ලොව ජීවත්වීමට සුදුසුම රටවල සහ නගර තේරීමේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වාර්ෂිකව ක්‍රියාත්මක වේ.
එහිදී ඔස්ට්‍රේලියාව ද එම ශ්‍රේණිගත කිරීම් වල ඉහළ පෙළේ රටවල අතර පවතින රටකි.
එමෙන්ම ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරේ මෙල්බර්න් නුවර වසර 2011 සිට 2018 දක්වා 7 වරක් කිරුළු පැළඳි අතර 2018 සහ 2019 වසර වල දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
මෙල්බර්න් නුවරට අමතරව සිඩ්නි, ඇඩිලේඩ් යන නගර ද එම දර්ශකයේ පළමු ස්ථාන 10 ට තේරී පත්ව ඇත.
නමුත් ජීවත්වීමට ලොව සුදුසුම රට ඔස්ට්‍රේලියාව යයි ඔස්ට්‍රේලියානුවන් සිතන ආකාරය ඉතා වෙනස් බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ABC පුවත් සේවය මගින් සිදුකළ Australia Talks ජාතික සමීක්ෂණයේදී හෙළිවූ එම තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala