SKIP TO MAIN CONTENT

Article: රාජපක්‍ෂ පාලන සමයේ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17ක වාර්තා අද මෛත්‍රී අතට

Mahinda Rajapaksha_ Maithripala Sirisena

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් අද දින (ජන 02) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.

බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් දීර්ඝ සාක්කි විභාග කිරීම් වලින් අනතුරුව මෙම බරපතල වංචා සහ දුෂණ පරීක්‍ෂණ වාර්තා 17 සකස් කොට ඇත.

එම වාර්තා 17 ට අයත් ආයතන 17 පහතින්,

1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව.

2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව.

3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව.

4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව.

5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව.

6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව.

7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව.

8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව.

9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව.

10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව.

11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව.

12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව.

13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව.

14. සතොසට අදාළ වාර්තාව.

15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව.

16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව.

17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව.

එසේම රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය ආයතන බො‍හොමයක සිදුවී තිබෙන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් අවභාවිතය, නැවත ඇති නොවීමට අනුගමනය කළයුතු වැදගත් යෝජනා සහ නිර්දේශ රැසක් ඇතුළත් පිටු 1000ක පමණ විශේෂ අවසන් වාර්තාවක්ද අද  දින මේ සමඟම ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now