චන්දික හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත් කරන ලකුණු (SBS සිංහල/වාර්තා)

New Zealand v Sri Lanka - 1st Test: Day 3

Source: Hagen Hopkins/Getty Images

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහව එම තනතුරින් පහ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය නීතිමය උපදෙස් පතමින් සිටියි. මේ සඳහා මූලිකවම හේතුවී ඇත්තේ පුහුණුකරු ලෙස කටයුතු කල පසුගිය මාස 13 ඇතුළත කණ්ඩායමේ  සැලකිය යුතු ප්‍රගතියක් නොතිබීමයි.

 


 

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese 

 


 

දැඩි බලාපොරොත්තු මත 2018 වසරේ ජනවාරි වල දී හතුරුසිංහව රුපියල් මිලියන 90 ක වාර්ෂික වැටුපකට වසර 3 ක කාලයක් සඳහා පුහුණුකරු ලෙස බඳවා ගත්තේය. නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය වසර ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඛේදජනක වසරක් විය.

මේ නිසා ඔහුගේ වසර තුනක් සඳහා වූ කොන්ත්‍රාත්තුව වේලාසනින් අහෝසි කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී ඇත්තේ හතුරුසිංහගේ කාර්ය සාධනය තක්සේරු කිරීම සඳහා වාර්තාවක් ද ඉදිරිපත් කරනා ලෙසයි.

කෙසේවෙතත් මීළඟට නියමිත දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයට පෙර හතුරුසිංහව ඉවත් කලහොත් පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන හෝ පන්දු රැකීමේ පුහුණුකරු වන ස්ටීවන් රික්සන් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

චන්දික හතුරුසිංහව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැලවුම්කරු ලෙස සලකා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් වාර්තාගත වැටුපකට ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත් කළේය. මේ සඳහා ඔහු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට කටයුතු කිරීම ද සාධකයක් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ දී හතුරුසිංහට අදාළ වූයේ පුහුණු සැසි වාර පැවැත්වීම, ක්‍රීඩා සැලසුම් කරණය සහ උපාය මාර්ගගත කිරීම, කණ්ඩායම තුල කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම හා ක්‍රීඩකයින් මානසිකව හා ශාරීරිකව තරඟ සඳහා සූදානම් කිරීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහ පත් වීමෙන් පසු ක්‍රිකට් පිල අන්තර්ජාතික තරඟ 42 කට මුහුණ දී තිබේ. මේ සඳහා ටෙස්ට් තරඟ 13 ක්, එක්දින තරඟ 20 ක් හා T20 තරඟ 9 ක් ඇතුලත් විය. මෙම තරඟ 42 න් ජයග්‍රහණ 14 ක් හා පරාජ 24 ක් වාර්තාවේ.

පසුගිය මාස 13 ඇතුළත කණ්ඩායම සැලකිය යුතු ප්‍රගතියක් නොපෙන්වීම සම්බන්ධයෙන් හතුරුසිංහට සියළුම පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතියි. හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිනූ එකම තරගාවලිය වූයේ බංගලාදේශ තුන්කොන් (tri-series) තරගාවලියයි.

 

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී විශ්‍රාම ගොස් සිටි ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩකයාව නැවත කණ්ඩායම් නායකයා ලෙස ගෙන ඒමට හතුරුසිංහ ක්‍රියා කළද ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පළමු වටයේ පළමු තරග දෙකම එක පිට දැවැන්ත ලෙස පරාජය වීමත් සමග ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට ද කටයුතු කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් චන්දික හතුරුසිංහ ටෙස්ට් තරඟ 26 ක් හා එක්දින තරඟ 35 ක් ක්‍රීඩා කර තිබේ. Trevor Bayliss යටතේ පුහුණුකරුවෙකු වශයෙන් හතුරුසිංහ ක්‍රියා කල අතර ඉන්පසුව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. 2014 වසරේ මැයි මාසයේ දී හතුරුසිංහ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තේරී පත් විය.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 


3 min read

Published

Updated

By Gamidu Agampodi


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now