SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මුල්‍ය ආයතනයකින් ඔබට අසාධාරණයක් සිදුවුනොත් වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක් අද සිට ඇරඹේ

Australian Treasurer Josh Frydenberg speaks to the media during a press conference at Parliament House in Canberra
Australian Treasurer Josh Frydenberg speaks to the media during a press conference at Parliament House in Canberra Source: AAP Image/Lukas Coch

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මෙරට සිදුවන මුල්‍ය කටයුතු පිළිබඳව පැමිණිලි කිරීම සඳහා Australian Financial Complaints Authority හෙවත් "මුල්‍ය කටයුතු සම්බන්ද පැමිණිලි කිරීමේ අධිකාරයක් " අද සිට (Nov 1st) ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙරට බැංකු කටයුතු වල සිදුවන මුල්‍ය අක්‍රමිකතා විමර්ශනයට පත්කළ රාජකීය කොමිසමෙහි (Royal Commission) නිර්දේශයක් මත මෙම නව මුල්‍ය පැමිණිලි අධිකාරිය ස්වාධීන අධිකාරියක් ලෙසින් අද සිට ආරම්භ වීමට නියමිතයි.

මේ අනුව මෙරට කිසියම් පුද්ගලයෙකු බැංකු ,රක්ෂනායතන, supperannuation සමාගම් මඟින් හෝ වෙනත් කිසියම් මුල්‍ය ආයතනයක් මඟින් සේවා ලබාගැනීමේදී අසාධාරණයට ලක්ව ඇත්නම් මෙම නව "මුල්‍ය කටයුතු සම්බන්ද පැමිණිලි කිරීමේ අධිකාරිය" ට පැමිණිලි කොට තමාට සිදුවුණු අසාධාරණය හේතුවෙන් වන්දි ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙමඟින් ඕස්ට්‍රේලියානු මුල්‍ය ආයතනවල විශ්වසනීයත්වය රැකෙනු ඇතැයි තමා විශ්වාස කරන බව මෙම නව අධිකාරියෙහි සභාපතිනි හෙලන් කූනන් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now