එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව මාලිංග පවසද්දී බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඇසෙන කතා

Malinga may be appointed as the new bowling coach of the Sri Lanka Cricket team

Lasith Malinga, Sri Lankan Cricketer Source: AAP Image/PA/Joe Giddens

බංග්ලාදේශ පිලට එරෙහිව මෙම ජූලි 26 වැනි සිකුරාදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී තමා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ දිනයේදී Facebook සමාජ මාධ්‍ය හමුවේ අනාවරණය කොට සිටියේය.

තම 16 වසරක ක්‍රිකට් ජීවිතයේදී ධෛර්යක් වුනු සැමටම ස්තූතිය පලකරන බවත් අකුල් හෙළන ලද සියල්ලන්ටම අනුකම්පා කරන බවත් Facebook මාධ්‍ය හමුවේ මාලිංග පවසා සිටියේය.
එසේම මෙම ජූලි මස 26 වනදා කෙත්තාරාම ක්‍රීඩාංගන යේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තමා ක්‍රීඩා කරන අවසන් එක්දින තරඟය බැවින් එය නැරඹීමට පැමිණෙන ලෙසටද ලසිත් මාලිංග එහිදී ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේය.
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී මොහාන් ද සිල්වා මහතා පුහුණුකරුවන් පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කොට ඇති දෑ පිළිබඳව මෙසේ පැවසීය.

“ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන පුහුණුකරු පමණක් නොවෙයි සියලුම පුහුණුකරුවන් ඉවත් කරන්න ලිඛිතව දන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව ඇමතිවරයාට නිර්දේශය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අපි මෙය හොඳ විදියට විසඳගන්න බලාපොරොත්තු වෙනවා” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ මෙය තමන්ගේ අවසන් තරගාවලිය නොවන බවයි. එසේම පුහුණුකරුවන් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් ඔහු පවසා සිටියේය.
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ ශ්‍රී ලංකාවේ තණතීරුවලට සහ පරිසරයට ගැලපෙන ක්‍රීඩකයන් මෙම සංචිතයට නම් කර ඇති බවයි. ලෝක කුසලාන තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයන් ලෙස සහභාගි වූ ඕෂද ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා සංචිතයෙන් ඉවත්කිරීම පිළිබඳව දිමුත් කරුණාරත්න එහිදී පවසා සිටියේ ලෝක කුසලාන තරගාවලියේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇතුළත්ව සිටි එම ක්‍රීඩකයන් දෙදෙනා සූදානම් කළේ එංගලන්ත තණතීරුවලට ගැලපෙන අයුරින් බවයි. මෙම තරගාවලිය ලංකාවෙ පැවැත්වෙන නිසා ඔවුන් දෙදෙනා කණ්ඩායමට තෝරා නොගත් බවද එහිදී ඔහු අනාවරණය කොට සිටියේය.

මෙම අවස්ථාවට එක්වුණු බංග්ලාදේශ පිලේ නායකත්වයට තාවකාලිකව පත්කොට ඇති තමීම් ඉක්බාල් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සහ පහසුකම් පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායමේ සියලුම දෙනා ඉතාමත් සතුටු වන බවයි.

Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව මාලිංග පවසද්දී බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඇසෙන කතා | SBS Sinhala