අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරීස් මහතාගේ අවමගුල් උත්සවයේදී අතුරදන්වු ‘රණමයුර ‘ සම්මානය හා එතුමාගේ ඥාති දියණියට අයත් ඇපල් ජංගම දුරකතනය සොරාගත් පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලීසිය සමත්වෙයි.
එම සැකකරුවන් අතර ත්‍රිරෝද රථ රියදුරකු ,ජංගම දුරකතන අලෙවිකරුවෙකු, සහ ගැට කපන්නෙකු සිටින බවද, ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද තවත් ජංගම දුරකතන 08 ක් සොයාගෙන ඇතැයි ද පොලීසිය පවසයි.
පසුගිය 02 වැනිදා ලෙස්ටර් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර නිවසේදී සිදු කළ ආගමික වතාවත් අතරතුරදී එතුමාට හිමි සම්මානය සහ ඥාති දියණියගේ ජංගම දුරකතනයද සොරාගෙන තිබිණි.
නිවසේ ආරක්ෂක කැමරාවේ සටහන් වු දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් පරීක්ෂණ වලදී ත්‍රිරෝද රථ රියදුරු පවසා ඇත්තේ ලෙස්ටර් මහතාගේ අවමගුලට දින දෙකක් පමණ පැමිණ තුන්වැනි දිනයේදී තවත් පුද්ගලයින් දෙදනකු ද සමඟ නැවතත් පැමිණ ලෙස්ටර් ජේමිස් පිරීස් මහතාට හිමි එම 'රණ මයුර සම්මානය සොරකම් කරගෙන ගිය බවයි.
මෙම සොරාගත් රණමයුර සම්මානය කඩුවෙල කොල්ලුපිටිය අතර ධාවනය වන මාර්ග අංක 177 සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක දමාගොස් තිබියදී කොල්ලුපිටිය පොලිසිය මගින් පෙරේදා (05 දා) සොයා ගන්නා ලදී.
මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක් ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස් රථයක දමා ගිය බවට සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
මෙම සැකකරුවෝ පස්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වන බවද වාර්තා වේ.
******************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
*********************************************************************************

