ආසියාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවාසීන්ට සෞඛ්‍ය බලධාරීන්ගෙන් රතු එළි. (SBS සිංහල/වාර්තා)

Travel

Source: AAP

මේ නිවාඩු සමයේදී විදෙස් සංචාර වල නිරත වන ඔස්ට්‍රේලියානුවාසීන්ට නව සෞඛ්‍ය අවදානම් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන්ම මේ දිනවල ජපානය ආශ්‍රිතව දරුණුව පැතිරී යන syphilis වසංගතය පිළිබඳ ඔවුන් දැඩි ලෙස අවධාරණය කරයි.

Travel
Source: Flickr

අග්නිදිග ආසියානු කලාපයට රතු එළි

මේ ගෙවී යන නිවාඩු සමයේදී අග්නිදිග ආසියානු කලාපයේ සංචාරය කරන සහ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින ඔස්ට්‍රේලියානුවාසීන්ට එම කලාපයේ පැතිරී යන මාරාන්තික රෝග තත්ත්වයන් පිළිබඳ නිසියාකාරව දැනුවත්වී ඊට අදාළ පූර්ව සෞඛ්‍ය රැකවරණ ලබාගන්නා ලෙස නිව්  සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


තායිලන්තය සහ පිලිපීනය

තායිලන්තයේ සහ පිලිපීනයේ මේ දිනවල සරම්ප රෝගය පැතිරී යන බවත් වයස අවුරුදු 52 ට වඩා වැඩි කවුරුන්හෝ පුද්ගලයෙකු එහි සංචාරය කරනවා නම් ඔහු ඊට අදාළ එන්නත් දෙකක් ලබා ගත යුතු බවත් නිව්  සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝවන රෝග පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය Vicky Sheppeard පැවසුවාය.

එම එන්නත් ද්විත්වය ඔස්ට්‍රේලියාවෙන් පිටත්වීමට පෙරාතුව ලබා ගත යුතු බවත් ඇය අවධාරණය කළාය.

නිව්  සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඉහත සඳහන් කළ සරම්ප එන්නත් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් නොමිලයේ ලබා ගත හැකිවේ.

Travel
Source: Getty Images

බාලි සහ මැලේසියාව

බාලි සහ මැලේසියාව වැනි රටවල මීට පෙර ජලභීතිකා රෝගය තුරන් කළ බවට වාර්තා වුවද මේ දිනවල අග්නිදිග ආසියානු කලාපයේ තවත් උත්සන්න වෙමින් පවතින රෝගයක් ලෙස ජලභීතිකා රෝගය වාර්තා වේ.

විශේෂයෙන්ම බාලි සහ මැලේසියාව ද එම අවදානම් කලාප වලට අයත් බවට අනතුරු අඟවා තිබේ.

ආසියානු කලාපයේදී කුමන හෝ සතෙකු සපා කෑවහොත් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණගැසීම ඉතා වැදගත් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝවන රෝග පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය Vicky Sheppeard පැවසුවාය.

එමෙන්ම මේ දිනවල ආසියානු කලාපයේ සංචාරය කිරීමේදී කිසි ලෙසකින් හෝ වඳුරන්ට හෝ රිලවුන්ට ආහාර දීමෙන් හෝ කැවීමෙන් වළකින ලෙසද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියි.

Travel
Source: Flickr

ජපානය

මේ දිනවල ජපානයට සංචාරය කරන පුද්ගලයින්ට දරුණුව පැතිරී යන syphilis වසංගතය පිළිබඳවැඩ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස අනතුරු අඟවයි.

එහිදී ලිංගිකව හැසිරෙනවානම් එය ඉතා ආරක්‍ෂිත ලෙස කරන ලෙස  ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

කෙසේහෝ ඔබ නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි විගස STI screen පරීක්ෂාවක් සිදුකරගන්නා ලෙසද ඔවුන් සංචාරකයින්ට කියා සිටියි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News, SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now