SKIP TO MAIN CONTENT

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ නැගීම ඔබේ පසුම්බියට බලපාන හැටි. (SBS සිංහල/වාර්තා)

මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම සත 78 මට්ටමේ පවතින අතර ඔස්ට්‍රේලියානු ඩොලරය ගත් කළ එම අගය මේ වසරේ මේ දක්වා 8.5% ක නැග්මක් වන අතර පසුගිය ජුනි මාසය ආරම්භයේ පටන් 6% ක් නැග්මකි.

Australian dollar and U.S. dollar denominations are shown in a photo illustration at a currency exchange in Sydney
Source: Reuters

2 min read

Published

By Madhura Seneviratne

Source: The Age


Skip to article content

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික පිළිබඳ නැවතත් විවාද සම්පන්න අවස්ථාවක් උදාවී ඇති බව වාර්තා වේ.

එනමුත් මේ අවස්ථාවේ දී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතික කෙරෙහි දැඩි ස්ථාවරයක සිටිනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරයි.

මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම සත 78 මට්ටමේ පවතින අතර ඔස්ට්‍රේලියානු ඩොලරය ගත් කළ එම අගය මේ වසරේ මේ දක්වා 8.5% ක නැග්මක් වන අතර පසුගිය ජුනි මාසය ආරම්භයේ පටන් 6% ක් නැග්මකි.

අනෙක්පසින් ඇමෙරිකානු ඩොලරය පසුගිය මාස 10 ඇතුලත වාර්තා වූ පහලතම අගය අද (17/07) වාර්තා කළ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වූ පසුගිය නොවැම්බර් මාසයේ පටන් මේ දක්වා වැඩි කළ හැකි සියලු වැඩිවීම් සිදු කර ඇත.

ඒ අතර ඇමෙරිකානු මධ්‍යම බැංකුවෙන් සිව් වරක් පොලී අනුපාතික ඉහළ දැමීමක්ද සිදු විය.

එමෙන්ම ඇමෙරිකාවේ මාසික උද්ධමනය ශුන්‍ය අගයකට පසුගිය සතියේ පත්ව ඇති අතර ඒ සමග වාර්ෂික පාරිභෝගික මිල උච්ඡාවචනය 1.6%ක් විය.

දුර්වල වූ ඇමෙරිකානු ඩොලරය ඔස්ට්‍රේලියානු ඩොලරයට තදින්ම බලපා ඇති අතර තද වෙළෙඳ බැඳීම් ද එනිසා බිදී යාමක් දක්නට ඇති බව ද වාර්තා වේ.

අති විශේෂ අවම ගෝලීය පොලී අනුපාතික පැවතීම හේතුවෙන් වර්ධනය නැවත සමතුලිත කරගැනීමට ඔස්ට්‍රේලියානු ඩොලරය පහළ දැමීමක් සිදු විය යුතු බව ඔස්ට්‍රේලියාවේ HSBC හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Paul Bloxham පවසයි.

අඩු පොලී අනුපාතික යන්නෙහි අර්ථය වන්නේ දුර්වල විනිමයක් බවත්  පොලී අනුපාතික සහ විනිමය වෙනස් වීම ආර්ථික අර්බුදයනේ පසුව එක තැන පලවූ බවත් සඳහන්.

ඇමෙරිකානු ඩොලරයට ලොව ප්‍රධානතම මුදල් ඒකකය ලෙස පිළිගැනීමක් තිබිය යුතු නමුත් ඔස්ට්‍රේලියානු ඩොලරය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විමසිල්ලෙන් සිටින බවත් නැවත පොලී අනුපාතික කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් Westpac බැංකුවේ ප්‍රධාන විනිමය උපායමාර්ග ශිල්පී Robert Rennie පැවසීය.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ වත්මන් වටිනාකම ඩොලර් සත 78 ක් වන අතර එය ඉහළතම මට්ටමට පැමිණ ඇති බවද ඔහු පැවසීය.

එම අගය සත 79 ට වඩා වැඩිවුවහොත් එය “විහිදෙන” හෝ “මිල අධික” යන ඛාණ්ඩ ලෙස වර්ගීකරණය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now