සෑම මිනිත්තු 10 කට වරක්ම ඔස්ට්‍රේලියානුවාසීන් සයිබර් අපාරාධ පිළිබඳ පැමිණිලි කරන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම ආයතනය වන ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ නවතම දත්ත වලට අනුව ඒ බව සඳහන් වේ.

Source: Pixabay
සයිබර් අපාරාධ සම්බන්ධ ඔස්ට්‍රේලියානුවාසීන් ගේ පැමිණිලි
මේ වසරේ ජූලි මාසයේ සිට සයිබර් අපාරාධ සම්බන්ධව ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් පැමිණිලි 13,500 කට අධික සංඛ්‍යාවක් තම ආයතනයට ලැබී ඇතැයි ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එම පැමිණිලි වලින් බහුතරයක් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
සයිබර් අපාරාධ සම්බන්ධ පැමිණිලි 3,027 ක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා ලැබී ඇති බව සඳහන්.
එය ප්‍රතිශතයක් ලෙස 26% කි.
එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වේ.
පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැමිණිලි 2,922 ක් ලැබී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 25% කි.

Source: Pixabay
බහුලව ඉදිරිපත් වූ සයිබර් අපරාධ පැමිණිලි වර්ග
ඔස්ට්‍රේලියානුවසීන්ගෙන් බහුලව ඉදිරිපත් වුණු සයිබර් අපරාධ පැමිණිලි වර්ගය ලෙස අන්තර්ජාල මුදල් වංචා කිරීම් හඳුනාගත හැකි බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
අනන්‍යතා වංචා සහ අනන්‍යතා සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලිද අන්තර්ජාල මුදල් වංචා කිරීම් හා සමානවම ලැබී ඇති බව සඳහන්.
මෙම සයිබර් අපාරාධ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර වලට වසරකට ඩොලර් බිලියන 29 ක් පමණ පාඩු විදීමට සිදුවන බවද ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
2018 වසරේදී සෑම ඔස්ට්‍රේලියානුවාසී වැඩිහිටියන් තිදෙනෙකු ගෙන් එක් අයෙකුම සයිබර් අපරාධයකට මුහුණ පා ඇතැයි වාර්තා විය.

Source: Pixabay
බලධාරීන්ගෙන් පණිවිඩයක්
සයිබර් අපරාධ සම්බන්ධ ඔස්ට්‍රේලියානුවසීන්ගේ මෙම පැමිණිලි සංඛ්‍යාව අතිශය බරපතල තත්ත්වයක් පෙන්නුම් කරන බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී Rachel Noble පැවසුවාය.
අන්තර්ජාලය සිය 50 වන උපන්දිනය සමරන කල අන්තර්ජාලය පරිහරණය කරන උදවියගේ මුදල්, දත්ත සහ අනන්‍යතාව පවා විශාල වශයෙන් සොරකම් කිරීමට මෙම සයිබර් අපරාධ හරහා වර්තමානය වන විට සිදුවන බව ඇය පෙන්වා දුන්නාය.
ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වූ මොහොතේ පටන් සයිබර් අපරාධ වලට ඔබ ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ඇය පැහැදිලි කළාය.
මේ තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් සැවොම එක්වී කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක ඇමතිනී Linda Reynolds පැවසුවාය.

Source: SBS Sinhala