තමන්ගේ හිටපු මාධ්‍ය උපදේශිකා Rachelle Miller විසින් කරන ලද නව චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අතරතුර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍ය Alan Tudge සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන්ගේ සම්බන්ධය හැගීම් වශයෙන් තමන්ව අපයෝජනයට ලක් කළ අතර එක් අවස්ථාවක කායික වශයෙන් ද තමන්ව අපයෝජනයට ලක්කළ බව Rachelle Miller චෝදනා නගා ඇත.
Highlights
- තමා රාජකාරී කරන සමයේ අමාත්‍ය Alan Tudge විසින් තමාව හැගීම් වලින් සහ ශාරීරිකව අපයෝජනය කළ බවට ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව චෝදනා කර තිබේ.
- මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අගමැති මොරිසන් කටයුතු කර ඇත.
- එම පරීක්ෂණයට සහය දැක්වීමක් ලෙස අමාත්‍ය Alan Tudge තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය Alan Tudge චෝදනා ප්‍රතික්ෂේප කරයි
තමා Rachelle Miller හට අයුතු ලෙස සලකන ලද යයි ඇය විසින් කරන ලද ප්‍රකාශ අමාත්‍ය Alan Tudge විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Rachelle Miller විසින් එම චෝදනා සහිත විශේෂ ප්‍රකාශයක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවාය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
තමා සහ අමාත්‍ය Alan Tudge අතර තිබූ සම්බන්ධතාවය සැලකිය යුතු බල අසමතුලිතතාවයක් මත තිබූ එකක් ලෙස ඇය නිර්වචනය කළාය.
"අවසානයේදී මම ඔහු ළඟට ගිහින් කිව්වා මට මේ තරම් නරක විදියට සලකන එක නවත්වන්න කියලා. එවිට ඔහු මට කිව්වා මේ ගොඩනැගිල්ලේ ඔහුගේ කාර්යාලයේ සිටින වටිනා කාන්තාවක් නොවී ඉන්න කියලා." යනුවෙන් Rachelle Miller තම ප්‍රකාශයේදී පැවසුවාය.
.....අගමැති මොරිසන් මැදිහත් වෙයි.....
අමාත්‍ය ප්‍රමිතීන් උල්ලංඝණය වී ඇත්ද යන්න පිළිබඳව තම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වන බැවින් අමාත්‍ය Alan Tudge ට ඉල්ලා අස්වන ලෙස තමන් පැවසූ බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුව මධ්‍යම පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
Rachelle Miller විසින් කරන ලද ප්‍රකාශවල බරපතලකම සැලකිල්ලට ගෙන මෙම සිද්ධි සාධාරණව හා කඩිනමින් විසඳා ගැනීම වැදගත් වන බව අගමැති මොරිසන් පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
තමන්ගේ දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රශ්න විසඳන අතරේ ඉවතට වී සිටින ලෙසට තමන් කළ ඉල්ලීමට ඇමැතිවරයා එකඟ වී ඇති බවද ඔහු පැවසීය.
මෙම ක්‍රියාව කිසිඳු ආකාරයකින් මෙම කරුණු සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට උත්සාහ නොකිරීමක් බව ද ඔහු අවධාරණය කළේය.

Australia PM Scott Morrison Source: AAP
විවාහයෙන් පරිබාහිර සබඳතාවක් පැවැත්වූ බව දෙදෙනාම පිළිගනී
අමාත්‍ය Alan Tudge සහ Rachelle Miller යන දෙදෙනාම 2017 දී විවාහයෙන් පරිබාහිර සබඳතාවක් පැවැත්වූ බව මීට පෙර පිළිගෙන ඇත.
එවකට ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull කාලයේදී Kalgoorlie වෙත ගිය රාජකාරී ගමනකදී Alan Tudge විසින් බොහෝ ප්‍රමාද වන තුරු මත්පැන් පානය කරන ලෙස තමාව දිරිමත් කළ ආකාරය Rachelle Miller මීට පෙර සිහිපත් කළාය.
ඇය පසුව අවදි වූයේ අලුයම 4 ට පමණ පැමිණි දුරකථන ඇමතුමකට බවත් එහිදී Alan Tudge සමඟ තමා ඇඳක නිරුවතින් සිටි බවත් ඇය පැවසුවාය.
"මට දැනුනා කවුරුහරි මගේ උකුලේ සහ කකුලේ පැත්තකට පයින් ගහනවා. මම ඇඳේ ඉඳගන්න හදනකොට කෝපයට පත් වූ අමාත්‍යවරයා ඔහුගේ ඇඳෙන් ඉවත්ව යන ලෙස අසභ්‍ය වදනින් මට කීවා." යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"එතකොට මට තේරුණා මම සම්පූර්ණයෙන්ම නිරුවතින් කියලා. මම ඇඳෙන් බිමට වැටෙන තුරුම ඔහු මට පයින් පහර දුන්නා. මගේ දුරකථනය ඔහුව අවදි කළා යනුවෙන් ඔහු මට කෑගැසුවා." ලෙසද Rachelle Miller එම සිදුවීම විස්තර කළාය.