බලශක්ති ක්ෂේස්ත්‍රය හා සම්බන්ධ නව නීතී හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට පහසුවෙන් විදුලි ඒකක මිල සැසඳීමට අවස්ථාව දැන් ලැබී තිබෙයි.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
2019 වසරේ ජුලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාව පුරා විදුලි ඒකක මිල අධීකෂණය කිරීමට Australian Competition and Consumer කොමිසම බැඳී සිටියි. නව නීතී යටතේ බලශක්ති සපයන්නන්ට විදුලි ඒකක මිල ප්‍රචාරය කල හැක්කේ රජය මගින් ස්ථාපිත කර ඇති විදුලි ඒකක මිලට සාපේක්ශව ඇති වෙනස සමග පමණි.
එසේම මෙම නිතී යටතේ පාරිභෝගිකයන්ට දැනට ලබා දී ඇති විදුලි ඒකක මිල ගණන්ද Australian Energy Retailer මගින් ස්ථාපිත කර ඇති මිල ගනන් යටතට ගෙන ආ යුතුව තිබෙයි.
බලශක්ති සපයන්නන් වෙළෙඳපොළ තුල මෙම නව නීතී වලට අනුකූලව ක්‍රියා කරනවාද යන්න අධීකෂණයට Australian Competition and Consumer කොමිසම බැඳී සිටියි.

මෙම නීතී යටතේ උපරිම වාසි ලබාගැනීමටනම් පාරිභෝගිකයින් විදුලි ඒකක මිල සැසඳීමට Energy Made Easy වෙබ් අඩවිය භාවිතා කල යුතු යැයි ACCC හි සභාපති Rod Sims පැවසුවේය.
අදහස් දක්වමින් Rod Sims පැවසුවේ පවුලක ආර්ථිකය තුල විදුලි බිල ගන්නා ස්ථානය තම සංවිධානය හොඳින් දන්නා බවයි. දැනට ඔබගේ බලශක්ති සපයන්නා කොතරම් හොද මිලක් ලබාදී තිබුනද එම මිල ගනන් නැවත තක්සේරුකරු කරනා ලෙස ඔහු ඉල්ලා සිටියි.
එසේම නව නීතී හේතුවෙන් සියළුම බලශක්ති සපයන්නන් දැන්වීම් ප්‍රචාරය කිරීමට එකම මිලක් යොදා ගැනීම නිසා පාරිභෝගිකයන්ට ලැබෙන වට්ටම් පහසුවෙන් සැසඳීමට හැකි වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
බලශක්ති අමාත්‍ය Angus Taylor ට අනුව දැනට ක්වීන්ස්ලන්තයේ අග්නිදිග ප්‍රදේශයේ, නිව් සවුත් වේල්ස් හා දකුණු ඔස්ට්‍රේලියාවේ සිටින පාරිභෝගිකයින් 800,000 කට පමණ අදාළ විදුලි ඒකක මිල ගනන් මෙම නීතී යතතේ සීමා වෙයි.
Angus අමාත්‍යවරයා විශ්වාස කරනුයේ මෙම නීතී තුළින් බලශක්ති සපයන්නන් කෘතිමව තම විදුලි මිල ගණන් ඉහළ දැමීමද වැලක්වන බවයි.
ඇතැම් පුද්ගලයින්ට මේ තුලින් වසරකට $600 පමන හා ව්‍යාපාර වලට වසරකට ඩොලර් දහස් ගනනක් පමණ ඉතිරි වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.


