙම බදු ප්‍රතිලාභ ලබා ගැනීමටන ඔබට තිබිය යුතු මූලික සුදුසුකම්,
- zone tax offset මගින් ආවරණය වූ ඔස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශක පදිංචිය තිබීම.
හෝ
- ඔස්ට්‍රේලියනු ආරක්ෂක බලකායේ හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක බලකායේ සාමාජිකයෙකු ලෙස විදේශීය රටක සේවය කර තිබීම.
මෙහිදී ඔබේ බදු සීමාව සැකසුනු ලැබෙනුයේ ඔබ මුහුණ දුන් තත්වයන් සැලකිල්ලට ගෙනයි.
එසේම මෙම බදු ප්‍රතිලාභ ලබා ගැනීමටනම් අවම වශයෙන් ඔබ දින 183ක් දුරස්ථ ප්‍රදේශයන්හි පදිංචිව සිටිය යුතුයි.
රිසිට් පත් තබා ගැනීමට පහසු විදියක්
පහසුව තකා ගණකාධිකාරී Rebecca යෝජනා කරනුයේ තමන්ගේ බදු සැකැස්මට අදාළ රිසිට් පත් ඉලෙක්ට්‍රෝනික ලෙස ගබඩා කරනා ලෙසයි. මේ සඳහා ඔබට භවිතා කලහැකි මෘදුකාංග බොහොමයක් වෙළඳපොළේ තිබෙන අතර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් නිර්මාණය කල myDeductions මෘදුකාංගයද භාවිතා කල හැකියි. මෙම මෘදුකාංගය මෙතැනින් බාගත කල හැකියි.
ඔබ ගණකාධිකාරීවරයෙකු භාවිතා කළ යුතුද නැතහොත් එය ඔබටම කළ හැකිද?
ගණකාධිකාරී Rebecca පවසනුයේ විකල්ප දෙකෙහිම ප්‍රතිලාභ ඇති බවයි. ඔබ
ගණකාධිකාරීවරයෙකුගේ සහය ලබා ගන්නේනම් ඔබට අදාළ සියළුම බදු ප්‍රතිලාභ නිර්ණය කිරීමට ඔවුනට හැකි වෙනු ඇත. එසේම ඒ සඳහා ඔබ දරනා පිරිවැය ඊලඟ මූල්‍ය වර්ෂයේදී බදු ප්‍රතිලාභ ලෙස ලබා ගැනීමට හැකි වීම නිසා ආර්ථිකමය වශයෙන් සිදුවෙන සිදුවෙන බලපෑම ද අවමයි.
නමුත් ඔබ තොරොතුරු පිරික්සීමෙන් අනතුරුව ඔබට බදු ප්‍රතිලාභ ලබා ගත නොහැකි බව විශ්වාස නම් අන්තර්ජාලය ඔස්සේ ඔබේ බදු සැකැස්ම තනිවම කල හැකියි යන්න ඇයගේ මතයයි.
ඔබගේ Annual Tax Claim හෙවත් වාර්ෂික බදු සැකැස්ම තනිවම සකසාගත හැකි ආකාරය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට මෙම විශේෂාංගයට සවන් දෙන්න
සේවායෝජකයා ළඟ ඔබ පිළිබඳව ඇති තොරතුරු යාවත්කාලීන කරන්න
ඔබට ගෙවීම් සිදුකිරීමේදී සේවායෝජකයන්ට රැඳවුම් බද්දක් හෙවත් withhold tax වෙන් කිරීමට සිදුවෙයි. මෙම බදු ප්‍රමාණය තීරණය වනුයේ ඔබගේ සේවායෝජකයා හට ලබාදී ඇති withholding declaration වැනි තොරතුරු මතයි. එම නිසා ඔබ ගෙවනා බදු සඳහා බලපාන තත්වයන් වෙනස් වුවුහොත් ඒ පිලිබඳ ඔබගේ සේවායෝජකයා දැනුවත් කිරීමට වගකීම ඇත්තේ ඔබටය.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ මෙම වෙබ් පිටුවට ගොස් ඔබට අදාළ රැඳවුම් බද්ද හෙවත් withhold tax ප්‍රමාණය ගනණය කල හැකියි.
සේවකයන් මිලියන 7.5කට පමණ ATO Online ගිණුම තුළින් year-to-date pay හෙවත් වත්මන් මූල්‍ය වර්ෂය ආරම්භයේ සිට ලැබූ වැටුප්, බදු සහ superannuation තොරතුරු ලබා ගත හැකියි. එසේම Online ගිණුම තුල පෙර තිබූ සේවායෝජකයා විසින් ලබාදුන් ගෙවීම් සාරාංශය වෙනුවට වසර අවසාන ආදායම් ප්‍රකාශයක් තිබෙනු ඇත.
ඔස්ට්‍රේලියාවේ Annual Tax Return එක යොමු කිරීමේදී බහුලවම සිදු කරන වැරදි 5ක් දැනගන්න මෙතනින් පිවිසෙන්න


