ඔස්ට්‍රේලියාවේ ඇතැම් Family Stream වීසා අයදුම්පත් යොමු කළ යුතු ආකාරය සහ ස්ථානය ඊයේ (01/07) සිට වෙනස්කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

Family stream වීසා
ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ Family stream සංක්‍රමණය යනු ප්‍රධාන ඛාණ්ඩයකි.
2013-14 මුල්‍ය වර්ෂයේදී Family stream වීසා 60,885 කින් ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කෝටාව සමත් වූ අතර එය ඔස්ට්‍රේලියාවේ සමස්ත සංක්‍රමණික කෝටාවෙන් 32% ක ප්‍රතිශතයකි.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම වීසා ඛාණ්ඩය සඳහා තෝරා ගනු ලබන්නේ අයදුම්කරුවන්ට අනුග්‍රහය දක්වන ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින් සමග අයදුම්කරුවන්ගේ ඇති සබඳතාව මතය.
නිපුණතා සංක්‍රමණය සඳහා පනවා ඇති ඉංග්‍රීසි භාෂා හෝ නිපුණතා පරීක්ෂණ වලට මෙම වීසා ඛාණ්ඩය යටතේ අයදුම්කරන පුද්ගලයින්ට මුහුණ දීමට සිදු නොවේ.
Family stream වීසා partner, child, parent සහ other family වීසා යනුවෙන් ප්‍රධාන ඛාණ්ඩ 4 කින් සමන්විතය.

2018 ජූලි 01 සිට Family Stream වීසා අයදුම්පත් යොමු කළ යුතු ආකාරයේ වෙනස්කම්
Partner සහ Prospective Marriage වීසා අයදුම්පත්
ඊයේ (01/07) සිට Partner සහ Prospective Marriage වීසා (subclass 820, 801, 309, 100 සහ 300) ඔස්ට්‍රේලියාවේ ImmiAccount හෙවත් ආගමන ගිණුමකින් අන්තර්ජාලය ඔස්සේ යොමු කළ යුතුය.
අදාළ අයදුම්පත් සඳහා ගෙවිය යුතු ගාස්තුද ImmiAccount හරහාම ගෙවිය යුතු වේ.
ඒ අනුව මෙම ඛාණ්ඩයේ වීසා අයදුම්කරන විට තවදුරටත් තැපැල් මාර්ගික අයදුම්පත් බාර නොගන්නා බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

Other family වීසා අයදුම්පත්
Other family වීසා ඛාණ්ඩයේ සියලු අයදුම්පත් පර්ත් නුවර පිහිටි වීසා සහ පුරවැසිභාවය පිළිබඳ කාර්යාලයට තැපැල් මගින් හෝ courier සේවාවක් මගින් හෝ යැවිය යුතු වේ.
ඒ අනුව ඊයේ (01/07) පටන් මෙම ඛාණ්ඩයේ අයදුම්පත් විදේශ රටවල පිහිටා ඇති ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු කාර්යාල හරහා හෝ කොන්ත්‍රාත්තු සේවා සපයන ආයතන හරහා යොමු කළ නොහැකිය.
Other family වීසා ඛාණ්ඩය යටතේ පහත සඳහන් වීසා අඩංගු වේ.
- Carer වීසා (subclass 116 හා 836)
- Remaining Relative වීසා (subclass 115 හා 835)
- Aged Dependent Relative වීසා (subclass 114 හා 838)
මේ සඳහා අවශ්‍ය අයදුම්පත ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ඔබට බාගත කරගත හැකිය.
එමෙන්ම මේ සඳහා ගෙවිය යුතු ගාස්තු ImmiAccount හෙවත් ආගමන ගිණුමකින් අන්තර්ජාලය හරහා ගෙවිය යුතු වේ.
අන්තර්ජාලය ඔස්සේ මෙම අයදුම්පත් යොමු කිරීමට හැකියාවක් නොමැත.

Parent වීසා අයදුම්පත්
Parent වීසා (subclasses 103, 804, 173, 143, 884 හා 864) සඳහා යොමු කෙරෙන අයදුම්පත් ද ඊයේ (01/07) සිට පර්ත් නුවර පිහිටි වීසා සහ පුරවැසිභාවය පිළිබඳ කාර්යාලයට තැපැල් මගින් හෝ courier සේවාවක් මගින් හෝ යොමු කළ යුතු වේ.
මෙම ඛාණ්ඩයේ අයදුම්පත් තවදුරටත් ඔබට අතින් ගෙනගොස් බාර දිය නොහැකිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

