SKIP TO MAIN CONTENT

මේ රජය බිඳ වැටුනත් තාප්පය හැදිය යුතුයි : ඩොනල්ඩ් ට්‍රම්ප් තදින් සිටී

President Trump holds Cabinet Meeting At The White House
President Trump holds Cabinet Meeting At The White House Source: Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ වන විට රජයේ කටයුතු වල කොටසක් ඇනහිට ඇතත් තම ඉල්ලීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මන්ත්‍රණ සභා එකඟ වනතෙක් රජය එලෙසම අර්ධ වශයෙන් පවත්වාගෙන යන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙක්සිකෝවේ සිට විශාල වශයෙන් ඇමරිකාවට ඇතුළුවන අනවසර සංක්‍රමණිකයින් වැලැක්වීම සඳහා දෙරටේ දේශ සිමාව අතර තාප්පයක් ඉදිකරලීමට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක ඇස්තමේන්තුගත මුදලක් ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් ට්‍රම්ප් විසින් අයවැය යෝජනාවලට ඇතුලත් කොට තිබුණි. ඒය අනුමත කිරීම ඉහල මන්ත්‍රණ සභාව සහ පහල මන්ත්‍රණ සභා දෙකෙහිම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ සාමාජිකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස ඇමරිකාවේ මීළඟ අය වය ඉදිරිපත් කරලීමට නොහැකිව තිබේ. ඒ අනුව මේ වන විට රජයේ ඇතැම් අංශවල ක්‍රියාකාරිත්වය ඇනහිට ඇත.

මේ පිලිබඳ අදහස් පලකරන දේශපාලන පාර්ශව පවසා සිටිනුයේ දේශ සිමා අතර ආරක්ෂාව තර කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක බලඇණි වැඩිකරලීම තුලින් තුලින් මෙම අනවසර මෙක්සිකෝ සංක්‍රමණික ගැටලුව විසඳාලිය හැකි බවයි. එහෙත් ජනපති ට්‍රම්ප් පවසනුයේ එය තාප්පයක් ඉදිකිරිම තරම් සාර්ථක නොවන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now