ලොව ක්‍රියාත්මක විශ්ව විද්‍යාල අළලා වාර්ෂිකව සිදු කරන නවතම ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල හතරක් 2018 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාල 100 අතරට තේරී තිබේ.
The Center for World University Rankings හෙවත් CWUR ආයතනය විසින් 2012 සිට මෙම ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි.
ඒ ඒ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික තත්ත්වය, උපාධිධාරීන්ගේ සේවා යෝජකත්වය, පර්යේෂණ ප්‍රතිඵල වැනි අංශ පිළිබඳ සළකා මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරයි.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල
2018 වසර සඳහාවූ ලොව හොඳම විශ්ව විද්‍යාල 100 අතරේ මෙල්බන් විශ්ව විද්‍යාලය 57 වන ස්ථානයට පත්ව ඇති අතර එය හිමිකරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 83.9 කි.
පසුගිය වසරේ මෙල්බන් විශ්ව විද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීමේ 82 වන ස්ථානයට පත්ව තිබු අතර මෙවර එය ස්ථාන 25 ක් ඉදිරියට පැමිණ ඇත.
එමෙන්ම සිඩ්නි විශ්ව විද්‍යාලය මෙවර ශ්‍රේණිගත කිරීමේ 71 වන ස්ථානයට පත්ව ඇති අතර එය හිමිකරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 83 කි.
සිඩ්නි විශ්ව විද්‍යාලය පසුගිය වසරේ 74 වන ස්ථානයට පත්ව තිබු අතර ලොව හොඳම විශ්ව විද්‍යාල 100 අතර තිබු ඔස්ට්‍රේලියාවේ පළමු විශ්ව විද්‍යාලය ලෙස ද තේරී පත් විය.
නමුත් මෙවර එය මෙල්බන් විශ්ව විද්‍යාලයට හිමිව තිබේ.
මේ අතර ක්වීන්ස්ල්නත විශ්ව විද්‍යාලය මෙවර ශ්‍රේණිගත කිරීමේ 74 වන ස්ථානයටද කැන්බරා හි ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය 82 වන ස්ථානයටද පත්ව තිබේ.
ක්වීන්ස්ල්නත විශ්ව විද්‍යාලය පසුගිය වසරේ 94 වන ස්ථානයේ පසුවූ අතර කැන්බරා හි ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය පසුගිය වසරේ 163 වන ස්ථානයේ පසුවිය.

2018 ලොව හොඳම විශ්ව විද්‍යාල 10
2018 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාලය ලෙස ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලය තේරී පත්ව ඇති අතර එය මුළු ලකුණු 100 ක් ලබා තිබේ.
දෙවැනි හා තුන්වන ස්ථානද පිළිවෙලින් ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය සහ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය හිමි කරගෙන තිබේ.
එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මෙවර ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානයටද එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මෙවර ශ්‍රේණිගත කිරීම් හි පස්වන ස්ථානයටද පත්ව ඇත.
එමෙන්ම ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය හයවන ස්ථානයටද, Princeton විශ්ව විද්‍යාලය හත්වන ස්ථානයටද, Columbia විශ්ව විද්‍යාලය අටවන ස්ථානයටද, කැලිෆෝනියා තාක්ෂණික ආයතනය නවන ස්ථානයටද තේරී පත්ව ඇති අතර චිකාගෝ විශ්ව විද්‍යාලය මෙවර ලෝකයේ දසවන හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී පත්ව තිබේ.

මේ අතර ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලය මෙවර ශ්‍රේණිගත කිරීමේ 12 වන ස්ථානයට තේරී පත්ව ඇති අතර 2018 ලොව හොඳම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ආසියානු කලාපයෙන් ඉහළටම පැමිණි විශ්ව විද්‍යාලය ලෙසද එය හැඳින්වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය මෙවර ශ්‍රේණිගත කිරීමේ 119 වන ස්ථානයට පත්ව ඇති අතර මොනෑෂ් විශ්ව විද්‍යාලය 125 වන ස්ථානයටද බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය 145 වන ස්ථානයටද පත්ව ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

