Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සුපිරි ටෙනිස් ශුරියට සහ වියෝවූ Shane Warne ටත් මෙවර රැජිණගේ උපන්දින ගෞරව සම්මාන (SBS සිංහල/ වාර්තා)

මෙවර රැජිණගේ උපන්දින ගෞරව සම්මාන පිරි නැමීමේදී 669 කට Order of Australia ගෞරව සම්මානය හිමිවූ අතර එයින් 307 දෙනෙකු කාන්තාවෝ වූහ.

Ash Barty and Shane Warne
Ash Barty and Shane Warne have been recognised in the Queen’s Birthday 2022 Honours List. Source: SBS News

2022 රැජිණ ගේ උපන්දින සැමරුමේ දී ඔස්ට්‍රේලියාවේ කොවිඩ් මැඩලීමට දැවැන්ත සහයක් ලබා දුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ චරිත ගණනාවකට සහ ක්‍රීඩා තරු කිහිපයකටම ගෞරව සම්මාන පිරි නැමීම සිදු විය.

එම ක්‍රීඩා තරු අතරින් ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ශුරිය වූ Ash Barty සහ පසුගිය මාර්තු මාසයේදී හදිසියේ වියෝවූ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Shane Warne ද වේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ශුරිය වූ Ash Barty සහ පසුගිය මාර්තු මාසයේදී හදිසියේ වියෝවූ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Shane Warne හට මෙවර රැජිණගේ උපන්දින ගෞරව සම්මාන හිමිවී තිබේ.
  • කොවිඩ් සටනේ නායකත්වය ගත් සුව විරුවන්ටත් මෙවර ගෞරව සම්මාන හිමිවිය.
  • මෙවර රැජිණගේ උපන්දින ගෞරව සම්මාන පිරි නැමීමේදී 669 කට Order of Australia ගෞරව සම්මානය හිමිවූ අතර එයින් 307 දෙනෙකු කාන්තාවෝ වූහ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩා තරුවලට රැජිණගේ උපන්දින ගෞරව සම්මාන

මෙවර තමාට හිමිවූ රැජිණගේ උපන්දින ගෞරව සම්මානය පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බව ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ශුරිය වන Ash Barty පැවසුවාය.

"අපේ රට වෙනුවෙන් පුදුම දේවල් කරන ඔස්ට්‍රේලියානුවන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම අනෙක් සියලුම සම්මානලාභීන්ට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම ගැන මම සුබ පතන්න කැමතියි." යනුවෙන් Barty සිය අදහස් දැක්වූවාය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඇයට අමතරව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ සුපිරිම පා දඟ පන්දු යවන්නා සහ ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විරුදාවලිය ලත් නැසී ගිය Shane Warne හටද රැජිණගේ උපන්දින ගෞරව සම්මානයක් මෙවර ලබා දුන්නේය.

පසුගිය මාර්තු මාසයේදී තායිලන්තයේ සංචාරය කරමින් සිටින විට ඔහු ජීවිතක්ෂයට පත් වූයේය.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු කාන්තා කාන්තා ක්‍රිකට් නායිකා Meg Lanning, හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Doug Walters සහ ගොල්ෆ් ක්‍රීඩක Adam Scott මෙවර Member of the Order of Australia සම්මානයෙන් පිදුම් ලැබුවෝය.

කොවිඩ් සටනේ නායකත්වය ගත් සුව විරුවන්ටත් සම්මාන

කොවිඩ් වසංගතයෙන් ඔස්ට්‍රේලියාව මුදවා ගැනීමට සහ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මර්දනය කිරීමට අපමණ වෙහෙසක් දැරූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නායකත්වය දුන් චරිත සහ ඉදිරිපෙළ සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට ද මෙවර රැජිණගේ ගෞරව සම්මාන හිමි විය.

ඒ අතරින් ඔස්ට්‍රේලියාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Brendan Murphy, ක්වීන්ස්ලන්ත වත්මන් ආණ්ඩුකාර සහ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Jeannette Young, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant ඒ අතර කැපී පෙනේ.

ඔවුන් ඇතුළු පුද්ගලයින් 669 දෙනෙකුට මෙවර Order of Australia ගෞරව සම්මානය හිමි විය.

සම්මාන හා පිළිගැනීම් අපේක්ෂා නොකර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වසංගතය මැඩලීමට විශාල දායකත්වයක් දුන් නිහඬ වීරයින් වීරවරියන් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවේ සිටින බවත් ඔවුන්ගේ එම කැප කිරීම සහ දායකත්වය අමතක කිරීමට නොහැකි බවත් වෛද්‍ය Jeannette Young පැවසුවාය.

Governor of Queensland and former chief health officer of Queensland Health Dr Jeannette Young
Governor of Queensland and former chief health officer of Queensland Health Dr Jeannette Young Source: AAP / JONO SEARLE

කාන්තාවන් වැඩි පිරිසකට ඇගයීම්

මෙවර රැජිණගේ උපන්දින ගෞරව සම්මාන පිරි නැමීමේදී 669 කට Order of Australia ගෞරව සම්මානය හිමිවූ අතර එයින් 307 දෙනෙකු කාන්තාවෝ වූහ.

එනම් එය 46% ක ප්‍රතිශතයකි.

1975 දී මෙම ගෞරව සම්මාන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් ගෞරව සම්මාන ලැයිස්තුවක සම්මාන දිනාගත් ඉහළම දෙවැනි ප්‍රතිශතය මෙය වේ.

මෙල්බර්න් හි ප්‍රජා සේවකයෙකු වන Brigid Arthur හට, විශේෂයෙන්ම සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් සඳහා වන ඇයගේ සමාජ සුබසාධන කටයුතු පිණිස තවත් ඕස්ට්‍රේලියානුවන් 32 දෙනෙකු සමඟ Officer of the Order ලෙස ලබා දී ඇත.

කාන්තාවන් ප්‍රජා ආධාරක ක්ෂේත්‍රයේ විශේෂයෙන් වැදගත් වන අතර ඔස්ට්‍රේලියාව පුරා ස්වේච්ඡාවෙන් කාන්තාවන් දහස් ගණනක් ප්‍රජාවට සේවය කරන බව ඇය පැවසුවාය.



3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now