SKIP TO MAIN CONTENT

මගීන් 189 කට මරු කැඳවූ ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය ගැන ඉඟියක්.

Indonesian rescue team operate during the recovery mission for the crashed Lion Air flight JT-610 plane at Tanjung Pakis Sea, West Java, Indonesia, 31 October 2018
Indonesian rescue team operate during the recovery mission for the crashed Lion Air flight JT-610 plane at Tanjung Pakis Sea, West Java, Indonesia, 31 October 2 Source: AAP Image/EPA/BAGUS INDAHONO

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

අනතුරට ලක්වුණු ඉන්දුනීසියානු "ලයන් එයාර්" ගුවන් සමාගමට අයත් යානයේ කළු පෙට්ටිය පවතින ස්ථානය සොයාගත් බවට විශ්වාස කළහැකි බව ඉන්දුනීසියානු ගලවා ගැනීමේ නිරීක්ෂණ අංශ පවසයි. යානයේ අනතුරට සාක්ෂි ඇතුලත් මෙම කළු පෙට්ටිය, ජාවා දුපත ආශ්‍රිත මුදුදේ මීටර 30 - 40 ත් අතර ගැඹුරින් ඇති අතර, එම කලාපයේ දියයට ඇති අධික විද්‍යුත් තරංග හේතුවෙන් කළු පෙට්ටිය වෙත ලඟා වීම අසීරු කරුණක් වී ඇතැයි ඉන්දුනීසියානු ආරක්ෂක අංශ පවසයි. ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුවේ ප්‍රධානී සෝජන්ටෝ ජාජොනෝ පවසනුයේ තම මෙහෙයුම් අංශ පවසන පරිදි මුහුද අභ්‍යන්තරයෙන් මතුවෙන මෙම තරංග කළු පෙට්ටියෙන් නිකුත්වන තරංග බවට විශ්වාස කරන බවයි.

බෝයිං 737 ඛණ්ඩයට අයත් JT 610 ගුවන් යානය ජකර්තා නුවරින් ගුවන් ගතවී ස්වල්ප වේලාවකට පසුව කඩා වැටින. මෙම සඳුදා අනතුරට ලක්වුණු මෙම යානයේ සිටි මගීන් 189 දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now