ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ඔබ ලබා ගත යුතුද? SBS සිංහල / වාර්තා

flu

Source: SBS

Flu vaccine හෙවත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ගැන සියළුම සත්‍යය තොරතුරු ඔබ දන්නවාද?

 


 

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese 

 


ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ඔබ ලබා ගත යුත්තේ ඇයි?

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතාමත් පහසුවෙන් බෝවෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් වෙයි. ළදරුවන්ට, ගර්භණී කාන්තාවන්ට හා වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට මෙම රෝගය වැළදුන විට වඩාත් බරපතළ විය හැකියි.

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වීමට ඇති සුරක්ෂිත හා ඵලදායී ආකාරය වනුයේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමයි. මෙම එන්නත Flu vaccine ලෙසත් හඳුන්වයි.

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම තුළින් ඔබට අනෙකුත් පුද්ගලයින් ද මෙම රෝගයෙන් ආරක්ෂා කිරීමට හැකි වෙයි, විශේෂයෙන්ම එන්නත් ලබා ගැනීමට වයස අඩු ළදරුවන් හා රෝගී ව සිටින වෙනත් පුද්ගලයින්. තමන්ගේ ප්‍රජාව තුල සිටින එන්නත් ලබාගත් පුද්ගලයින් ප්‍රමාණය වැඩි වෙනවාත් සමගම රෝගය පැතිරීමට ඇති අවකාශය ද අඩුවෙයි. මේ හේතූන් නිසාම ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙයි.

flu shot
Source: skepticalraptor.com

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත යුත්තේ කවුරුන් ද?

ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වීමට කැමති ඕනෑම අයකුට තමන්ගේ වෛද්‍යවරයාගෙන් මෙම එන්නත ලබා ගැනීමේ හැකියාව තිබෙයි.

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත සෑම වසරක් පාසා ම ලබා ගත යුතු වෙයි. මේ සඳහා හේතුවනුයේ රෝගකාරක වයිරස සෑම වසරක් පාසාම වෙනස් විය හැකි වීමයි. මෙසේ වෙනස් විය හැකි රෝගකාරක වයිරස සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත් වසරක් පාසා නිකුත් වෙයි.

A National Immunisation Program sign is seen behind Australia's Chief Medical Officer Professor Brendan Murphy during a visit to SIA Medical Centre.
Source: AAP

ඔස්ට්‍රේලියානු සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට අනුව, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පහත කාණ්ඩ වලට අදාළ පුද්ගලයින්ට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නොමිලේ ලබා ගත හැකියි.

 

  • ගර්භණී කාන්තාවන්ට තමන්ගේ ගර්භණී කාලයේ ඕනෑම අවස්ථාවක දී
  • වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින්ට
  • බරපතළ රෝග වැළඳීමට සම්භාවිතාව වැඩි වයස මාස 6 යට වැඩි පුද්ගලයින්
  • ස්වදේශීය සම්භවයක් ඇති වයස මාස 6 යත් අවුරුදු 5 අතර හෝ වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත යුතු කාලය හා ස්ථාන

ඉන්ෆ්ලුවෙන්සා රෝග සමය වනුයේ ජූනී සිට සැප්තැම්බර් මාසය දක්වායි. මේ හේතුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නත නිකුත් වුන විට එය ලබාගන්නා ලෙස ඔස්ට්‍රේලියානු සෞඛ්‍යය දෙපාර්තුමේන්තුව  උපදෙස් සපයයි.

 

ඔබට ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත හැකි ආසන්නතම ස්ථානය මෙතැනින් සොයා ගත හැකියි.

 

ජාතික ප්‍රතිශක්තිකරණ ජාලයට 1800 671 811 ඔස්සේ කතා කිරීමෙන් ද ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත හැකි ස්ථාන දැන ගත හැකියි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඔබ මුහුණ දිය හැකි අතුරු ආබාධ මොනවාද?

සියළුම ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වලින් අතුරු ආබාධ ඇති විය හැකියි. නමුත් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගැනීමෙන් පසු බරපතළ අතුරු ආබාධයකට මුහුණ දීමේ සම්භාවිතාව  රෝගය වැළඳී බරපතළ හානී සිදුවීමේ සම්භාවිතාවට  වඩා අඩුයි.

 

ඔබට ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව ගැටලු තිබේ නම්, ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කල හැකියි.

 

සුලභ අතුරු ආබාධ වනුයේ,

  • එන්නත ලබා ගත් ස්ථානයෙහි ඉදිමුම, රතු පැහැය, වේදනාව හෝ එම ප්‍රදේශය තද වීම
  • උණ, වෙහෙස ගතිය හෝ ශරීරයේ වේදනාව

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


3 min read

Published

Updated

By Gamidu Agampodi



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now