ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සේවකයින්ගෙන් තුනෙන් එකකට සේවා ස්ථානයේදීම ලිංගික අඩන්තේට්ටම් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවා ස්ථානයේ සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ Kate Jenkins විසින් ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තාවේ නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇත.

Prime Minister Scott Morrison and Sex Discrimination Commissioner Kate Jenkins at an International Women's Day Parliamentary Breakfast on February 25, 2021.

Prime Minister Scott Morrison and Sex Discrimination Commissioner Kate Jenkins at an International Women's Day Parliamentary Breakfast on February 25, 2021. Source: AAP

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ලෙස සේවය කරන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්ව ඇති බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳ සකස් කරන ලද පුළුල් ස්වාධීන වාර්තාවක් මේ බව අනාවරණය කළේය.


Highlights

  • ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්ව ඇති බව හෙළිවෙයි.
  • ඔස්ට්‍ර්ලෙලියානු පාර්ලිමේන්තු සේවා ස්ථානවල හිරිහැර කිරීම්, ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් මෙම වාර්තාව විමර්ශනය කළේය.
  • පිරිමින්ට සාපේක්ෂව ඉතා ඉහළ අනුපාතයකින් එනම් 40% කින් පමණ කාන්තාවන්ට එම සේවා ස්ථානවල ලිංගික හිරිහැර අත්විඳීමට සිදුවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින්ට ලිංගික අතවර

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක් වූ Brittany Higgins තමන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවය කරන කල තමන් හට ලිංගික අතවර සිදුවූ බවට සිදුකළ පැමිණිල්ලෙන් පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම ගැටලුව පිළිබඳ විමර්ශනය කෙරුණි.

එහිදී මෙම වාර්තාව ඔස්ට්‍රේලියාවේ Sex Discrimination කොමසාරිස්වරිය වන Kate Jenkins විසින් සම්පානය කරනු ලැබූ අතර එය අද (30/11) දිනයේදී එළිදැක්විණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සේවා ස්ථානයේ ආරක්ෂිත සහ ගෞරවනීය බව සහතික කිරීම මෙම සමාලෝචනයේ අරමුණ බව වාර්තා වේ.

නමුත් එය සපුරාලීමට අපොහොසත් වූ අයුරක් මෙම වාර්තාව මගින් පෙන්නුම් කරන බව Kate Jenkins සඳහන් කළාය.
රටේ ප්‍රමුඛතම සේවා ස්ථානයක් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව අනෙක් සේවා ස්ථානවලට ආදර්ශයක් සහ ප්‍රමිතියක් සැපයිය යුතු බව ඇය පැවසුවාය.

"පාර්ලිමේන්තුව සහජයෙන්ම බලය සම්බන්ධ ස්ථානයක්, බලය අසමතුලිතතාවය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම හරහා හිංසනය, ලිංගික අතවර සහ ලිංගික අඩන්තේට්ටම් ප්‍රධාන වශයෙන් සිදුවන බව ද ඔස්ට්‍රේලියාවේ Sex Discrimination කොමසාරිස්වරිය වන Kate Jenkins මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

වාර්තාවේ නිර්දේශ මාලාව

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවා ස්ථානයේ සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ Kate Jenkins විසින් ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තාවේ නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇත.

ඒවා සැකෙවින් පහත පරිදි වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සේවා ස්ථානවල “හිරිහැර කිරීම්, ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික හිංසනයන් සිදුවන බව පිළිගනිමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන ලෙස එම වාර්තාවෙන් ඉල්ලා සිටින අතර ඒවාට එරෙහිව ක්‍රියා කිරීමට සහ වගවීමට කැපවිය යුතු බවට ඉල්ලා සිටී.

සේවා ස්ථාන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා සියලු පාර්ශවයන් පීඩනයක් එල්ල කළ යුතුය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. 


 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා නව ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම සහ ස්වාධීන පාර්ලිමේන්තු කොමිසමක් මගින් ඒවා බලාත්මක කිරීම.

මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් කැපවන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison අද (30/11) කැන්බරා නුවර මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසුවේය.

මෙම වාර්තාවේ දක්වා ඇති ගැටලුවලට  අපි සියලු දෙනාම වගකිවයුතු සේම ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී ද අපි සියල්ලෝම හවුල් වෙමු යනුවෙන් ඔහු එහිදී පැවසීය.

වාර්තාවේ නිරීක්ෂණ

ඔස්ට්‍ර්ලෙලියානු පාර්ලිමේන්තු සේවා ස්ථානවල හිරිහැර කිරීම්, ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් මෙම වාර්තාව විමර්ශනය කළේය.

ඒ සඳහා පුද්ගලයින් 1,723 ක් සම්බන්ධ කරගත් අතර ඔවුන් වත්මන් සහ හිටපු දේශපාලනඥයන් සහ කාර්ය මණ්ඩලය වේ.

එයින් බොහෝ දෙනා කාන්තාවන් බවද සඳහන්.
සමීක්ෂණය කරන ලද සියලුම පුද්ගලයින්ගෙන් 51% ක පිරිසක් අවම වශයෙන් හිරිහැර කිරීමකට, ලිංගික අඩන්තේට්ටම් කිරීමට හෝ ලිංගික අතවර කිරීමකට ලක්ව ඇත.

පිරිමින්ට (26%) සාපේක්ෂව ඉතා ඉහළ අනුපාතයකින් එනම් 40% කින් පමණ කාන්තාවන්ට එම සේවා ස්ථානවල ලිංගික හිරිහැර අත්විඳීමට සිදුවී තිබේ.

ලිංගික හිරිහැරවලට ලක් වූ පුද්ගලයින්ගෙන් තමන්ට සිදුවූ දේ පැමිණිලි කර ඇත්තේ 11% ක් හෝ දස දෙනෙකුගෙන් එක් අයෙක් පමණි.

තමන් එසේ පැමිණිල්ලක් නොකළේ එම අකටයුතුකම් වෙනස් නොවනු ඇතැයි හෝ කිසිවක් නොකරනු ඇතැයි සිතූ නිසා එලෙස ක්‍රියාමාර්ග නොගන්නා  බව ඔවුන් සිතා සිටී.

පිරිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (24%) හා සසඳන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් (63%) වැඩි වශයෙන් ලිංගික අතවරවලට ලක්ව ඇති බවද මෙහිදී හෙළිවී තිබේ.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service