ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට තම අයදුම්පත් සලකා බැලීමේ වාරය පැමිණෙන තුරු බලා සිටීමේ කාලය තවත් දිගුවී ඇති බව
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge, SBS ගුවන් විදුලිය සමග සිදු කළ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

අයදුම්පත් සළකා බැලීම ප්‍රමාද වීමට හේතු
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාම මේ සඳහා එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge පෙන්වා දෙයි.
සෑම වසරකම 190,000 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගන්නා අතර එම පුද්ගලයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් පසුකාලීනව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කරන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ තත්ත්වය යටතේ වර්තාමානය වන විට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් ප්‍රමාණය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති නව ක්‍රියා මාර්ග හේතුවෙන්ද අයදුම්පත් සලකා බැලීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බව අමාත්‍ය Alan Tudge සඳහන් කළේය.

අයදුම්පත් සලකා බැලීමේ කාලය
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වීසා සහ පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය වන universal processing times වලට අනුව පුරවැසිභාවය සඳහා ලැබෙන අයදුම්පත් වලින් 75% ක ප්‍රමාණයක් මාස 14 ක කාලයක් ඇතුළත සලකා බැලෙයි.
එමෙන්ම, 90% ක් පමණ අයදුම්කරුවන් හට තම අයදුමපත පිළිබඳ අවසන් තීරණය අයදුම්පත යොමු කර මාස 16 ක් පමණ කාලයක් ඇතුලත ලැබේ.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සාමන්‍යයෙන් බලා සිටිය යුතු කාලයට වඩා තවත් මාස කිහිපයක් මේ තත්ත්වය නිසා බලා සිටිය යුතු වේවි යැයි ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge පැහැදිලි කළේය.

ජාතික ආරක්ෂාව නිසා අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වන්නේ ඇයි?
ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි ලෙස අවදානමක් සහිත රටකින් පැමිණි පුද්ගලයෙකුගේ අයදුම්පත සලකා බැලීමේ කාලය ජාතික ආරක්ෂාව පිළිබඳ එතරම් අවදානමක් නොමැති රටකින් පැමිණි පුද්ගලයෙකුගේ අයදුම්පත සලකා බැලීමේ කාලයට වඩා වැඩි වන බව අමාත්‍යවරයා පැවසුවේය.
එනිසා මේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බවද ඔහු පවසයි.
සාමන්‍යයෙන් වසරකට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය, පුරවැසිභාවය සහ අනෙකුත් වීසා සඳහා මිලියන 9 ක පමණ අයදුම්පත් ආගමන කටයුතු හෙවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලැබෙන බව ද ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge, SBS ගුවන් විදුලියට පැවසුවේය.

පුරවැසිභාවය අනුමත වූ අයදුම්පත්
2017 -18 වර්ෂයේ මුල් මාස 8 තුළ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට යොමු කෙරුණු අයදුම්පත් සලකා බලා එයින් 54,419 ක් අනුමත වූ බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු දත්ත පවසයි.
එම කාලය තුළ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සංක්‍රමණිකයින් 141,236 සංඛ්‍යාවක් අයදුම්කළ බවද එම දත්ත පෙන්වා දෙයි.
මේ අතර 2016-17 වර්ෂයේදී පුරවැසිභාවය ලබා ගැනීමට යොමු කෙරුණු අයදුම්පත් 139,285 ක ප්‍රමාණයක් අනුමත වූ බව සඳහන්.
මේ අනුව පසුගිය 2017 වසරේ අප්‍රේල් මාසයේ සිට පුරවැසිභාවය සඳහා යොමු කෙරුණු අයදුම්පත් සලකා බැලීම කැපී පෙනෙන ලෙස මන්දගාමී වී ඇති අයුරු දක්නට ලැබෙන බවත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී ඉංග්‍රීසි පරීක්ෂණයකට මුහුණ දිය යුතු වැනි මධ්‍යම රජයේ යෝජිත වෙනස්කම් අනුමත වන තුරු රැදී සිටීම ඊට එක් ප්‍රධාන හේතුවක් බවත් බොහෝ සංක්‍රමණික ඒජන්තවරුන්ගේ අදහස වී තිබේ.
නමුත් පුරවැසිභාවය ලබා ගැනීමේදී පවත්වනු ලබන ඉංග්‍රීසි පරීක්ෂණය පිළිබඳ තවමත් මධ්‍යම රජය අවසන් තීන්දුවකට එළඹ නැති බව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge, SBS ගුවන් විදුලියට පැවසුවේය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

