SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සයිබර් අපාරාධ වලට ගොදුරුවීමේ මූලික තිත්පොළ වික්ටෝරියානු ප්‍රාන්තය බව හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

Cyber crime
Source: Pixabay

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සෑම මිනිත්තු 10 කට වරක්ම ඔස්ට්‍රේලියානුවාසීන් සයිබර් අපාරාධ පිළිබඳ පැමිණිලි කරන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම ආයතනය වන ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ නවතම දත්ත වලට අනුව ඒ බව සඳහන් වේ.

Cyber crime
Source: Pixabay

සයිබර් අපාරාධ සම්බන්ධ ඔස්ට්‍රේලියානුවාසීන් ගේ පැමිණිලි

මේ වසරේ ජූලි මාසයේ සිට සයිබර් අපාරාධ සම්බන්ධව ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් පැමිණිලි 13,500 කට අධික සංඛ්‍යාවක් තම ආයතනයට ලැබී ඇතැයි ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එම පැමිණිලි වලින් බහුතරයක් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

සයිබර් අපාරාධ සම්බන්ධ පැමිණිලි 3,027 ක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා ලැබී ඇති බව සඳහන්.

එය ප්‍රතිශතයක් ලෙස 26% කි.

එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වේ.

පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැමිණිලි 2,922 ක් ලැබී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 25% කි.

Cyber crime
Source: Pixabay

බහුලව ඉදිරිපත් වූ සයිබර් අපරාධ පැමිණිලි වර්ග

ඔස්ට්‍රේලියානුවසීන්ගෙන් බහුලව ඉදිරිපත් වුණු සයිබර් අපරාධ පැමිණිලි වර්ගය ලෙස අන්තර්ජාල මුදල් වංචා කිරීම් හඳුනාගත හැකි බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

අනන්‍යතා වංචා සහ අනන්‍යතා සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලිද අන්තර්ජාල මුදල් වංචා කිරීම් හා සමානවම ලැබී ඇති බව සඳහන්.

මෙම සයිබර් අපාරාධ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර වලට වසරකට ඩොලර් බිලියන 29 ක් පමණ පාඩු විදීමට සිදුවන බවද ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

2018 වසරේදී සෑම ඔස්ට්‍රේලියානුවාසී වැඩිහිටියන් තිදෙනෙකු ගෙන් එක් අයෙකුම සයිබර් අපරාධයකට මුහුණ පා ඇතැයි වාර්තා විය.

Cyber crime
Source: Pixabay

බලධාරීන්ගෙන් පණිවිඩයක්

සයිබර් අපරාධ සම්බන්ධ ඔස්ට්‍රේලියානුවසීන්ගේ මෙම පැමිණිලි සංඛ්‍යාව අතිශය බරපතල තත්ත්වයක් පෙන්නුම් කරන බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී Rachel Noble පැවසුවාය.

අන්තර්ජාලය සිය 50 වන උපන්දිනය සමරන කල අන්තර්ජාලය පරිහරණය කරන උදවියගේ මුදල්, දත්ත සහ අනන්‍යතාව පවා විශාල වශයෙන් සොරකම් කිරීමට මෙම සයිබර් අපරාධ හරහා වර්තමානය වන විට සිදුවන බව ඇය පෙන්වා දුන්නාය.

ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වූ මොහොතේ පටන් සයිබර් අපරාධ වලට ඔබ ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ඇය පැහැදිලි කළාය.

මේ තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් සැවොම එක්වී කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක ඇමතිනී Linda Reynolds පැවසුවාය.

sbs sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now