Tourism Australia වලට අනුව 2018 ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පැවැත්වෙන ප්‍රධානතම සහ ජනප්‍රියතම උත්සව පහත පරිදි වේ.
Australian Capital Territory
Canberra Truffle Festival (ජුනි - අගෝස්තු)
ජුනි මස සිට අගෝස්තු මාසය දක්වා ඔස්ට්‍රේලියාවේ සෑම ශීත සෘතුවකම පැවැත්වෙන මෙම Truffle උත්සවය මෙවරද කැන්බරා නුවර මූලික කරගනිමින් Australian Capital Territory හි පැවැත්වේ.
විවිධ වර්ගයේ ආහාර පාන සෑදීමේ වැඩමුළු සහ වැඩසටහන් මෙම උත්සවය පුරාවටම ගෙන එන අතර ඔස්ට්‍රේලියාවටම ආවේනික වූ වයින් වර්ග වල අත්දැකීම් ලබාගන්නට ද මෙහිදී ඔබට හැකියාව ලැබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Bathrust Winter Festival (ජූලි 07 - 22)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Bathurst නැමති උප නගරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Bathrust Winter Festival ශීත සෘතුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවැත්වෙන විශාලතම හා වර්ණවත්ම උත්සව වලින් එකකි.
මෙහිදී පෞරාණික ගොඩනැගිලි වලට නොයෙක් අන්දමේ වර්ණවත් විදුලි ආලෝක ධාරා එල්ල කරමින් නොයෙක් රටා මැවීමක් සිදු කෙරෙන අතර එළිමහනේ විශාල අයිස් පිටියක ක්‍රීඩා කිරීමටද අවස්ථාව සලසා දී තිබේ.
නොයෙක් අන්දමේ විනෝද ක්‍රීඩා මෙන්ම විවිධ ආකාරයේ ආහාර පාන වල රස බැලීමට ද මෙහිදී හැකියාව ලැබෙනු ඇත.
2018 ජූලි 07 සිට 22 දක්වා සෑම දිනකම පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා Bathrust Winter Festival පැවැත්වේ.

Northern Territory
Australian Outback Marathon (ජූලි 28)
ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව පැවැත්වෙන මැරතන් තරග වලින් තවත් එක් ප්‍රසිද්ධ මැරතන් තරගයක් ලෙස Australian Outback Marathon තරගය හැඳින්වේ.
සෑම වසරකම ජූලි මාසයේ පැවැත්වෙන මෙම තරගය මෙවර ජූලි 28 වන දින පෙරවරු 7.45 ට ආරම්භ වන අතර සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 36 ක් ලෙස දැක්වෙයි.
නොදර්න් ටෙරිටරි හි අතිශය ජනප්‍රිය Uluru සහ Olgas ප්‍රදේශ හරහා මෙහි ගමන් මග වැටී ඇති ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
2010 ජූලි 31 වන දින නිල වශයෙන් ආරම්භ වූ මෙම Australian Outback Marathon තරගයේ ආරම්භක තරගය සඳහා 187 ක පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.
පසුව ක්‍රමයෙන් තරගය සඳහා සහභාගී වන පිරිස වැඩිවෙමින් පවතින අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයන් අතරද මෙය ඉමහත් ප්‍රසිද්ධියට පත්වී තිබේ.

Camel Cup (ජූලි 14)
නොදර්න් ටෙරිටරි හි Alice Springs ප්‍රදේශයේ වාර්ෂිකව පැවැත්වෙන Camel Cup හෙවත් ඔටුවන් පිට යාමේ තරගය මෙවරත් ජූලි 04 වන දින පැවැත්වේ.
Alice Springs ප්‍රදේශයේ Blatherskite උද්‍යානයේදී පැවැත්වෙන මෙම තරගය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔටුවන් පිට යාමේ විශාලතම තරගය ලෙසද හැඳින්වේ.
197 වසරේදී ඇරඹි මේ තරගය සඳහා මුලින්ම සහභාගී වී ඇත්තේ ඔටුවන් දෙදෙනෙකු පමණි.

ක්වීන්ස්ලන්තය
Big Red Bash (ජූලි 10 -12)
ක්වීන්ස්ලන්තයේ Simpson කාන්තාරය මායිමේ පිහිටි Big Red වැටිය ආශ්‍රිතව වාර්ෂිකව පවත්වන Big Red Bash දුෂ්කර හා පිටිසරක පවත්වනු ලබන ලොව විශාලතම සහ ප්‍රධානතම සංගීත උත්සවය වේ.
Outback අත්දැකීමට කැමති පිරිස් විශාල වශයෙන් මෙම උත්සවය සඳහා සහභාගී වන අතර ඔවුන් පැමිණ කඳවුරු බැඳ දින 3ක් පුරාවට පැවැත්වෙන මෙම උත්සවයට සහභාගී වෙයි.

ටස්මේනියාව
Festival of Voices (ජුනි 29 - ජූලි 15)
ශීත කාලයේදී ටස්මේනියාවේ පැවැත්වෙන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් ලෙස මෙය හැඳින්වෙන අතර මෙය ඔස්ට්‍රේලියාවේද ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් ලෙස ප්‍රසිද්ධ වේ.
ටස්මේනියාවේ ප්‍රධාන නගරය වන හෝබාට් නුවර නගර මධ්‍යයේ විශාල ගිනි මැලයක් දල්වා ඒ වටා එකතුව විවිධ භාෂාවන්ගෙන් ගීත ගායනා කිරීම මෙහිදී සිදුවන අතර මිනිසුන් අතර ඇති බැඳියාව තවත් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
Festival of Voices උත්සවය සති දෙකක් පුරාවට පැවැත්වෙන අතර එය නැරඹීම සඳහා 30,000 ක් පමණ පිරිසක් පැමිණෙන බවද වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තය
Winter Wonderlights (ජුනි 30 - ජූලි 22)
ඔස්ට්‍රේලියාවට නත්තල උදා වන්නේ ග්‍රීෂ්ම කාලයේ වුවද සැබෑ නත්තල් සිරිය සහ පහස ඇත්තේ ශීත කාලයේ එළඹෙන නත්තලේ බව බොහෝ අය දරන මතයකි.
මෙම මතය සැබෑවක් කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ ශීත කාලයේ ඒ නත්තල් සිරිය හා පහස වාර්ෂිකව ගෙන එන උත්සවයක් ලෙස Winter Wonderlights හැඳින්විය හැකිය.
සෑම වසරකම ජූලි මාසයේ පැවැත්වෙන මෙය බැලරාට් කලාපයේ සුප්‍රසිද්ධ Sovereign Hill ප්‍රදේශයේ දී පැවැත්වේ.
දහවල් සහ රාත්‍රී කාල වල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් ඔබට පිරිනමන මෙහි කෘතීම හිම ජනක යන්ත්‍ර වලින් හිම වෑස්සීම් සිදු කරමින් විවිධ ආලෝක රටා ඔස්සේ අමුතුම ලෝකයක් මවයි.
පවුලේ සැමට එකට විනෝද විය හැකි Winter Wonderlights ශීත සෘතුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවත්වන ජනප්‍රියතම උත්සවයක් ලෙස වාර්තා වේ.

බටහිර ඔස්ට්‍රේලියාව
කැලෑ මල් දැක්ම (ජුනි - නොවැම්බර්)
බටහිර ඔස්ට්‍රේලියාවේ කැලෑ මල් එකතුව ලොව පවතින විශාලතම කැලෑ මල් එකතුව ලෙස වාර්තා වන අතර කැලෑ මල් විශේෂ 12,000 කට අධික සංඛ්‍යාවක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් දැක බලාගත හැකිය.
ලොව පවතින කැලෑ මල් වලින් 60% ක්ම මේ කලාපයෙන් පමණක් ඔබට දැකගැනීමට හැකිවන අතර ලොව වෙනසත් කිසිදු ප්‍රදේශයකින් එම විශේෂ දැකීමට හැකියාව නොලැබේ.
ජුනි මාසයෙන් ආරම්භ වන මෙම මල් සෘතුව නොවැම්බර් මාසය තෙක් විහිදී යයි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

