Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලෝකයේ රටවල ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස ගැන ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

ලොව ප්‍රධාන රටවල නීති ප්‍රකාරව ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස පිළිබඳ මෙම ලිපියෙන් දැක්වෙයි.

ages of sexual consent around the world

Source: Getty Images

පසුගිය මාස කිහිපය ඇතුළත ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල සිදුවන ලිංගික අඩන්තේට්ටම් සහ අපයෝජන පිළිබඳ ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය වල සිරස්තලයක් බවට පත්විය.

ඉන් අනතුරුව ඒ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධ කරගනිමින් නොයෙක් සමීක්ෂණ මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක විය.

මේ අතර ලොව පුරා රටවල ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස සම්බන්ධයෙන් කැපී පෙනෙන පරතරයක් ඇති බව මෙල්බන් විශ්ව විද්‍යාලයේ Jeremy Gans පවසයි.

ඒ අතර තවත් බොහෝ රටවලට එසේ ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයසක් නිල වශයෙන් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයසක් ප්‍රකාශයට පත් කිරීම තුළින් ළමුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වීමේ වැඩි ඉඩක් පවතින අතර තරුණ පරපුර ලිංගික සූරාකෑමට ලක්වීමේ අවදානමද අඩු වන බව Australian Institute of Family Studies ආයතනය පවසයි.

ලොව ප්‍රධාන රටවල නීති ප්‍රකාරව  ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස පිළිබඳ මෙම ලිපියෙන් දැක්වෙයි.

ages of sexual consent around the world
Source: SBS

ඔස්ට්‍රේලියාව

ටස්මේනියාවේ සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ හැරුණු කොට ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි වල  ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස අවුරුදු 16 බව Australian Institute of Family Studies ආයතනය පෙන්වා දෙයි.

ටස්මේනියාවේ සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ එම වයස අවුරුදු 17 ක් බව දැක්වේ.

උතුරු ඇමෙරිකාව

ඔස්ට්‍රේලියාවේ මෙන් ඇමෙරිකාවේද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මෙම වයස වෙනස් වේ.

Alabama, Michigan සහ New Jersey ප්‍රාන්ත වල එය අවුරුදු 16 ක් වන විට California සහ Florida වල එය අවුරුදු 18 කි.

මේ අතර උතුරු කැනඩාවේ මෙය වයස අවුරුදු 16 ක් බව වාර්තා වේ.

දකුණු ඇමෙරිකාව

UNICEF ආයතනයට අනුව දකුණු ඇමෙරිකානු සහ කැරීබියානු රටවල ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස 14 සිට 18 දක්වා විහිදේ.

බ්‍රසීලයේ එය 14 ක් වන අතර එය දකුණු ඇමෙරිකාවේ වාර්තා වන පහළම අගය ලෙසද සඳහන්.

යුරෝපය

යුරෝපයේද ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස 14 සිට 18 දක්වා විහිදේ.

ජර්මනිය, ඉතාලිය වැනි රටවල එය අවුරුදු 14 ක් වන අතර මොල්ටාවේ එය අවුරුදු 18 කි.

එක්සත් රාජධානියේ ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස 16 ක් වන විට ප්‍රංශයේ එය 15 කි.

ආසියා - ශාන්තිකර කලාපය

ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස් අතර ලොව අවම  අගයක් ගන්නේ පිලිපීනය බව සඳහන්.

එම වයස අවුරුදු 12 කි.

නමුත් එම අගය අවුරුදු 16 දක්වා ඉහළ දැමිය යුතු බවට පිලිපීනයේ පිහිටි UNICEF ආයතනය පවසයි.

මේ අතර ලොව සංවර්ධිත රටවල් අතරින් ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස අවම අගයක් ගන්නේ ජපානයෙනි.

එය අවුරුදු 13 කි.

චීනයේ මෙම අගය 14 ක් වන විට ඉන්දියාවේ එම අගය අවුරුදු 18 කි.

පකිස්ථානයේ ලිංගිකව එක්වීමට පෙර විවාහ වීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතියට අනුව ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස අවුරුදු 16 කි.

වයස අවුරුදු 15 හෝ ඊට අඩු වයසක සිටින අයෙකු සමග ලිංගිකව එක්වුවහොත් එය ලිංගික දූෂණය යටතේ චෝදනා ලැබිය හැකි වරදකි.

නමුත් බොහෝ ආසියානු - ශාන්තිකර කලාපයේ රටවල එම අගය 16 ත් 18 ත් අතර වන බව වාර්තා වේ.

මැද පෙරදිග

බහරේන් වල ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම අවුරුදු 15ක් ලෙස තිබුණද කාන්තාවන්ට එය 21 දක්වා ඉහළ දමා තිබේ.

සෞදි අරාබියේ ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයසක් නොමැති බව සඳහන්.

ශරියා නීතියට අනුව ලිංගිකව එක්වීමට පෙර විවාහය අනිවාර්ය වීම ඊට හේතුව වේ.

අප්‍රිකාව

ඇන්ගෝලාවේ ලිංගිකව එක්වීමේ නීත්‍යානුකූල අවම වයස අවුරුදු 12ක් වන අතර Burkina Faso සහ Comoros හි 13 ක් වේ.

ඝානාවේ එය 16 ක් වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne, Riley Morgan, Nick Baker

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now