SKIP TO MAIN CONTENT

ඥානසාර හිමියන් බරපතල වැඩ සහිතව මාස 6 කට සිරගෙට යැවේ.

Gnanasara Tero_ BBS _Sri Lanka
Gnanasara Tero_ BBS _Sri Lanka

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ හට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පවරා තිබු නඩුවේ දඩුවම් නියම කිරීම අදට (14 June) යෙදී තිබිණ. එහිදී උසාවිය මඟින් මිට සුළු මොහොතකට පෙර (ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12. 00 ට පමණ) උන්වහන්සේ වැරදිකරු බවට නියමකොට මස 6 ක සිර දඬුවමක් නියම කරන ලදී. 

එසේම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 වන්දි මුදලක් ගෙවන ලෙසටද නියෝග කොට තිබේ. එසේම රජයට දඩ මුදල් ලෙසින් රුපියල් 1500 ක මුදලක්ද ගෙවිය යුතු බවට නියෝග කොට ඇත.

නීති සංග්‍රහයේ 346 වෙනි වගන්ති ප්‍රකාරව සන්ධ්‍ය එක්නැලිගොඩ මහත්මියට අපහාස වන අයුරින් හැසිරීම සහ 486 වෙනි වගන්ති ප්‍රකාරව මරණ තර්ජන එල්ල කිරීම යන හේතු යටතේ ඥානසාර ස්වාමීන්වහන්සේ හට මෙලෙස දඬුවම් නියම වී ඇත.

මෙම නඩුවේ තීන්දුව මුල් කොට ගෙන කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් මේ වන විටත් හෝමාගම අධිකරණ සංකීර්ණය අවට අතිරේක පොලිස් බලඇණි පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරකය රථ රඳවා ඇතැයි වාර්තා වේ.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now